IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක්

රංජන් කස්තුරි
 
විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය.


දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි අතර ඔවුන්ට මසකට රුපියල් 10,000 ක පමණ මුදලක් උපයන විට ගෙවන බදු ලෙස ගෙවීමට පවා සිදුවන බවද ඔහු කීය.


සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් ලබන දුම්රිය සේවකයින්ට තවත් වැටුප් වැඩි කිරිමෙන් රාජ්‍ය සේවයේ අංශ ගණනාවක වැටුප් විෂමතා මතුවන බවද හෙතෙම සඳහන් කළේය.


දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට අයත් නිලධාරීන්ගේ මාසික ආරම්භක මුලික වැටුප 44,600 ක් වන අතර ඔවුන් එය රුපියල් 56205 දක්වා වැඩිකිරිමට කරන ඉල්ලීම අසාධාරණ බවද ඔහු සඳහන් කළේය.


ඉංජිනේරු, ගණකාධිකාරි, ක්‍රම සම්පාදන, වස්තු විද්‍යාඥ, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු කාර්මික සහකාර,පොලිස් අධිකාරි,ආදි වෘත්තිය සේවාවන්ට අයත් නිලධාරින්ගේ මෙම පරිපාලන නිලධාරීන්ට මෙවැනි මුලික වැටුපක් හිමි නොවන බවද ඔහු කීය.



අදහස් (19)

ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක්

amila Thursday, 09 August 2018 12:04 PM

ලක්ෂ ගණන් පඩි දීලත් වෙලාවට සේවාවක් නෑ. මිනිසුන්ගේ ජීවිත පිලිබඳ තැකීමක් නෑ මාසෙකට දෙපාරක් වර්ජන වර්ජන. ජනපතිතුමනි හැකිනම් දුම්රිය දෙපාර්තමේන්තුව විසුරුවා හැර සියලුම සේවකයන් අනිවාර්ය විශ්‍රාම යවන්න. දෙපාර්තමේන්තුව නැවත අලුතෙන්ම ගොඩ නගනතුරු හමුදාවට දුම්රිය භාර දෙන්න.

:       55       451

Praba Thursday, 09 August 2018 12:15 PM

ඕස්ට්‍රේලියාවේ සේවය කරන අපේ වෛද්‍යවරයෙක් අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 10ක වැටුපක් ගන්නවා. ඒ වගේ වැටුපකට රට නොයා ලංකාවේ නතර වුන වෛද්‍යවරුන්ට ගරු කලොත් හොඳයි නේද?

:       500       285

DeshapriyaFriday, 10 August 2018 01:58 AM

දොස්තරලට විතරද පඩි වැඩි එතකොට අනිත් ජොබ් වලටත් එහෙමනේ ,අනිත් අයටත් අපි ගරු කරමු .. ලංකාවේ වෛද්‍යවරයෙක්ට කොපමණ මුදලක් වැය කරනවාද රටේ සල්ලි ඔව්න් ඒ තත්ත්වයට ගන්න ...? එහෙමනම් වෛද්‍යවරු එම ගෞරවය තියාගෙන වැඩකරන්න ඕන .එක යුතුකමක්... හවසට මුදලට වැඩකරනකොට කිසිදු ප්‍රශ්නයක් නැහැ නේද ?..ඔක්කොම ප්‍රශ්න ඉස්පිරිතාලයේ ලෙඩ්ඩු සමඟ නේද ...ඒ මදිවට දේශපාලන අතකොළුවක් වෙලා කියල මුළු රටම දන්නවා.. දුම්ම්රිය සේවකයන්ට මගීන් දුන්න උත්තරය වෛද්‍යවරුන්ටත් එන බව මතක තබාගන්න .... රජයට හදන්න බැරි අයව ජනතාවට හදන්න පුළුවන් එක දවසෙන් ...

:       26       447

Dr.RanjanFriday, 10 August 2018 02:34 AM

ඒ ලක්ෂ දහයෙන් කොච්චර ටැක්ස් ගේනවාද කියලා කිව්වොත් හොඳයි නේද?

:       1       21

තිලිණ Thursday, 09 August 2018 12:29 PM

තමන් කරන සේවයට සරිලන වැටුපක් ලැබීමට සැමට අයිතියක් ඇත. එසේම තමන් ලබන වැටුපට සරිලන වැඩ කිරීමට ඔබට වගකීමක් ඇත. අනුන්ට කරදරයක් නොවන පරිදි වැඩ කිරීම මහත්මා ගතියකි!

:       0       137

Nuwan Thursday, 09 August 2018 12:49 PM

මිනිස්සු හොද පඩි ගත්තට කමක් නැහැ. දක්ෂතාවයට , නැතුව කල්ලි ගැහිලා තවත් එකෙකුට එන්න නොදී උද්ඝෝෂණය කරලා නෙමේ . දුම්රිය රියදුරු කියන්නේ මේ 21 වැනි සියවසේ මහා අමුතු රස්සාවක් නෙමේ ඒ නිසා මෙවැනි රැකියා සුදුසුකම් සහිත සියලු තරුණයන්ට විවෘත වෙන්න ඕන

:       24       412

dhamneth Thursday, 09 August 2018 12:50 PM

මේ සෑම වෘතියකටම මුලික අඩිතාලම දමන්නේ පාසලින් පාසලේ අවුරුදු 13ක් ගතකරනවා.පාසලින් දෑස පාදනවා කියා කියමනක් තිබෙනවා.ලතින් භාෂාවෙන් පාසල හදුන්වන්නේ අල්මමෙටා කියා.එහි තේරුම පාසල මගේ දෙවෙනි මව කියා.ජිවිතයේ මුලික අඩිතාලම සකස්කරන ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන්න කියා කිසිවෙක් කියන්නේ නැහැ නේද .අඩු තරමේ ගුරුවරුවත් තමන්ගේ වැටුප් වැඩිකරන්න කියා ඉල්ලීම් කරන්නේ නැහැ. නේද .ගුරුවරයෙකුගේ මුලික වැටුප රු. 40000ක් වෙන්නේ අවුරුදු 20ක් පමණ වැඩකලහමලු.නමුත් මේ අයත් හොදින් ඉන්නවන.සමාජ සේවා වැඩත්කරනව.ගෙවීමක් නොකරන ස්වෙජ්ජ අයතනවල තනතුරුත් බොහෝවිට ගුරුවරුන්ටම පවරනවා.පොදුවේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන වෙලාවක මිසක් ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරමක් නැහැ.නරකද යහපත් ගුරුවරයෙක් ආදර්ශයට ගත්තොත් සෑහීමට පත් නොවන ඇත්තන්ට

:       35       357

laksman Thursday, 09 August 2018 01:05 PM

දැන් තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවානේ.එයට අනුව මේවා මෙහෙයවන දේශපාලකයන් රටට හෙලිකරන්න.

:       1       85

gamage Thursday, 09 August 2018 01:31 PM

අනේ මන්දා, වර්ජනය කරන අය කියන්නේ බැංකු ණයක්වත් ගන්න ඉල්ලන්න බෑ එයාලගේ පඩියෙන්. සල්ලි ලැබුනට සමහර ඒවා බැංකු ස්ථිර ආදායම් කියලා පිළිගන්නේ නෑනේ. මට තේරෙන විදියට මෙතන වෙන්න ඕන තියෙන ආදායම බැංකු පිළිගන්න විදියට පඩිපතට පෙන්නන එක

:       0       32

සතයපාල Thursday, 09 August 2018 01:45 PM

පසුගිය කාලයේ මේ අය තමන්ගේ තනතුර දුම්රිය රියදුරු වෙනුවට දුම්රිය නියමු ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කරන්න හේතුව මේකයි. ඇත්තම තමයි වැටුපේ හෑටියට තනතුරේ නමත් ගැලපෙන්න එපැයා.

:       0       11

PereraThursday, 09 August 2018 03:53 PM

පෞද්ගලික බස් නියමුවා, ත්‍රිරෝද රථ නියමුවා, ගුවන් නියමුවා, මෝටර්සයිකල් නියමුවා, නියමයිනේ

:       0       16

pakeer Thursday, 09 August 2018 02:37 PM

කෝච්චි එපා. ඔහොමම පඩි නැතුව ගෙදරට වෙලා ඉන්න කියන්න. අපි කොහොමහරි මාසයක් මේ කට්ට කන්නම්. එතකොට බලන්න පුළුවන් ඔය අය කන බොන හැටි.

:       83       110

Ruwan Friday, 10 August 2018 12:44 AM

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ වගේ ආකල්ප තියෙන ජීඑම්ඕඒ එකක් නෑ. අනික ඕස්ට්‍රේලියා ඇවිත් වැඩ කරන්න ලේසි නෑ. එන්න පුළුවන් අය‍ට යන්න එපා කියල නෑ. මෙහෙ පෙර්මිට් නෑ. විශේෂ මොකුත් නෑ . ටැක්ස් කට් නෑ. කාටත් නීතිය එකය.

:       41       14

Bamunuarachchi Friday, 10 August 2018 02:33 AM

ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක්ලු තවත් ඉල්ලනවානම් සුදු වෑන් එකක එකාගෙන යමු.

:       0       12

wedage Friday, 10 August 2018 03:55 AM

ලක්ෂ ගණන් කිව්වට හතලිස් දාහක් තමයි මූලික වැටුප. අනිත් දේවල් මහන්සිවෙලා නිදිවරාගෙන උපයන දේවල්. ඔයිට වැඩිය රට කන ගමන් ලක්ෂ පහ හය ගන්න අය ඉන්නේ.

:       49       51

saminda Friday, 10 August 2018 04:38 AM

අපි මාසික ප්‍රවේශ පත්‍ර අරගෙන බස් එකේ යනවා ඒවායේ පාඩුවත් අපිට තමයි ඔය කෝච්චි කවදාවත් වෙලාවකට දුවන්නේ නැහැ. දේශපාලන පත්වීම් තමයි මේ ඔක්කොටම හේතුව.

:       0       0

දිලුම් Friday, 10 August 2018 04:53 AM

මොනවත් මේවට කියන්න දෙයක් නෑ. මේ වගේ තත්වයක ඉදලත් මේ තරම් තුච්ඡ ඉල්ලීම් කරන අයව පන්නා මේ සියල්ල පුද්ගලික අංශයට විකුනා හො සේවයක් මහජනයාට ලබාදීමට කොන්ද ඇති නායකයෙක් ලැබේවා.! යන්න මගේ පැතුමයි. එතෙක් අපේ විරෝදාර හමුදා සහෝදරයන් මේ සේවයට පුහුණු කර යොදවන්න. එතකොට නිකම්ම කටවහගෙන තියන පඩියට වැඩ කරයි.

:       0       5

kalani Friday, 10 August 2018 08:25 AM

සුද්දන් හදල දීපු කොච්චි පාර නවීකරණය කර දියුණු ප්‍රවාහන සේවයක් ලබාදෙන්න බැරි පාලකයෝ දුම්රිය සේවකයින් ලක්ෂ ගණන් පඩි ගන්න බවට අසත්‍යය ප්‍රචාරය කරනවා. හැම දුම්රියක්ම පැය තුන හතර ප්‍රමාදයි. ඉතින් සේවයේ නියුතු සෑම සේවයකුටම වැඩ නැතිවත් අතිකාල වැටෙනවා. ඉතින් සේවකයෝ මොනවා කරන්නද?

:       27       0

Dissanayaka Friday, 10 August 2018 10:46 AM

මේ අයට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ මහජන බදු මුදල් වලින්... මෙච්චර වැටුපක් අරගෙනත් මේ අයට මදි. වෙන සේවයකයිනුත් නැහැ. මේ අයව ගෙදර යවලා දුම්රිය සේවය අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කරන්න ඕනේ... නැතුව කවදාවත් මේක ගොඩ ගන්න බැහැ. මහජන මුදල් කල්දානවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
2025 පෙබරවාරි මස 07 519 1

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද


ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි
2025 පෙබරවාරි මස 07 533 0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප


මන්නා පහරින් තිදරු මව මරුට
2025 පෙබරවාරි මස 07 520 0

සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.


බහලුම් 2000ක් තවමත් පෝලිමේ
2025 පෙබරවාරි මස 07 200 1

නිෂ්කාශනය කිරීම ප්‍රමාද වූ ආනයනික බහලුම් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් රේගු නිෂ්කාශන අංගනවල සිරවී ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (


CID ස්ථානාධිපතිට නොතීසි
2025 පෙබරවාරි මස 07 628 1

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැය


බාලවයස්කාර දැරියගේ අත පිළිස්සූ නැන්දනිය අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 07 175 0

නාච්චාදුව ප්‍රදේශයේ නිවසකින් රුපියල් සීයක් සොරාගත් බවට චෝදනා කර 11 හැවිරිදි බාල වයස්කාර දැරියකගේ අත් දෙක යකඩ හැන්දක් රත්කර පුලුස්සා බරපතල තුවාල සිදුක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 813 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 757 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site