නිමන්ති රණසිංහ
අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, හිටපු අගවිනිසුරු සහ නිතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන නොවැම්බර් 13 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින 22/18 දරණ ඈපෑලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක් නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තුරු නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් ජනවාරි 18 වැනි දා අල්ලස් කොමිසම විසින් චූදිතයින් තිදෙනාට එරෙහිව එලෙස නඩු පවරනු ලැබ තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 30 කටවත් කල්දැම්මා නම් තමයි වටින්නේ...