(නාලක සංජීව දහනායක)
ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබූ රුපියල් පහලොවක වැට්බද්ද රුපියල් පහ දක්වා අඩුකිරීමෙන් එම කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා යම් සහනයක් ලැබුණද ඔවුන්ට සිදුවූ අසාධාරණය සම්පූර්ණයෙන්ම ඉවත් නොවූ බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ඉදිරි රජයක පළමු අයවැය ලේකනයෙන්ම ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ක‍්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18) පැවසීය.
එපමණක් නොව නව දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කර ජනතාව මත පටවා තිබෙන අසාධාරණ බදු සියල්ලම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කර තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙයාව විශ්වාස කරන්නේ?
මේ අයගේ වකවානුවේදී සහනාදාර ලබාගත්තේ මේ අයම තමයි. දැන් එනවා කම්කරුවන්ගේ සහනාධාර ගැන කතා කරන්න.