(රොමේෂ් මධුෂංඛ)
අාවා කල්ලියේ දෙපිරිසක් අතර යාපනය කොකුවිල්හිදී ඇති වූ ගැටුමකින් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි යාපනය පොලීසිය පවසයි.
දේවරාසා හර්සන් නැමති 27 හැවිරිදි තරුණයකු මෙසේ තුවාල ලබා ඇත. ඔහු කොකුවිල් ප්‍රදේශයේ ඔහුට අයිති නිවසේ සිටින අවස්ථාවේදී එහි පැමිණි තවත් ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු සමඟ ඇති වු බහින් බස් වීමකින් අනතුරුව ඊයේ (26) සවස මෙම ගැටුම ඇති වී තිබේ.
එම පිරිස යතුරුපැදිවලින් පැමිණ ඇති අතර ඔවුන් දේවරාසා හර්සන්ට තියුණු ආයුධ වලින් පහර දී ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලින් හෙළි වී ඇත.
ඔහුට පහර දුන් 5 දෙනෙකුම මුහුණු ආවරණය කරගෙන සිට ඇති අතර එක් අයෙකු මුහුණ ආවරණය කරගෙන නොසිටි හෙයින් එම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව සිටි අයෙක් බවත් තුවාල ලැබු පුද්ගලයාද එවැනි සිදුවිම් සම්බන්ධයෙන්ම බන්ධනාගාරව සිටි අයෙක් බව පොලීසිය පවසයි.
ඔහු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර හඳුනාගත් පුද්ගලයා හරහා සෙසු පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අාවා‘ කල්ලියේ දෙපිරිසක් අතර ගැටුමෙන් අයෙක් රෝහලේ