(මනෝප‍්‍රිය ගුණසේකර)
ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 40,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට මාස 16ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එම දඬුවම් කාලය වසර 07 කට අත්හිටුවීමට නියම කළේය.
රැකියාව අහිමිව වසර ගණනක් පුරා සිටීම තුළින් මේ වන විටත් විත්තිකරුට දඬුවම් ලැබී ඇතැයි ද කෙසේ නමුත් වයෝවෘද්ධව සිටින විත්තිකරුට සිර දඬුවම් නියම කිරීමට තමන් අපේක්‍ෂා නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
2006 වසරේදී ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ මවගෙන් විත්තිකාර එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අත්හිටවු සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 20,000/- ක දඩයකටද ඔහු යටත් කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ 2006 වසරේදී විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාතිලක ජයසිංහ මහතාටය.
2006 අගොස්තු මස 18 වැනිදා මාතලේදී ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ මවගෙන් රුපියල් 40,000/- ක් ඉල්ලා ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් සිළුම චෝදනාවන්ට ඔහු වරදකරු බව ප‍්‍රකාශයට පත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා කරුණු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි පැවසීය.
අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අල්ලස් ගත් හිටපු විදුහල්පතිවරයාට අත්හිටවු සිර දඬුවම්
sanath Monday, 26 March 2018 06:33 PM
මහාධිකරණ විනිසුරු ඉතා සාධාරණ විනිශ්චයක් දීල තියෙන්නේ. දැනට අවුරුදු 12 කට පෙර කල වැරැද්දට මේ විදුහල්පති මේ දක්වා මානසිකව විඳවල තියෙනවා ඒ වගේම එයාගේ විශ්‍රාම වැටුපත් නැතිවෙලා තියෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දැඩි දඬුවමක් දියයුතුයි කීවත් විනිසුරුවරයා අපක්ෂපාති තීරණයක් ගැනීම ගෞරවනීයයි.