ඉන්දිකා රාමනායක
 
මියන්මාරයේ  රෝහින්ග්‍යා සරණාගතයින්  මෙරටට  පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට  සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි.
 
ජාතිවාදය ඇවිස්සීම සඳහා අන්තර් ජාලයේ හා සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි  අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.