එළැඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ කලබල ඇතිවිය හැකි බව රටේ ජනතාව අතර අනිසි බියක් ඇති වේ යැයි පවසමින් එම දැනුම් දීම සිදු කර ඇත.
රටපුරා ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් , පොලිස් අධිකාරීවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ දර්ශණය අනුව ජාති ,ආගම්,බේද සහ පක්ෂ භේදයකින් තොර සැමට සාමකාමී ලෙස ජීවත්විය හැකි වාතාවරණයක් සකසා ඇති හෙටින් සාමාන්‍ය ජනතාවට කිසිදු බියකින් තොරව ජීවිතය ගෙන ගිය හැකි බවද දන්වා තිබේ.
යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිර නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බියක් ඇතිකර ඡන්දෙට ගියා, දැන් ආයෙත් බියක් ගැන කතා කරනවා. පොලිසිය ජනතාවට පුරුදුයි.
ආරක්ෂක ලේකම් පොලිස්පතිට කියන දේ ඒ අයගේ රාජකාරි. ඇයි මේවා මාධ්‍ය නිවේදන ලෙස නිකුත් කරන්නේ?
මෙවැනි දේවල් මාද්‍ය මගින් ප්‍රසිද්ධ නොකළ යුතු බව මගේ හැඟීම.
මගේ හැඟීම නම් එය ඉතාම නිවැරදියි. හොඳ විනිවිද භාවයක් තියෙනවා. රටේ ජනතාවත් දන්නවා අදාල පුද්ගලයින්ට රාජකාරිය පැහැර හරින්න බැරි බව... මොකද පොලිසියේ වුනත් බහුතරයක් ඉන්නේ රාජකාරිය පැහැර හරින, පඩියට පමණක් සීමාවෙලා වැඩකරන, නිල ඇඳුමේ බලය අවභාවිත කරන පුද්ගලයින්...
අනේ මන්දා මේ වගේ සංදර්ශනාත්මක වැඩ සාමන්‍යයෙන් කරන්නේ දේශපාලුවෝ.
යමක් වෙනකොට ඇයි කියල අහනවා නේද? යමක් වෙන්න කලින් දැනුවත් කිරීම් කරනවා.