IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අවුරුදු පහක් යද්දී රතුපස්වල ගැන යළි විමසයි

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි පැවැත්විණි.
 
සියනෑ පරිසරය සුරැකීමේ  ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊට සහභාගී විය.
 
රතුපස්වල වෙඩි වැදුණු පුද්ගලයන්ට වන්දි ලබා දීම සිදු වුවද වෙනත් කිසිදු ක්‍රියාවලියක් සිදුවී නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සහ පර්යේෂණ අධ්‍යක්ෂ වරයා ඉදිරියේ පැවැති එම සමාලෝචන රැස්වීමේදී ගම්වාසීහු පෙන්වා දුන්හ. වන්දි ලබා දීමේදී ද ඇතැම් පිරිස් වෙත වන්දි නොලැබුණු බවත්, පහරකෑ මාධ්‍යවේදීන්ට වන්දි ලැබුණත් අලාභ හානි වූ උපකරණ වෙනුවෙන් වන්දියක් ලබා නොදුන් බවත් ඔවුහු කීහ.  
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා බ්‍රිගේඩියර් ඇතුළු පිරිසක් වරදකරුවන් කළත් ඔවුන්ට එරෙහිව යුද අධිකරණයක් හෝ විනය ක්‍රියාමාර්ග කිසිත් ක්‍රියාමක නොවූ බව කී ගම්වාසීහු අවධාරණය කළේ තමන්ට බොරු නඩු දැමූ පොලිසියට එරෙහිව ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි. 
 
මධ්‍යම පරිසර අධිකාරියද වරින් වර පරස්පර වාර්තා ලබා දී ඇති බව එම වාර්තා ගෙන හැර දක්වමින් පෙන්වා දුන් අතර ජල සම්පත් මණ්ඩලය ඇතුළු අනිකුත් ආයතන ද තම වගකීම් හරිහැටි ඉටු කර නැතැයි පෙන්වා  දුන්හ.
 
අදාළ ආයතනවලින් ලිඛිත කරුණු දැක්වීමක් කැඳවා ඉන් පසු සියලු පාර්ශ්ව ගෙන්වා විමර්ශනය පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.
 
2013 අගෝස්තු පළමු වැනි දා සිදු වූ වෙඩි තැබීමෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
 



අදහස් (0)

අවුරුදු පහක් යද්දී රතුපස්වල ගැන යළි විමසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site