හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල සිදුව අද  සවස ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර තිබුනි.
 
ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.
 
 අනතුරින් තුවාල ලැබු පිරිසේ කාන්තාව සිව් මස් ගැබිනියක් බවද  කියයි. ආණමඩුව රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේ අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටි බවයි .
 
 මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියයි. අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට  පැන ඇති බව කියයි.
 
 සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා  ඇති අනුර සෙනරත් මහතාගේ සොහොයුරා වන එච් .එම් . හේරත් මහතා පවසා සිටියේ
 
 “ අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා ට ඇයි මේ විදිහට අනතුරක් කලේ  කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු  බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා .රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා .මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ  කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා . මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා යැයි ඔහු පැවසිය.
 
 අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි තිබුනී . එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.