IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)
 
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා අද  (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි.
 
මෙම මෙහෙයුමට පොලිස් , යුද හමුදා, හා විශේෂ කාර්ය බලකායේ  භට පිරිස් සහභාගි  වු බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අද අලූයම 5.00 සිට   පෙරවරු 9.00 දක්වා මෙම  මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති අතර යාපනය නගර සීමාව, නල්ලූර් යන ප‍්‍රදේශවල නිවාස,   හා පුද්ගලයන් පරීක්ෂාවට ලක්කළ බවද  එම උසස් නිලධාරියා කීය.
 
මෙම මෙහෙයුමේ දී කිසිදු සැකකටයුතු පුද්ගලයෙක් හෝ භාණ්ඩයක් හමුවී නොමැත.
 
යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලියලවික්ටර කල්ලියලධනු රොක් කල්ලියල අජිත් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි කිරීම් මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණ වි ඇති අතර .යාපනය නගරයේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම සෝදිසි මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරන්නේ
 



අදහස් (11)

ආවා කල්ලි සොයා යාපනේ මෙහෙයුමක්

මුණසිංහ Sunday, 22 December 2019 04:06 PM

ඔන්න දැන් දෙමළ සංධානය නළියනවා ඇති..! විදේශ ආධාර ගන්න. හමුදාව කරදර කරනවා කියලා...

:       665       1015

Bandara Sunday, 22 December 2019 05:07 PM

දෙමළ සංධානෙ විතරක් නොවේ.. සිංහල කොළ කොටි ටිකත් කියයි උතුරේ හමුදා පාලනයක් කියලා..

:       54       403

Bamunuarachchi Sunday, 22 December 2019 06:27 PM

අාවාකල්ලි ගොයියනි, නුඹලාට මතකද බමුණුආරච්චි කීවා ඝෝඨාභය බලයට පැමිණි දිනක නුඹලාට කෙළවෙන බව. දැන් කාලා වරෙන්කෝ. දැන් මහඇමති කියාවි අපි දෙමළ විරෝධී කියලා...

:       292       402

rodrigoSunday, 22 December 2019 07:00 PM

බමුණෝ...තාම රිසල්ට් එක කියන්න කල් වැඩියි.

:       0       9

BamunuarachchiMonday, 23 December 2019 05:31 AM

ආවාකල්ලියත් කල්ලියක්ද ?

:       72       33

S.PMonday, 23 December 2019 07:53 AM

බමුණා, බොහොම කලකට ඉස්සර කිව්වේ මේක දැන් රිසල්ට් එක ඇවිල්ලා ඉවරයි. තව ටික කලක් යනකොට ගෝඨාගේ වචන වලින්ම කියනවා නම් "ආවත් නෑ, නාවත් නෑ..."

:       1       2

MD Monday, 23 December 2019 02:41 AM

පාස්කු බෝම්බ වගේ පිපිරුනාට පස්සේ පරීක්ෂණ කරලා වැඩක් නැහැ.

:       36       26

eresh S kumara Monday, 23 December 2019 04:52 AM

අාවා ගියා...

:       0       6

BamunuarachchiMonday, 23 December 2019 05:32 AM

ආවා සදහටම යාවි

:       20       6

H.R.Rpasinghe Monday, 23 December 2019 07:29 AM

විශිෂ්ඨයි... මෙය සැබෑම දේශපාලන නායකත්වය කියන්නේ...

:       1       6

hemantha Monday, 23 December 2019 10:54 AM

ඔය ආවා කල්ලියේ වැඩක් ගොඩක් කාලෙකින් ඇහුනේ නැහැ. මම හිතන්නේ මේ ආණ්ඩුවට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site