මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
ඉඩමක පස් ඉවත් කිරීමට සුදුසු බවට නිර්දේශ කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ගොවි ජන සංවර්ධන නිලධාරීවරයෙකුට සහ රාජ්‍ය කළමණාකරන සහකාරවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත දස වසර බැගින් සිර දඬුවම් (19) නියම කළේය.
වරදකරුවන් වු සමන්තුරේ ගොවි ජන සේවා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් දෙදෙනාට රුපියල් 30,000/-ක දඩයක්ද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ සමන්තුරේ ගොවි ජන සේවා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ ගොවි ජන සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කළ අබ්දුල් ගෆුර් නමැත්තාට සහ එහි රාජ්‍ය කළමණාකරන සහකාරවරයෙකු ලෙස සේවය කළ උදුමාන් ලෙබ්බේ මොහොමඩ් ඉක්බාල් නමැත්තාටය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.