IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


අවුරුදු 18 ක දැරියක් මැදපෙරදිග ගෘහසේවයට යවලා

(විනීතා එම් ගමගේ සහ ටී කේ ජී කපිල)
            
ව්‍යාජ ලියකියවිලි සකසා විදේශ ගත කළ දස හැවිරිදි දැරියක් බලධාරින්ට අසු නොවී තෙවතාවක් ලියාපදිංචි වී විදේශ ගත වීමේ පුවතක් ඇය විදේශ ගතවී වසර 8කට පසු හෙළිවී තිබේ.


ත‍්‍රිකුණාමලයේ කින්නියා හි පදිංචිකාරියක වන ඇය මේ වනවිට 18 වැනි වියේ පසු වන්නීය. 2000 වසරේ උපත ලබා ඇති ඇය අතිශයින් දුගී පවුලක සාමාජිකාවක බවත් ඇගේ දෙමව්පියන් ජීවත්ව සිටින බවත් හෙළි වී තිබේ.


ඇය මුල්වරට විදේශ ගත වීම සඳහා ගෘහ සේවිකා පුහුණුව ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බදුල්ල පුහුණූ මධ්‍යස්ථානයෙන් වන අතර ඒ වනවිට ඇය දස හැවිරිදි වියේ පමණ පසුව ඇතැයි හෙළිවී තිබේ. 


අබ්දුල් මොහොමඩ් නමැති ව්‍යාජ නමකින් ඇය වෙනුවෙන් සියලූ ලියකියවිලි සකස් කර විදේශ ගත කර ඇති බවත් වයස අවුරුදු දහය පසුවනවාත් සමඟ සවුදි අරාබියේ සේවයට ගොස් ඇති අතර ඊළඟට සේවයට ගිය කළ රටේ නම වත් ඇය නොදන්නා බව හෙළිවී තිබේ. 


ඇය තෙවැනි වතාවට විදේශ ගත වී ඇත්තේ  ඕමානයේ ගෘහ සේවිකාවක් ලෙසිනි. එහි දී සේවා ස්ථානයේ ඇති වූ යම් ප‍්‍රශ්නයක් මත ඇය තානාපති කාර්යාලයට ගොස් ඇති අතර එහි සිට යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ. 


ඉකුත් 19 දා උදෑසන 7.20 ට මෙරටට ළඟා වූ  ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව් වයි 371 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය. එහි දී කළ පරික්ෂණ හා ප‍්‍රශ්න කිරීම් මත මෙම තොරතුරු හෙළි වී ඇත. 


මෙම තරුණිය රහස් පොලිස් නිලධාරින් විසින් වෛද්‍යවරයකු වෙත යොමු කර ඇති අතර ඇගේ සැබෑ වයස අවුරුදු 18 තරම් වන බව ඔවුන් තහවුරු කර ඇත. 


මේ වනවිට මහත් මතභේදයකට තුඩු දී ඇති පවුල් පසුබිම් වාර්තාව ඇය තෙවැින වතාවට විදේශ ගතවූ කාලය වනවිට අනිවාර්ය වී තිබු අතර එය ද ව්‍යාජ ලෙස සකස් කර ඇය විදේශ ගත කර තිබෙන බව හෙළි වී ඇත. 


කෙසේ වෙතත් ඇය විදේශ ගත කළ විදේශ රැකියා ඒජන්සියේ හිමිකරු  මේවනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි ද කාර්යංශ ආරංචි මාර්ග පවසයි.


මෙසේ ලාබාල දැරියන් විදේශ ගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදුවන බවත් ඒ  පිළිබඳව පරික්ෂණ පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

අවුරුදු 18 ක දැරියක් මැදපෙරදිග ගෘහසේවයට යවලා

Dusara Friday, 21 September 2018 06:34 AM

වෙනරටවල් වල නීතියට විරුද්ධව වැඩ කළොත්, නීති විරෝධී වැඩකලොත් දඬුවම් දී දඩ ගසා, ව්‍යාපාර කටයුතු තහනම් කරනවා. එවිට එම නීතිවිරෝධී වැඩ අායෙත් වෙන්නේ නැහැ.. අනෙක් අය කරන්නෙත් නැහැ. එ්කට අපේ මේ (අ) මුතුඇටේ හොර, මැර, නීති විරෝධී වැඩ කරන අයට රජමගුල්. නිසි දඬුවම් නැහැ. ඒ අය හැමදාම එකම වැරැද්ද කරගෙන ඉන්නවා. ජනාධිපතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම එක තමයි. ධනවත්ම කෙනාගේ ඉඳල හිඟන්නා දක්වාත් ඒකම තමයි. මොනවා කරන්නද ක්‍රමයක් නැති රටේ හැටි තමයි... බත් පැකට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නකන් ඕකම තමයි වෙන්නේ‍

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site