IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ඇමැතිනී විජයකලා සමාජයෙන් සමාව ගත යුතුයි


 
(සුජිත් හෙවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)


මහජන නියෝජිතවරියක් විදියට බෙදුම්වාදය ආවඩන ප්‍රකාශයක් කිරීමට විජයකලා මහේෂ්වරන්  මහත්මියට කිසිදු අයිතියක් නැති බවත් ඇයගේ මේ ප්‍රකාශය ගැන මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.


හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (3) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති  සාකච්ජාවකදීය.


විජිත හේරත් මහතා එහිදී මෙසේද පැවසීය.


විජයකලා මහේෂ්වරන්  මහත්මිය කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. මෙය බරපතල ප්‍රකාශයක් මහජන නියොජිතවරියක් විදියට ඇයට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. රට බෙදීමට සහය නොදෙන බවට සියලුම මන්ත්‍රීවරුන් ප්‍රතිඥාවක් දෙනවා.

ඇය ඒ ප්‍රතිඥාව කඩ කළා. මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. ඇය ගැන වහා පරීක්ෂණයක් කරලා පියවරක් ගත යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවා වහාම පියවරක් ගන්න. එහෙම නොකළහොත් නරක පුර්වාදර්ශයක් ඇතිවේවි.


මෙවැනි ප්‍රකාශ තවත් අයගෙන් ප්‍රකාශ වුණා. අද රට ආරාජික වෙලා තැන් තැන්වල මීනීමරනවා  බැංකු කඩනවා. එල්ටීටීඊය මානව හිමිකම් ආරක්ෂා කළේ නැහැ එල්ටීටීඊය කරපු කෘෘරකම් අප දැක්කා. දරුවන්ට වෙන හිරිහැරත් දැක්කා.  

එල්ටීටීඊයෙන් දරුවන්ට රැකවරණය ලැබුණේ නැහැ. ඇය මේ ප්‍රකාශය කළේ ජනපති ජංගම සේවයකදීය. තවත් ඇමැතිවරු දෙදෙනකු එතැන හිටියා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරයත් කිව යුතුයි. ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.



අදහස් (20)

ඇමැතිනී විජයකලා සමාජයෙන් සමාව ගත යුතුයි

nuwan Tuesday, 03 July 2018 02:50 PM

සමාව ගත්තොත් හරිද? අැයි එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? කෝ දැන් ජවිපයේ දේශප්‍රේමී බව.. රටගැන හිතන , සියලු ශ්‍රී ලාංකිකයන් ගැන හිතන දේශප්‍රේමී කම කෝ..? මොකද එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුවේ මුළු ලංකාවේම ශ්‍රී ලාංකිකයෝ .. දැන් මොකද ජවිපයට වුනේ.. අනුරකුමාර තමයි මෙතුවක් කාලෙකෙට ජවිපයේ එකේ බිහිවූ දුර්වලම නායකයා.

:       1507       5168

ධනුෂ්කTuesday, 03 July 2018 04:45 PM

නුවන් ඔබ කතාවේ මුල විතරයි කියලා තියෙන්නේ අග කියවලා නෑ. ඉතාලියේ හිටපු දරුණු එ්කාධිපතියකු වු මුසෝලිනි වරක් කිව්වා "මමනම් රාජ්‍ය වෙමි රාජ්‍ය වෙමි කියලා" ඔබත් රාජපක්ෂවරුත් හිතන්නේ එහෙම. රාජපක්ෂලට වන්දිබට්ටකම් කරනවනම් දේශප්‍රේමින් විරුද්ධනම් දේශද්‍රෝහින් එ්ක මාර කතාවක්නේ රාජපක්ෂවරුන්ගෙන් තොර දේශපාලනයක් ලංකාවේ කරන්න බැරිද? එහෙම කරොත් ඔවුන් කොටිද? හැම දේටම කොටි. මොන මිනිස්සුද මන්දා මේ.රටයි රාජපක්ෂලයි කියන්නේ දෙකක් එකක් නෙමෙයි

:       349       406

ධනුෂ්කTuesday, 03 July 2018 05:02 PM

මේක හරි කතාවක්නේ අැයගේ කතාව හෙලා දැකලත්, නීතිය ක්‍රියාත්මක කරන්න කියලත්. තව මොනවද කියන්නේ. හරියට අර නෝනයි මහත්තයයි බූරුවෙක් අරගෙන නෝනව බූරුගේ පිට තියලා. මහත්තයා පයින් යද්දි මිනිස්සු නෝනට බැන්නලු මහත්තයා පයින් යනවා කියලා. පස්සේ මහත්තයා බූරුවා පිටේ නැගලා යද්දි බැන්නලු නෝනා පයින් යනවා කියලා. පස්සේ දෙන්නම බූරුවා පිටේ නැග්ගහම පව් අර බූරුවා කිව්වලු. පස්සේ දෙන්නම බැහැලා පයින් යද්දි කිව්වලු අන්න මෝඩයො දෙන්නෙක් බූරුවෙක් තියාගෙන පයින් යනවා කියලා. පස්සේ දෙන්නා එකතු වෙලා බූරුවා කරේ තියාන ගියලු.නුවන්ගේ අදහස දැක්කම මේ කතාව මතක් වුනා

:       262       303

abaranTuesday, 03 July 2018 11:42 PM

මහත්තයෝ...දේශප්‍රේමිත්වය කියන්නේ ජාතිවාදය අවුස්සලා මෝඩ මිනිස්සු ඉදිරියේ බෙරිහන් දෙන එක නෙවෙයි....මේ කියනා දේවල් අපේ සිංහල දෙස්පාලකයොත් මුස්ලිම් දේශපාලකයොත් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කරනවා...මෝඩ ජනතාවගේ ඡන්දය ලබාගත හැකි පහසුම ක්‍රමය එයයි...අනුර කුමාරත් ඔයාකාරයට කෑ ගැහුවොතින් ද එයාටත් කොන්දක් තියෙන බව පෙනෙන්නේ....නො එසේනම් විජේවීරගේ කාලයේ මෙන් මිනී මරන්නට පටන් ගත්තොත්ද දුර්වල නොවන බව පෙනෙන්නේ..අනුර කුමාර ගැන ඔබට ඇත්තේ කුහක, ඊර්ෂියාවක් බව පෙනේ....

:       152       134

athuraWednesday, 04 July 2018 03:09 AM

ඔන්න ජවිපෙ එක මහින්ද දිනවන්න වැඩ කලානම් අවුලක් නැහැ. එහෙනම් දේශප්‍ර්මි.

:       156       169

samankWednesday, 04 July 2018 04:23 AM

මහින්ද දිනවන්න ඔය වගේ සිල්ලර කඩකාරයන්ව ඕනේ නැහැ එක මහජනතාව බලා ගනී.

:       228       125

Sanath KandyWednesday, 04 July 2018 08:37 AM

2005 හැමෝම මගහැරිද්දී මහින්ද දිනෙව්වේ ජවිපෙ. ඒ එදා මුලික උවමනාව වෙලා තුබුණේ ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා. දැන් වටේ ඉන්න කවුරුත් ඒ වෙලාවේ උදව් කලේ නෑ.

:       0       0

surath Tuesday, 03 July 2018 03:06 PM

ඕගොල්ලොත් මෙවැනි දේ වලට වගකිව යුතුය . ප්‍රකාශයට ඉස්තුතියි.

:       0       41

wasantha bandara Tuesday, 03 July 2018 03:09 PM

සමාව කියන්නේ බොලේ දාලා දැන් බේරගන්ඩ හින් සැරේ ප්ලැන් එක වගේ.

:       0       26

Thilina Tuesday, 03 July 2018 03:38 PM

මෙයා මේ ගොල්ලන් කරපු මිනීමැරුම්, බැංකු මංකොල්ල කෑම්, දේපල විනාශ කරපු දේවල්වල පව් සෝදනවා.

:       513       532

සේනක Wednesday, 04 July 2018 07:27 AM

බය වෙන්න එපා මේගොල්ලන්ට බලයක් දෙන්න තරම් රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි. අපි නොදන්න ලයිව්...

:       0       0

ධනුෂ්ක Tuesday, 03 July 2018 03:47 PM

මහත්තයෝ කවුරු අවලාද නැගුවත් අපි පුද්ගලිකව දන්නවා ඔබලා ඔතන ඉන්නේ විශාල කැප කිරීම් කරලා කියලා. ඔබලා හය දෙනා හරි ඔතන නොසිටින්න... අද අාණ්ඩු හිතේ හැටියට බල්ටි ගහනවා. අවලාද නගන්නන්ට නොතේරුණාට අපි දන්නවා ඔබලාටත් ඔතන නොසිට අැමතිකමක් ගෙන අාණ්ඩුවකට හේත්තුවෙලා සැප විඳින්න පුළුවන්කම තියෙද්දිත්. ඔබලා හදවතින්ම රට වෙනුවෙන් සිටිනවා. මට මතකයි යුද්ධය කාලේ මහින්ද මහත‍ාගේ අාණ්ඩුවට සහය දුන්නා. හැබැයි ඔහු බලයේ සිටිද්දීම අැමැතිකම් දාලා එළියට අාවා. එ් දේ නොකර අැමති සැප ලබමින් ඔවුන් සමග හිටියා නම් අද රටට මොනවා වෙයිද?

:       1779       2314

Bamunuarachchi Tuesday, 03 July 2018 05:23 PM

එහෙම බලන්ගියොත් පළමුව සමාජයෙන් සමාව ගතයුත්තේ ජවිපෙ ගොයියෝ.

:       38       69

සෙනෙවි Tuesday, 03 July 2018 07:11 PM

තිළින මහතානෙනි එම මිනී මැරුම් වසර 30 කට ප‍ෙ රසිදුවූ විශාල චේදවාචකයක ප්‍රතිපලයි. ඒ කාලේ රටේ තිබුනු ප්‍රජාතන්ත්‍ර විරොධි වැඩවලට ප්‍රතිචාර තමයි ඒ. දැන් ඒව කතා කරන්න‍ෙ කුහක කමට සහ හිත හදාගන්න බව අප හොඳටම දන්නවා . ඔවුන් කරනු ලබන හොඳ ප්‍රගති්ශීලී වැඩ සම්බන්දව හිත රවටන්න ඔය කතා කියවෙනවා. මිනී නොමැරැවේ කවුද? ඔබ කියනා මිනීනොමැරුව අය හොඳද? රට වසර 70 ක් තිස්සෙ ආ‍පස්සට යන හැටි නොපෙනේද? බැඳම්කර මගඩි , ඔය කියනා චයිනා හාබර් ගනුදෙනු බොරුද? ඒ මිනී නොමැරුව අයගෙ කෙරුවාව නේද?

:       13       9

ranjith Tuesday, 03 July 2018 11:28 PM

ජවිපෙ ඔය ගොල්ලොත් එල්ටීටීඊ හිතවාදී සුමන්තිරන් වැනි කොටි අවතාර වලට රතු කමිස අන්දවා ඔවුන් සමග පසුගිය දවස් වල යාපනයේදී පෙළපාලි ගිය එක ගැන මුළු ජාතියෙන්ම සමාව ගත යුතයි. ඔයගොල්ලෝ කරපු වැඩෙත් විජයකලා කරපු වැඩෙත් වැඩි වෙනසක් නැහැ.

:       35       33

Keppetipola Wednesday, 04 July 2018 01:57 AM

ජවිපෙ හරි සැහැල්ලුවෙන් කියනවා සමාව ගත්තම සේරම හරි කියල. ත්‍රස්තවාදයට සහයෝගය දෙමින් මෙවැනි ප්‍රකාශ කරන විජයකලා වැනි අයගේ මන්ත්‍රී කම අහෝසි කර වහා නීතිය එදිරියට ගෙන සිරගත කල යුතයි. තමන්ගේ නායකයා විජේවීර මැරුව අයට විරිද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව උඩ බලාගෙන හිටපු ජවිපෙ මිනිසුන් රවටනවා මිස රටට කරන සෙතක් නොමැත.

:       108       171

Ajith NissankaWednesday, 04 July 2018 04:12 AM

එතකොට මුළු රටම උලාකාලත් ඔයාල වගේ අයගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආයෙත් පත්වෙලා 2020 වෙනකල් කට්ටිය ඉන්නේ මාර සැහැල්ලුවෙන්. එතකොට ජාතිවාදය අවුස්සලා රටම ගිනිතියලා ඔය කට්ටිය වැදී බන කිය කිය ඉන්නේ මාර සැහැල්ලුවෙන්. එහෙම එකේ ඇමැතිනී විජයකලාත් ඉදිවී සැහැල්ලුවෙන්.

:       3       33

නුවන් Wednesday, 04 July 2018 02:18 AM

සියයට දාහක් ධනුෂකගේ අදහසට එකඟයි

:       175       114

kalani Wednesday, 04 July 2018 05:13 AM

මහත්වරුනි, විජිත සහෝදරයාගේ සම්පුර්ණ ප්‍රකාශය කියවන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැදවන්න ඔහු යෝජනා කරනවා. වගකිවයුතු මන්ත්‍රීවරයෙක් ලෙස " අල්ලලා හිරේ දමාපන්" කියල කියන්න අවශ්‍ය නැහැ. විනය පරීක්ෂණවලදී ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කරයි. අනෙක අනුර කුමාර දුර්වල නායකයෙක් කියන්නේ දේශපාලනය , [අ ආ] නොදන්නා පොඩි ළමයෙක්. ජවිපෙ 6 දෙනා නැත්නම් රට උලාකාලා අවසන්. පාර්ලිමේන්තුව ඇතුලේ කතානායකවරයාට අවනත නොවී බල්ටි ගහන හොල්මන් කාරයෝ තමා නියම දේශප්‍රේමින්.

:       46       70

sathyapal Wednesday, 04 July 2018 09:08 AM

දේශප්‍රේමය කියන්නේ අද කාලේ හොරුන්ට කියන පර්යාත පදයක් වෙලා .තමන්ගේ හොරකම් මිනීමැරුම් වෙනත් අපරාධ දුෂණ වහගන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන මේ තක්කඩි රැල මෝඩයන් රවට්ටවන්න තමයි මේ දේශ ප්‍රේමය පාවිච්චි කරන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන
2025 පෙබරවාරි මස 14 601 1

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්


පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
2025 පෙබරවාරි මස 14 727 0

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍ය


විදුලි කප්පාදුව අත්හිටුවයි
2025 පෙබරවාරි මස 14 248 0

විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.


පා.මන්ත්‍රිගේ රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට
2025 පෙබරවාරි මස 14 2028 6

ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙ


හිටපු ප්‍රා.සභාපතිගේ ඉඩමකින් නිතී විරෝධි ගිනි අවියක්
2025 පෙබරවාරි මස 14 550 0

මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමඟ අයෙක් ඊයේ (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල


අද පාසල්- පන්ති නැතැයි බොරු පුවතක් යවලා
2025 පෙබරවාරි මස 14 877 2

පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය ක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 188 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 929 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site