(පාලිත ආරියවංශ)
ආදිවාසින්ගේ වගකීම රජයේ අමාත්‍යංශයකට බාරදිය යුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.
ශ්‍රී ලංකාවේ ආදිවාසින් වෙන රටවල ආදිවාසින් මෙන් ජාත්‍යන්තර සංවිධාන හරහා රජයන් අපහසුතාවට පත් කිරිමට කටයුතු නොකරන බවත් රජය මේ බව තේරුම්ගෙන එලෙස කටයුතු කළ යුතු බවද වන්නිලැ අත්තෝ පැවසීය.
මහියංගනය දඹාන මොරබැද්දේදි පැවැති ආදිවාසි දින සැමරුම් උත්සවයක් අමතමින් ආදි වාසි නායකයා මේ බව කීය.
“ජාතික භාෂා අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා ආදිවාසි භාෂාවත් ආරක්ෂා කරන්න. අද මේ රටේ විවිධ අමාත්‍යාංශ තිබුණත් ආදිවාසීන්ගේ වගකීම් බාරගන්න අමාත්‍යාංශයක් නැහැ .අපි ගැන කතා කරන්නේ අපි විතරයි .“
“අපි මීට පෙර යොජනාවක් ගෙනාවා ආදී වාසින්ගේ වගකීම බාරගන්න මොකක් හරි අමාත්‍යාංශයක් තියෙන්න ඕන කියලා .හැබැයි එවෙලේ මිනිස්සු සිතුවේ අපි පාර්ලිමේන්තුවට යන්න යනවා කියලා .නැහැ නැහැ අපට පාර්ලිමේන්තුවට යන්න ඕන නැහැ හැබැයි මේ වගකීම ගන්න කවුරු හරි ඉන්න ඕන.“
“ආදිවාසින් කියන්නේ රටකට ආභරණයක් .අපි ඉල්ලීම් දිනාගන්න පාරවල් වහලා ආණ්ඩුවෙන් ජල ප්‍රහාර කන්න උද්ඝෝෂණ කරන්නේ නැහැ . තුවක්කු ,කඩු,කිනිසි වගේ ආයුධ ගන්නෙත් නැහැ .ඒ නිසා රජයේ වගකීම අපේ රැහේ ඉල්ලීම් ඉටු කරන එකයි .අපිට විතරක් මේ අඩු සැලකිල්ල ඇයි කියලා අපට හිතාගන්න බැහැ “යැයිද ආදිවාසි නායකයා ප්‍රකාශ කළේය.
COMMENTS
ඉතා සාධාරණ ඉල්ලීමක් බොහෝ කලකට ඉහත කළයුතුව තිබුණු දෙයක් තවත් පිළිකාවක් වෙන්නට පෙර ඉටු කරන්න.
සියලු දෙනාම මුස්ලිම් ආගමට හරවා අර වනන්තර හෙළි කරන ඇමතිට බාර දුන්නොත් ගෙවලුත් හදලා දේවි!
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ කියන්නේ ඉතාම අවංක, හොඳ ගතිගුණ තියෙන පිරිසිදු මිනිසෙක්. මට හමුවෙලා තියනවා කීප වතාවක්. බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩිය වෙලාවේ දන් පුජකලේ මෙතුමා රැකගෙන යන පරපුර. මෙතුමා කියන දෙය ඇසිය යුතුයි.
මේවා කල යුත්තේ සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනයෙන් මිසක් වෙනම අමාත්‍යංශ දාලා නෙවෙයි. උදා: බෞද්ධ කටයුතු අමාත්‍යාංශය. හැබැයි මේ අයගේ අයිතීන් රැකිය යුත්තේ ඩබල් කැබ් වැනි දීමනා වලින් නම් නොවේ. ඔවුන්ගේ කැලේ ඔවුන්ට දීලා පිටතින් එය මුර කරන්න බාහිර විෂබීජ ඇතුල් නොවන ලෙස.... ඔවුන්ව බලන්න යන අයත් සීමා කරන්න.
අනිවාර්ය ලෙසම ඔවුන්ට හිමි අයිතීන් ලබා දිය යුතුයි.
ආදී වාසී භාෂාව දැන් නවීකරණය වෙලා. සිංහල වචනෙට පස්සේ පොජ්ජ කියල එකතු වුණාම එ්ක තමයි දැන් තියෙන ආදිවාසී භාෂාව. දඩයම් පොජ්ජ, නිවාස පොජ්ජ, මොබයිල් ෆෝන් පොජ්ජ, ඉස්කෝල පොජ්ජ. කොම්පියුටර් පොජ්ජ ඔය වගේ නැද්ද?