(හර්ෂණ තුෂාර සිල්වා)

අධික වර්ෂාව නිසා ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ඕනෑම මුදලක් ආපදා සඳහා වෙන්කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත.
මේ අතර හදිසි ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීම සඳහා දුරකථන අංක ලබාදී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 0112136226, 0112136136 සහ 0773957900 අංක පැය 24 පුරා ක්‍රියාත්මකය.

දිවයින පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල ප්‍රදේශ භාර නිලධාරීන්ගේ දුරකථන අංක මෙසේය.

කොළඹ - කේ.ඒ.නන්දසිරි මහතා (0112325511/ 0112437242/ 0778819383)

ගාල්ල - ඒ.සේදර මහතා - (0912247175/ 0771761692)

ගම්පහ - කුසුම්සිරි මහතා - (0332234142/ 0332222900/ 0771761692)

කළුතර - ක්‍රිෂාන් මහතා - (0776368763)

මාතර - විදානගේ මහතා - (0412222284/ 0718245180)

රත්නපුර - කේ.කුමාර මහතා - (0452222233/ 0452222140/ 0714408835)