IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අවතැන්වූ ජනයා අත්අඩංගුවට ගත්තැයි උද්ඝෝෂණ

( සෙනරත් බණ්ඩාර )

මහනුවර ඉදිකෙරන අභ්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් අවතැන්ව ඉඩම් ඉල්ලා සිටි ජනයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දිගන මාබේරිතැන්න ජනතාව අද (29) තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.

ගුවන් තොටුපොල හේතුවෙන් ඉඩම් අහිමිවූ ජනතාව තමන් සඳහා වෙන් කර ඇතැයි සඳහන් ඉඩම්වලට මීට දින තුනකට ඉහතදී ගොස් එහි කැලෑ එළි පෙහෙළි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාබේරිතැන්න පශු සම්පත් ගොවිපලේ කළමනාකාරවරයා තෙල්දෙණිය පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව අවතැන්වූ දෙදෙනෙකු  සහ ඔවුන් ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු ද ඔවුන් සමග පැමිණි තවත් අයකු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන  ඇති බවත් පසුගිය රජය තමන් සදහා ඉඩම් වෙන් කර දී ඇති නමුත් වත්මන් ආණ්ඩුව තමන් සදහා එම ඉඩම් ලබා නොදෙන බවත් උද්ඝෝෂකයෝ කීහ.

යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන නමුත් ඇතැම් නිලධාරින් ආණ්ඩුව අසීරුතාවට පත්කිරීම සදහා මෙවැනි කටයුතු සිදුකරන බව විරෝධතාවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ප්‍රකාශ කළේය.

පැය හතරක පමණ කාලයක් පැවැති මෙම විරෝධතාව සදහා සියයකට අධික පිරිසක් සහභාගී ව සිටියහ.



අදහස් (0)

අවතැන්වූ ජනයා අත්අඩංගුවට ගත්තැයි උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site