( අංජුල මහීක වීරරත්න )
විශ්වාස භංගය ආණ්ඩුවටත් අග්‍රාමාත්‍යවරයාටත් විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආංශු මාරසිංහ මහතා අද (27) මාධ්‍ය හමුවකදී පැවසීය.
අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසුව ආණ්ඩුවේ කුණු සුද්ධකර අලුත් ගමනක් යාමට පටන් ගන්නා බවද මන්ත්‍රීවරයා කීය.
විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරු කවුරුන්දැයි හොදින් වටහා ගන්නට හැකි බව කී මන්ත්‍රීවරයා ඒ පිරිස ඉවත් කර පැහැදිළි ගමනක් යාමට විශ්වාස භංගය ශක්තියක් බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වින කරන මහ බැංකුව විනාශ කරපු ක්‍රියාව අනුමත කරන මන්ත්‍රි වරු හඳුනා ගන්න හොඳ වෙලාවක් මේක.
ආංශු මාරසිංහ කවුදැයි දැනගැනීමට, 1990-1993 කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීටයේ ඉගෙනුම ලැබූ අයකුගෙන්ම විමසිය යුතුය. ඔහු උපාදිය ගත් හැටිත් ,මහාචාර්ය වීමට ජපානයට ශිෂ්‍යවත්වයක් ගත් හැටිත් ඉතා විශ්මය ජනකය දේශපාලකයකු වීමට ඒ උත්සහයම ඇතිය......
ආංශු මාරසිංහ වගේ අයගෙන් පාර්ලිමේන්තුව පිරවිය හැකි නම්, මේ රට සිංගප්පුරුවක් කල හැකිය. රනිල් කොළඹ විශ්ව විද්‍යාලයේ බිහි වූවෙකි. මේ ලියන මමත් කොළඹ විශ්ව විද්‍යාලයේ. දැන් වැඩ කරන්නේ රජයේ බැංකුවක. තොරතුරු තාක්ෂණ අංශයේ. 2012 දී ආංශු මාරසිංහ මා යටතේ වැඩ කල අයෙක්ට ජපානයේ ශිෂ්‍යත්වයක් දී ආචාර්ය උපාදිය දී දැන් ඔහු ලංකාවේ කොතලාවල ආයතනයේ ඉහල තනතුරක.