නිමන්ති රණසිංහ
ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද සිතාසි නිකුත් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනාරාල් මගින් මෙම සිතාසිය ලබා දීමට අධිකරණය නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට අර ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්
මෙයාට ඊයේ පෙරේදා වෙච්ච ඒවත් මතක නැති කොට මේ වෙච්ච දේ නම් කොහොමටත් අමතක වෙලා ඇති.
මිලියන 4ක් ගණන්ගන්නේ කවුද.?
නිකන් කාලේ නාස්ති කරන්නේ මොකටද. මෙතුමා ඕව දන්නේ නෑ මතකත් නෑ.
ළුෑනු බිකක්නේ. අතැරලා දාන්න...
බතල වැලේ අල හොයන්න වැලේ කොනකින් අල්ලාගෙන හාරගෙන හාරාගෙන යනකොට දිගින් දිගටම අල මතුවෙන්න පටන් ගන්නවා. ගොවියට හොඳයි. වැලට තමයි හොඳ නැත්තේ.
තමන් සමග එකම වහලයට ජීවත්වෙන තම භාර්යාව කරන මිලියන සියයකට වැඩි ගනුදෙනු ගැන කිසිම දෙයක් නොදන්නා මෙතුමා, කොහොමද සතොසේ හාල් විකුණපු මිල ගණන් ගැන දන්නේ. උගත් ගණකාධිකාරී වරයෙක් වුණාට සමහර විට වයසට යනකොට, සිහිබුද්ධිය අඩු වෙන්න පුළුවන්... කවුද දන්නේ ඉස්සර විභාග ලිව්වේ කොපි කරලද කියලා?