16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අලින් ගම්මාවැදීමට ප්‍රධාන හේතුව හම්බන්තොට කැළෑ එළි කිරීම බව ද ඔවුහු පවසති.
(අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් පහත වීඩියෝවෙන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු අලින්ගේ පෝෂක බිම් වලට රිංගනවට හොඳ පාඩම් මේවා...
සිරිකොතේ අලි ටික රටම කනවා වගේ...
මේ විනාශය කළ අලි අල්ලාගෙන රිමාන්ඩ් කරන්න. හැබැයි ඇප නම් කීයටවත් දෙන්න එපා. ජීවිතාන්තය දක්වා හිරේට නියම කරන්න.
මොකෝ හිටපු ගමන්ම 225 දහසයට බැස්සේ?
වගාවලට, මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ. අලින්ව ආරක්ෂා කිරීමට වහාම කටයුතු යොදන්න !
මින්සුන් අලින්ගේ බිම් වලට රිංගන්නේ මත්පැන් සාදා දැමීමට නොවේ. ඉන්නට හිටින්නට ජීවත් වීමට මඟක් නැති නිසාය. එබැවින් අලි රකින්න නීති ගෙන එන බුද්ධිමතුන් මේ මිනිසුන්ගේ ජීවන ප්‍රශ්නය. ජීවිත සටන ගැන නොතකන දේශපාලකයන්ට, නිලධාරීන්ට දැඩි දඬුවම් පැනවීමටද නීති ගෙනායුතුය.
කකුල් 4 අලි වනසන්නේ වගාව විතරයි. කකුල් දෙකේ අලි ලංකාවම වනසනවා.
මිනිසුන්ගේ ගම් වනසන අලින්ට නම් නිසි ක්‍රියාමාර්ග යුතුයි.
අලින් ගේ වාසබුමි වැනසූවේ අපේ රටේ මන්ද බුද්දික දේශපාලුවෝ... හම්බන්තොට විතරක් නෙමෙයි රටේ හැම තැනකම.
නාරද මොනවද මේ කියන්නේ? අලින්ගේ නිජබිම් වනසන මිනිසුන්වයි ගම් වලින් එලවා දැමිය යුතු වන්නේ. සිංහල බෞද්ධයන් හැටියට අපි අලි අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි!
වෙලාවට මුන්වගාව විතරයි කන්නේ, මහබැංකුව කඩන්නේ නැහැ. හොරු අල්ලන්න ආපු අලි හොරු තමයි එක්කගෙන ගිහින් කැඩුවේ...
දේශපාලකයන්ට සහ නිලධාරීන්ට හිතෙන හිතෙන විදිහට වනය විනාශ කරමින් ස්වර්ණභූමි ඔප්පු ප්‍රධානය කරන කොට , අලින් ජිවත් වෙන්නේ කොහිද ? කරුණාකර භුමිය ඉතුරුවන ලෙස අඩු අාදායම් ලාභීන්ට තට්ටු නිවාස ක්‍රමයට නිවාස සපයන්න බැරිද ? එතකොට ඔවුන්ට අවශ්‍ය ජල, විදුලි , අපද්‍රව්‍ය කලමකරණය ,ප්‍රවාහන වැනිදේ සපයන එක පහසුවන වන අතර , මාර්ග වලට යටවෙන රටේ භූමියෙන් විශාල කොටසක් ඉතුරුවෙයි. ,