දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
COMMENTS
ඔන්න නියම දේශපාලකයෝ. බලමු "ඔය කෙහෙල්මල් රථවාහන ඕන නෑ, ජනතාව වෙනුවෙන් කැපවී ටිකක් දුක් විඳගෙන වැඩ කරමු" කියල නියම තීරණයක් ගන්න හැටි.
ඕක කරන්න තිබුනේ ගංවතුරට කලින් මයි. රජයේ මුදලින් (ඒ කියන්නේ ජනතා බදු මුදලින්) රාජ්‍ය සේවකයන්ට, දේශපාලකයන්ට වියදම් කිරීමේදී උපරිම සීමාවක් තිබිය යුතුයි. අපි බදු ගෙවන්නේ රටේ දියුණුවට සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මිස අතලොස්සකගේ සුඛවිහරණයට නෙමෙයි නේ.
අනේ ලොකු දෙයක්. මේ දවස්වල ගේන්න එපා. කැඩුන පාරවල් හැදුවහම ගේන්න.
පසුව හොරෙන්ම ගෙන්වා ගනිමු හා ද
එහෙම කරලා කොහොමද එතකොට සහනාධාර බෙදන්න යන්න බැරි වෙනවනේ...!
තනිකරම ප්‍රෝඩාවක්. මේ ආපදාව ඉවර වුනු ගමන් ඔවුන් ඒ වාහන වලින් ඉගිල යාවි. මේ බොරුව සාමාන්‍ය ජනතාව හොදින් තේරුම් අරගෙන තියෙන්නේ.
මේ වගේ හරි නවත්තපු එක ගැන සතුටුයි. නමුත් මේක වතුර යට බෝලයක් හංගපු වගේ නෙවයි. නැවත මතු වෙනවා
මේ හදන්නේ මිනිසුන්ව රවටන්න. දැන් ඔඩර් කරාම මාස කිහිපයකට පස්සෙනේ වාහන ටික එන්නේ. අනුකම්පාවට එහෙම කරනවානම්, මේ මුදලින් කොටසක් හරි විපතට පත් වූවන්ට දෙන්න තිබුනනේ. මොකෝ දැන් මේ ඇමතිලා යන්නේ බස්වලද ? දැනටමත් හොද වාහන 2 ක් වත් අඩුම තරමේ තියෙනවනේ.
වාහන එපා ..දැන් අමතිලට ඕනි helicopter කියල හෙළිකොප්ටෙර් දේවිද දන්නේ නැහැ මොකද ගංවතුරට අහුවෙලා ඉන්න ජනතාව බලන්න උඩින් යන්න ඕනි කියාවි.
රටේ ඒකපුද්ගල අදායම , නිෂ්පාදන , අපනයන හා විදේශ සංචිත වැඩි වෙනකම් මැති ඇමති වරුන්ට වාහන ගෙන්වන්න එපා .
අනේ පව් අපේ මැති ඇමතිවරු. ඔවුන් හරි දුප්පත්. පදිංචියට නිවසක් නැහෙ. ජනතාවට සේවය කරන්න වාහන නැහෙ.
හොඳ ක්‍රියාවක්. හැබැයි ගංවතුර බැස්ස ගමන් වාහන ගෙන්නන්න මහින්ද අමරවීර වාගෙ ඇමතිවරු උත්සාහ කරාවි. ඒක වළක්වන්න ගයන්ත කරුණාතිලක වාගෙ ඇමතිවරු මැදිහත් විය යුතුයි.
පරිපුරක ඇස්තමේන්තුව ගොඩ දාගෙන නේ තියෙන්නේ .... පස්සේ හෙමිට ගෙන්නන්න... අපි ඉතින් ඔයාලගේ ගැට වලට කොහොමත් අහුවෙලා ඉවරයි ....
අවලංගු කරන්න බැරිවෙයිද, අත්හිටුවල වැඩක් නැහැ අවලංගු කරලා ඒ සල්ලි අහිංසක විපතට පත් මිනිස්සුන්ට දුන්නනම් හොදයි
මොන මුසාවක්ද මේක? ගංවතුර බැසගියාම මේ වාහන නැවත ගෙන්වයි. විය යුත්තේ මෙම වාහන සඳහා වෙන්කළ මුදල් සියල්ල ගංවතුර විපත් සඳහා යෙදවීමයි.
අපේ ඇමතිවරු කරන කාර්යයන් මොනවද කියල සාමාන්‍ය ජනතාව දැනුවත් වීමක් නැහැ. මිලියන ගණන් වල කතා T.V වල කියනවා. නමුත් ප්‍රතිඑලයක් නැ. ප්‍රධාන පක්ෂ දෙකේ අර්බුද රටේ අර්බුදයක් වගේ හුවා දක්වල තමන්ගේ ආර්ථිකය ගොඩ නගා ගන්නවා ගොඩක් දෙනෙක්. මෙච්චර විපතක් වෙලා තියද්දීත් සමහරු වැඩ කරන විදියට එක හොදට ඔප්පු වෙනවා.... කෝ රට ගොඩ නගන සැලැස්මක්..? නිකන් කතා පමණි. අඩුම තරමේ ගෙදරක කුණු ටික කළමනාකරණය කරන්න ඕනි විදියවත් රජය මැදියත් වෙලා කරන්නේ නැහැ. අපෙන් බදු සල්ලි එයාලගේ වගේ වියදම් කරනවා... එතින් ලංකාව හැමදාම එක තැන.
ගංවතුර බහිනකල් ද
බොරුවට දැන් වාහන gena
ගංවතුර ආධාර වලින් දිය ගොඩ දෙකේම යන වාහන ටිකක් පහුවෙලා ඕඩර් කරන්න පුලුවන්න්නේ?
බොරුවට දැන් නවත්වලා තව මාස කිහිපයකින් වාහන ටික ලස්සනට ගෙනෙයි අමරවීරලා කිව්වේ නැහැනේ කවදාවත් වාහන ගෙන එක නවත්වලා එම මුදල් ගංවතුර ආධාර සදහා යොදවනවා කියලා හැමදාම අසරණ ජනතාව පරාදයි සහනාධාර වලට කෝටි 4 වාහනවලට කෝටි 38 කරුමේ කියන්නේ ජනාධිපති කියන පුද්ගලයාටවත් මේවා නොතේරෙන එකයි ලුසේනා නවසීලන්තය
අනේ පව් දුප්පතුන්ට ත්‍රී වීල් එක ගානේ දෙමු නේද?
කාගෙන් ආවත් මේක නම් කාලෝචිත, වැදගත් පුවතක් ! ගංවතුර සහනාධාර වශයෙන් රුපියල් කෝටි ගණනාවක් එම අරමුදලට එකතු කර ගැනීමට පුළුවන් වෙනවා, අසරණවූ ජනතාවට බෙදාදීම සඳහා ! ඒ අතරම, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු සහ ඇමතිවරු සියලු දීමනා සහිතව මාස තුනක සම්පුර්ණ වැටුප, ගංවතුර සහනාධාර අරමුදලට බැරකලොත්, මේ සිරිලක් පොළොවෙන් මුළු ලොවටම උතුම් ආදර්ශයක් දීමටත් පුළුවන් වෙනවා ! කොහොම උනත්, ගංවතුර බැස ගියාට පස්සේ, කොළඹ සහ හම්බන්තොට වරායවලට නැව් පුරෝලා, මැති ඇමැතින්ගේ සුකෝපභෝගී වාහන ගෙන්වුවොත්, එය මේ ගංවතුර මෙන්ම මහජන අප්‍රසාදයට පත් වෙනු ඇත !!!!
වහාම ගෙන්වන එක නතර කරලා... හොරෙන් ගෙන්වීම හෝ තව දින කිහිපයකින් ගෙන්වීම කරාවි... අපි නොදන්නවායැ ඉතින්.... නව රජය ගැන...
හිතක් පපුවක් නැති "මිනිස්සු"! ලංකාවේ පමණයි