(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බ්‍රිතාන්‍ය ජාතිකයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට හබරාදුව පොලිසියේ රථ වාහන කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් පැදවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් කොස්තාපල්වරුන් දෙදෙනකු මුදල් ලබා ගෙන තිබිණි.
මෙම සිද්ධිය අල්ලස් කොමිසමට බාර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.පොලිස්පති නියමයෙන් ගාල්ල සහකාර පොලිස් අධිකාරී මෙම වැඩ තහනම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුන්කර හොරකමෙන් බෙදන ලද මැති ඇමතිලා අරගත් මුදලුත් අල්ලස් .. නමුත් වතුර බහින්නේ හීන් තැන්වලින් .. ඒක තමයි අපි කියන්නේ ලංකාව හොඳ දේසපාලකයන්ට හා ඔවුන්ගේ ආශීර්වාද විඳිමින් හොරාකන හෙන්චයියලාට පමණක් කියා ..