(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන යක්කල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාට එරෙහිව ගම්පහ අධිකරණයේ පවතින නඩුවට අදාළව ඇප කොන්දේසි ලිහිල් කර දීමටත් ඉදිරියේදී සහනයක් සලසා දීමටත් යන පොරොන්දුව මත මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය පැවසුවාය.
පොලිස් පරීක්ෂකවරයා යක්කල පොලිසිය අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
පොලිස් පරීක්ෂක කොහොමද ඇප කොන්දේසි ලිහිල් කරලා දෙන්නේ? මෙයා කෝට් සාජන්ට්ද?