(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ.
එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.
ඒ සමගම එමර්සන් මහතා විවිධ සංඛ්‍යාලේඛණ හා චෝදනා ඉදිරිපත් කරමින් ඊට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා ඇතැයි ද පැවසේ.
COMMENTS
අගමැතිතුමනි, ඔන්න මහරජාගේ කුලී වහල්ලු එළිවෙනවා රටත් රජයත් රැකගන්න. ඩීල් කාරයෝ ටික ඉවත් කරන්න.
ඉවරවෙලා තිබුණු ප්‍රශ්නේ අායෙත් ඇදලා අරගෙන, මීළඟ ඡන්දේදි වෙනත් පිරිසක් බලයට අාවොත් එකට වල කපන්න හිතාගෙන මේ කට්ටිය ගෙන්නාගෙන, දැන් අපට නිකං සංදර්ශන පෙන්නනවා.
කොන්ද පණ තියෙන කවුරුහරි ඉන්නවනේ..
එමර්සන් මහතා ඉදිරිපත් කල විවිධ සංඛ්‍යා ලේඛන ඔහු ලබාගත් දත්ත ප්‍රභවය ගැන සොයා බැලිය යුතුයි. සමහරවිට ඒවා ලංකාවේ ජීවත් නොවී, බටහිර රටවල පදිංචි වී සිටන දෙමළ ඩයස්පෝරාවෙන් විය හැකියි.
බටහිරට කඩේ යන අය අතරේ කොන්ද පණ ඇති පුද්ගලයෙක් සිටීම ගැන සතුටුයි.
අනේ ඔබතුමා ඔය ඇමතිකමෙන් අයින් වෙලා ඉන්න..
මේ මනුස්සයාට අගමැතිකම දෙන්න.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බලවත් රටවල් කීපයක්.. විශේෂයෙන් යුරෝපා සංගමයේ බළල් අතක් මිසක් ලොකු වටිනාකමක් ඇති සංවිධානයක් නොවේ. ඇමතිතුමා කොන්ද පණ ඇතිව දුන්නු ප්‍රතිචාරයට අපේ ප්‍රණාමය!
විජේදාස මැතිතුමනි, ඔබගේ එඩිතර ප්‍රකාශයට මගේ ප්‍රණාමය පුද කරමි.!!! කවුරු ඔබට දොස් කිව්වත් ජනතාව ඔබ සමග බව විශ්වාසයි.
විජේදාස රාජපක්ෂ කියන්නේ මුල ඉඳලම මහින්ද මහත්තයා පස්සෙන් ගිය කෙනෙක්නේ.. ඔය කට්ටිය සේරම කරන්නේ අහිංසක ජනතාව රවට්ටන එකනේ. රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගාණකට අරගෙනයි තියෙන්නේ...
ඇමතිතුමනි, මගෙන් මල්මිටක් !!!
මේක හරියි කියලා කියන්න බැහැ. තමන්ගේ ලඟට ආපු නියෝජිතයෙක් එක්ක 'උණුසුම් විවාද' නොව එම කියන කරුණු වලට තමන් එකඟ නොවෙන බව කියන එකයි කිව යුත්තේ.
රට ගැන ආගම ගැන හිතන එකම එක ඇමති කෙනෙක් මේ ආණ්ඩුව තුල ඉන්නවනම් ඒ මේ ඇමතිතුමා විතරයි. ඒත් ඔක්කොම ටික එකතු වෙලා එතුමාටම බනිනවා.
මොන පක්ෂය නියෝජනය කළත් කොන්ද පණ තියෙන නායකයෙක් හරි ඉන්නවා කියලා දැන් පුංචි සතුටක් තියෙනවා නම් ජයවේවා... !!!
කවුරු වුණත් රටට හානියක් වෙනදේට විරුද්ධ වෙන එක කිසිම වරදක් නැත . එහෙම විරුද්ධවෙන කෙනා අපට කොහෙත්ම අදාල නැත. පළමුව රට, දෙවනුව ජාතිය, තුන්වෙනුව ආගම. ඉන්පසු ඕනේ කෙනෙක් කඩේ නෙවෙයි අඟහරු ලෝකෙට ගියත් අපට කොහෙත්ම අදාල නැත. තවද තම මව්බිම වෙනුවෙන් නැගිසිටින්නට එහි පුරවැසියන් වන අපට සම්පුර්ණ අයිතිය ඇත.
"අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට කොඳු නාරටියක් තියෙන හොද සිංහලක් පරගැතියෙක් නෙමයි." තමන්ගේ රට,ජාතිය සහ ආගම ගැන හැඟීමක් තියෙන ඔබතුමා වැනි නායකින් අපේ රටට මහත් අභිමානයක්. ඔබට ජය වේවා !!!
රාජපක්ෂවරු කොහොමත් රටට ආදරේ මිනිස්සු ... තමයි.
තවත් රාජපක්ෂ කෙනෙක් කෙලින් කතා කරයි. නියම ශ්‍රී ලාංකීකයෙක්. අපේ නායකයන්ට මුල්ම හේතුව කොන්ද පණ නැති එකයි. අපි සුද්දන්ට යටත් නොවුනු ජාතියක්...
හෙට ඔබතුමාට ඇමැතිකමින් යන්න වේවි.. එ්ත් මුළු ජාතියේම ප්‍රණාමය ඔබට. කොන්දක් ඇති එකම ඇමතිතුමා ඔබයි..
අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔය කොයි කවුරුත් අනවශ්‍ය ලෙස අපේ රටේ අභ්‍යන්තර කරුණු වලට මැදිහත් වෙන එකක් නෑ. ඒ නිසා කලින් රජය කලා වගේ බොරු වීරකම් ලෝකෙට පෙන්වුවාට වැඩක් නෑ. චෝදනාවක් තියෙනවා නම් ඒවා නඩු විභාග කර ඒ චෝදනා බොරුනම් බොරු කියල ලෝකෙට පෙන්වන්න. ඇත්ත නම් වැරදි කරුවන්ට දඬුවම් දෙන්න.
රටට ආදරයක් ඇති කොන්ද පන තියෙන ජනාධිපති පදවියෙන් පිදුම් ලැබිය යුතු උසස් පුද්ගලයෙක්. ඔබගේ මේ ක්‍රියා කලාපයට මගේ හදපිරි ප්‍රණාමය.
ඔය යහපාලනයෙන් ඉවත් වී ජනාධිපති අපේක්ෂකයෙකු වන්න. මගේ ඡන්දය ඔබටයි.
අමැතිතුමා අන්න එහෙම රට වෙනුවෙන් කෙලින් කතාකරන කොට අපේ හිත වලටත් විශාල සන්තෝසයක් දැනෙනවා. අර යටත් වෙච්ච පොලිස් නිලධාරීන් 600 ට වෙච්ච දේ ගැනත් මතක් කරන්න , දැන් යුරෝපයටත් විවිධ ත්‍රස්තවධි කණ්ඩායම් සහ සරණාගතයෝ විශාල හිසරදයක් බවට පත්වෙලා තිබෙන්නේ... මේ අවස්ථාවේ අපි ඔය එක එක්කෙනා කියන යෝජනා වලට ඔළුව පාන්න අවශ්‍ය නැහැ... අපිත් නියම විදිහට සුදානම් වෙලා ජිනිවා වලට ගිහින්, ත්‍රස්තවාදීන්ට විරුද්ධව තානාපති මට්ටමෙන් අවසාන යුද්ධය පටන් ගන්න ඕනේ... දැන් හිලරිලා ගේ බලපෑම් නැහැ. චීනේ, රුසියාව කොහොමත් අපට පක්ෂයි. ත්‍රස්තවාදයෙන් සහ සරණාගත ප්‍රශ්නෙන් බැට කන යුරෝපයෙනුත් එතරම් බලපෑමක් වෙන එකක් නැහැ. ඔබතුමා කෙලින්ම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. උගත් බුද්ධිමත් ඔබතුමාට මේක කරන්න පුළුවන්... ජනතාව ඔබ සමගයි.
හරිම සතුටුයි ඇමතිතුමනි...,
සහන් සහ ක්‍රිස්.., ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෝද? මට විශ්වාස කරන්නත් බැහැ.
ඔය මොන ලෝකෙට කතා කළත් ඕක නොවේ අද අපි ඉන්න ප්‍රධානම ප්‍රශ්නය.... අපිව රටක් විදිහට උකස් කල අය නිසා අද අපි ලෝකේ හැම එකටම ඔළුව පහත් කරන්න වෙලා. අද අපට පොළියට ණය නොදුන්නොත් හෙට ඉදන් රටට කන්න බදු එන්නේ නැහැ. අද අපි හරියට මාළුවා බිලේ කොක්කට අහුවෙලා වගේ ඔය සේරම ජාතික වීරයෝ අපිව විතරක් නොවේ. හෙට උපදින දරුවා පවා ලෝකෙට ලක්ෂ ගණන් ණයයි.
රට වෙනුවෙන් කතා කරන්න නායකයෙක් සිටීම ගැන ආඩම්බරයක්....
කොන්දක් තියෙන ඇමතිවරයෙක් හැටියට ඉන්නේ විජේදාස ඇමැතිතුමා විතරයි. අනිත් අයගේ කතා මිස වැඩ නැහැ.
එදා අැවන්ගාඩ් සම්බන්ධව ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කළා. මේ ආණ්ඩුව බලයට එන්න ජනතාවට දුන්නු පොරොන්දු අතර දූෂිතයින්ට දඬුවම් දීමත් එක පොරොන්දුවක්. අද රජය ගෙනියන සංහිඳියා වැඩපිළිවෙලට අකුල් හෙළනවා. මේක වීරකමක් නෙමෙයි. අඟේ ඉඳන් කණ කෑමක්. උකුණත් ඔය වගේම ඔලුවේ ඉඳගෙන ඔළුවම කනවා. එ.ජා.පෙ. ජාතිවාදී පක්ෂයක් නොවන නිසා, මෙතුමාට වටින්නේ හෙළ උරුමය හෝ බොදු බලේ වගේ අන්තවාදී පක්ෂ තමයි.
ජය වේවා ඔබට. ජනතාව ඔබ සමග.