(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව - හිඟුරක්ගොඩ මාර්ගයේ පොලොන්නරුව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් අද (09) අලුයම ඇතුමල්පිටියේදී වාහනයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
අනතුර සිදු වූ අනෙක් වාහනය නොනවත්වා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් පළාගිය බව කියන වාහනයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිගේ මල්ලී කෙනෙක් මෙහෙම නොනවත්වා යනවා නම් මොන තරම් නරකද? මෙවැනි රියදුරන්ට කාගේ කවුද නොබලා උපරිම දඬුවම් දීමෙන් අනික් රියදුරන්වත් අනතුරක් සිදු වුනාම පැන යන්නේ නැතිව සිටියි.
රියදුරු රිමාන්ඩ් කළ බව දන්නෙම නැද්ද?