(ඉන්දිකා රාමනායක)
ග‍්‍රෑන්ඞ්පාස් ස්ටේට්පුර ප‍්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා පවුම් 8 ක රන් මාලයක් සොරාගෙන එය උකස් තැබීමට උත්සහ කළ බව කියන අවුරුදු 13 ක පිරිමි දරුවකු අත්අඩංගුවට ගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.
සැකකාර බාලවයස්කාර දරුවා නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම හේතුවෙන් අධිකරණය විසින් පරිවාස බාරයට පත්කරනු ලැබ සිටියදී මීට මාසයකට පෙර පරිවාසයෙන් පලාගොස් සිටි අයකු බවද පොලිසිය කියයි.
මොහු මෙම රන් මාලය සොරාගෙන එය පෑලියගොඩ ප‍්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් වෙත උකස් තැබීමට ගොස් සිටියදි එම උකස් ආයතනයෙන් පොලිසියට කළ දැනුම් දීමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ග්‍රෑන්ඩ්පාස් පැත්තේ ඊයේ ඉපදිච්ච කෙනාවත් විශ්වාස කරන්න එපා...
අවුරුදු 13ක හොරෙක් කියා නිවැරදි විය යුතුයි ...
නම යන අපරාධ කරුවකු වනබව විශ්වාසයි.. මේ දරුවා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙලා කටයුතු නොකොළොත් පාතාලයේ නායකයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා..
මේ පොඩි හොරාට මාර "ට්‍රේනින්" එකක්නේ දීලා තියෙන්නේ ! අල්ලපු වත්තේ වැටිච්ච පොල් ගෙඩියක් ගෙදරට ගෙන ඒමට වඩා "පලදායි, ප්‍රයෝජනවත්" ජොබ් එකක් පුහුණු කරපු නියාමකයා අල්ලා එයාවත් රජයේ බෝඩිමකට යවන්න ඕනෑ...