IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අවදානම් කලාපයෙන් පිරිස් ඉවත් කෙරෙයි

(ඉන්දිකා රාමනායක)

කොලොන්නාව කුණු කන්ද කඩා වැටීම නිසා විපතට පත්වූවන් සොයාගැනීමේ මෙහෙයුම් කෙරෙමින් පවතින අතරම අවදානමට මුහුණ දී සිටින පිරිස් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතුද කෙරෙමින් පවතී. කුණු කන්දේ විශාල කොටසක් දිරායාම හේතුවෙන් තල්ලු වී පැමිණීම නිසා ඇතැම් නිවෙස් කොයි මොහොතේ හෝ බිමට ඇදවැටීමේ අවදානමකට ලක්ව තිබේ. 

ඉවත් කෙරෙන පිරිස් සඳහා කොලොන්නාව බාළිකා විද්‍යාලයේ තාවකාලික පහසුකම් සපයා තිබේ. විපතට පත්වූවන් සොයාගැනීමේ ප්‍රධානතම ගැටළුව වී ඇත්තේ කුණු කන්ද නාය ගිය 14 වැනිදා සිංහල අලුත් අවුරුදු දිනය වූ හෙයින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ඥාතීන් රැසක් එම නිවෙස් කරා පැමිණ තිබීම හේතුවෙන් නිශ්චිත වාර්තා සපයා ගැනීමේ අපහසුවයි. 

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සහන කණ්ඩායම් වලට අයත් 500 කට වැඩි පිරිසක්, බැකෝ යන්ත්‍ර යොදාගනිමින්, කොලොන්නාවේ නාගහමුල්ල, නීල්ගෙවත්ත, දහම්පුර සහ 23 වත්ත යන ප්‍රදේශ හතරෙන් කණ්ඩායම් යමින් විපතට පත්වූවන් සොයා බලමින් සිටිති. කුණු කන්ද  කඩා වැටි ඇත්තේ මීතොටමුල්ල දහම්පුර ප්‍රදේශයේ  නිවාස145 ක් පමණ සිද්ධියෙන් විනාශ වි තිබුණි.

නායයෑමෙන් මියගිය 16 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. ඔවුන්ගේ සිසුරු කොලොන්නාව රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර ආගමික  වතාවත් වලින් පසුව කොලොන්නාව පොදු සුසාන භුමියේ හිමිදන් කෙරෙනු ඇත.  සිද්ධියෙන් පවුල් 180 ට අයත් පුද්ගලයින් 625 දෙනකු අවතැන් වි ඇති අතර ඔවුන් කොලොන්නව ටෙරන්ස් ඇන් ද සිල්වා විද්‍යාලයේ රදවා සිටිති.

ඡායාරූප - ෂෙහාන් ගුණසේකර



අදහස් (0)

අවදානම් කලාපයෙන් පිරිස් ඉවත් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site