(මනෝප‍්‍රිය ගුණසේකර)
අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටුයතු කරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3,000/- ක අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අම්පාර දිසා අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ එහි හිටපු ප‍්‍රධාන ලිපිකරුට වසර 04 බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔවුන්ට රුපියල් 6,000/- බැගින් දඩ ද නියම කළේය.
අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටුයතු කරදීම සඳහා පුද්ගලයාගෙන් ඉල්ලා ලබා ගත් රුපියල් 3,000/-ක හා රුපියල් 1,500/- අල්ලස් මුදල් දණ්ඩන වශ්‍යයෙන් විත්තිකරුවන් අයකර ගන්නා ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්පාර දිසා අධිකරණයේ ලේඛාධිකාධිකාරීවරයා ලෙස කටයුතු කළ පී.එච්. චන්ද්‍රසිරි සහ එහි ප‍්‍රධාන ලිපිකරු ලෙස කටයුතු කළ ජී.සී. ජයසේකර නමැත්තන්ටය.
2007 ජුලි මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අම්පාර දිසා අධිකරණයේ ලේඛාධිකාධිකාරීවරයා සහ එහි ප‍්‍රධාන ලිපිකරු වන රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරමින් අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටුයතු කරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3,000/-ක මුදලක් ඉල්ලා ලබා ගත් බවට අධිකරණ ලේඛාධිකාධිකාරීවරයාට එරෙහිවද රුපියල් 1,500/- අල්ලස් මුදලක් ලබාගත් බවටද අල්ලස් ලබා ගැනීමට අධිකරණ ලේඛාධිකාධිකාරීවරයාට ආධාර අනුබල ලබාදුන් බවටද අම්පාර දිසා අධිකරණයේ ප‍්‍රධාන ලිපිකරුට එරෙහිවද අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් විත්තිකරුවන් දෙදෙනා සියළුම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා වැඩිදුරටත් සහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් අධිකරණ කටයුතු කරදීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.
අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
380
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස් ගත් අම්පාර අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ ප්‍රධාන ලිපිකරු වසර 4 කට හිරේ
ඩී. ජයදේව Wednesday, 04 April 2018 02:52 PM
2007 වුන දේකට දැන් තමයි නඩුව ඉවර වෙලා තියෙන්නේ. ඉතින් අධිකරණ කටයුතු කරගන්න අල්ලස් දෙන එක අහන්නත් දෙයක්ද
Ajith Nissanka Wednesday, 04 April 2018 05:31 PM
අල්ලස් ගත් අම්පාර අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ ප්‍රධාන ලිපිකරු වසර 4 කට හිරේ! රටම හූරන් කන හොරු පාර්ලිමේන්තුවේ! අනේ මෙහෙම අධිකරණ!
nalin Thursday, 05 April 2018 12:48 AM
2007 වුන දේකට 2018 දි නඩුව ඉවර වෙන එකම රට ලංකාව වෙන්න ඇති? පුදුම කාර්යක්ෂම තැනක්නේ. ඉඩම් නඩු ගත්තොත් වසර 20 -30 යනවා. මේක හදන්න පුළුවන් කෙනෙක් රටේ නැහැනේ .