IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක්

වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදි කළ ආදාහනාගාරය සහ අවංගල්‍ය ශාලාවේ සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇත.

ජනාධිපති,අගමැති,කතානායක ඇතුළු පාර්ලිමේන්තු මෙන්ම ප්‍රාදේශීය පක්ෂ විපක්ෂ දේශපාලනාඥයන්ගේ  ද මන්ත්‍රී හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් දකුණු පළාත් කොමසාරිවරයා ඇතුළු  51කගේ නම් ඇතුලත් කර තිබේ.

 මෙය සමාජය තුළ දැඩි කතාවට ලක් වූ කාරණාවක් බවට පත්ව තිබේ. මහජන මුදලින්  ඉංජිනේරු සමාගමට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට සමරු තිළිණ ලබා දීම කෙරෙහි ද මේ වන විට සමාජ මාධ්‍ය මෙන්ම සමාජය තුල ද දැඩි කතා බහට ලක්ව තිබෙන කාරණාවක් වි හමාරය

වැලිගම ප්‍රාදේශීය සභාව මින්පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් ඉදිකළ ‘‘නිසල අරණ“ ආදාහනාගාරය සහ අමංගල්‍ය ශාලාව ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, කරුණසේන කොඩිතුවක්කු,දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.



අදහස් (29)

අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක්

දාස Thursday, 23 September 2021 09:47 AM

මේ අයගේ සල්ලිවලින් හැදුවා නම් කමක් නෑ, කරුනාකර ඔය පලකය ගලවා මහජන මුදලින් සාදනලදි කියා පලකරන්න.

:       0       48

SL Thursday, 23 September 2021 09:50 AM

මේ උතුම් පිනෙන් නිවන් සැප ලැබේවා.!

:       1       25

lankashashika rathnayaka Thursday, 23 September 2021 09:56 AM

51 දෙනෙක්ගේ නම්.?

:       1       17

යෝගා Thursday, 23 September 2021 09:56 AM

ඕකේ ආදාහනය වෙන්න ඕන අය ඇරුනම අනික් අයගේ නම් ඉවත් කරන්න.

:       0       23

Raveendra Thursday, 23 September 2021 10:00 AM

දේශපාලුවන් 51 දෙනෙකුගේ පුද්ගලික ධන නිධානයන් වියදම් කර හදන්නට ඇති නේද? එලෙසම මෙය ආසියාවේම ලොකුම ලොකු ආදාහනාගාරයක් විය යුතුමය. මක්නිසාදයත් දේශපාලුවන් 51 ක් කොතරම් ධනස්කන්ධයක් මේ සදහා වියදම් කර ඇත්ද. එබැවින් මෙය අක්කර ගණනකට විහිදී ඇති අතිවිශාල ආදාහනාගාරයක් විය යුතුය.

:       0       14

චන්දන Thursday, 23 September 2021 10:10 AM

මමත් දැකල තිබෙනවා නගර සභා, ප්‍රාදේශීය සභා ඔක්කොම මන්ත්‍රී වරුගෙ නම් සමහර ඵලක වල ගහල තියෙනවා. ඒක අනවශ්‍ය වැඩක්.

:       0       20

priyath Thursday, 23 September 2021 10:13 AM

ඕක හදන්න පුද්ගලික බූදලේ වියදම් කරපු අයගේ නම් වෙන්න ඇති....

:       0       19

Asokagunasekara Thursday, 23 September 2021 10:17 AM

පොරොත්තු ලේඛනය?

:       0       18

කිරි පුතා Thursday, 23 September 2021 10:20 AM

විහිළු තමයි

:       0       14

karunasena Thursday, 23 September 2021 10:26 AM

ගරු කියලා අමතන්නේ වැටුප් නොලබා වැඩකරනවානම් පමණයි. මේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම හීන මානයක්.

:       0       17

RaveendraThursday, 23 September 2021 11:07 AM

ඇත්තෙන්ම ඔබ සදහන් කල කාරණයම අපද මිට පෙර මෙම පුවත්පතෙහිම කීප විටක්ම සදහන්කර ඇත. එනමුත් එහි ප්‍රතිපලය නම් ශුන්‍ය බව කිව යුතුය. ඒ ඒ දේශපාලුවාගේ පක්කලියන්, ඇම්බැට්ටයන් අපගේ මව්බස ඉතාමත්ම අශිලාචාර ලෙස අවමන්කරන බවට මෙම "ගරු" වචනය හොදම උදාහරණයකි. දියවනාව පට්ටියේ මේ එකදු දේශපාලුවෙක් ගරු සේවයක් නොකරන්නෝය. ඒ සියලුම දේශපාලුවන් 25 ම මහජනතාවගේ රිරිමාංශ ගිලින මළ යක්කුන්ය තවද මහජන නියෝජිතයන්ට එතුමා, මෙතුමා , තුමිය වැනි වචන යෙදීම මගින් ඒ ඒ දේශපාලුවන් ඍජුවම මව්බසට අවමන් කරන බවත් සදහන් කරන්නෙමු. මෙම අදහස් පට්ටියේ 225 ම කියවීමට හැකි වේවා....

:       1       8

Prase Thursday, 23 September 2021 10:26 AM

ඔය දැන්වීමට ගිය මුදල් වලින් තව ආදාහනාගාරයක් හදන්න තිබුනද කියලා හොයලා බැලුවොත් හොඳයි.

:       0       16

පිටිගල මිලානෝ Thursday, 23 September 2021 10:32 AM

මේ දේශපාලකයෝ පනස් එකටම මේ ආදාහනාගාරයේ සේවාව ඉක්මනින්ම ලැබේවා..... මහජන පැතුම එයයි....

:       0       22

විපුල Thursday, 23 September 2021 10:40 AM

මහජන මුදලින් ප්‍රසිද්ධියට පත්වීමට උත්සාහකරන අයගෙන්ම ඕකෙ වැඩ ආරම්භ කරන්න ලැබෙනවා නම් රටට කොච්චර යහපතක් වේවිද ?

:       0       10

nalin Thursday, 23 September 2021 10:45 AM

කිව්වෙනම් පාරවල් වල දේශපාලකයන්ගෙ නම් නොදා රාජ්ජ්‍ය ලාංඡනය දාන්න ඕනෙ කියලා ඒ උනාට කරනකොට පුවරුවකට දේශපාලකයන්ගෙ නම් 51ක් දාල තමයි හදන්නෙ.

:       0       14

Perera Thursday, 23 September 2021 11:09 AM

ඕකෙ නම් තියන එකෙක්වත් ඕකට පුද්ගලික වියදමින් සත පහක්වත් වියදම් කරලා තියනවද ?

:       0       8

කේ ඩී අමල් Thursday, 23 September 2021 11:16 AM

හදන්න වියදම් කලේ පිටරටින් ගත්ත ණය හා මහජන බදු මුදල් කියල ලියල නැහැ නේද ?

:       0       3

Nihal Thursday, 23 September 2021 11:21 AM

තවම ගෝත්‍රික මට්ටමේ නේ

:       0       9

Mahin Thursday, 23 September 2021 11:40 AM

සෞභාග්‍ය කරා යන ගමනක් මේක .අධාහනාගාර තවත් උවමනයි

:       0       9

Chutte Thursday, 23 September 2021 11:47 AM

ඉස්සෙල්ලාම ඔය ලැයිස්තුව ආදාහන කරමු .ක්‍රියාත්මක වෙනවද බලන්නත් එක්ක

:       0       13

ජගත් Thursday, 23 September 2021 11:51 AM

රාජපක්ෂ සහෝදරයන්ගෙ අම්මයි තාත්තගෙයි නම් දෙක දැම්මම සම්පූර්ණයි .

:       0       13

Lalith M Thursday, 23 September 2021 12:06 PM

ඕකේ නම් තියෙන ඔක්කොම ඕකෙම පිලිස්සේවා කියල ප්‍රාර්ථනය කරමු......සාදුකාරයක් දෙමු.....

:       0       6

මාම Thursday, 23 September 2021 12:36 PM

පෙරහුරුවක් වශයෙන් ඔය 51 ඇතුලට දාල ගිනිතියන්න තිබුනෙ.

:       0       8

de silva berlin Thursday, 23 September 2021 12:49 PM

මෙවැනි විකාර තිබෙන්නේ ලංකාව වැනි නොදියුණු රටවල .ලෝකයේ දියුණු රටවල මෙවැනි බහුබූත නැත

:       0       7

Shantha - Qatar Thursday, 23 September 2021 01:27 PM

මගේ නමත් තියනවද දන්නේ නැහැ

:       0       2

raheem Thursday, 23 September 2021 01:29 PM

51 දෙනාගෙන් ඉස්සරවෙලා නිවන් යන අය මෙතනම ආදාහනය කරන්න . ඊට පස්සේ ඒ නම මකලා දාන්න

:       0       3

ගමේ එකාලා Thursday, 23 September 2021 01:39 PM

ඔතනට ඊළඟට යන්න ඉන්න දේශපාලුවන්ගේ නම් සෙට් එක වෙන්ඩැ. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .

:       0       2

සමන්ත Thursday, 23 September 2021 01:43 PM

මිනියක් ආදාහනයකර හෝ ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් එය ලැබීමට පොරකන ප්‍රයත්න දරන ඇත්තන් ගැන කථාකර කාලය වැය නොකරන්න. මොවුන් ජීවත්වුවද මළ මිනිසුන් වැනිය.

:       0       3

godfrey Thursday, 23 September 2021 02:18 PM

මලමිනියෙනුත් දේශපාලනය කරන්න බලන මූසලයෝ ...ඔය වගේ දේවල් දියුණු රටවල කරන්නේ අඩුම ගානේ පත්තරයකවත් පල නොකරීමයි. එයට හේතුව ඔතනට ගෙනියන්නේ, පාටි දාන්න ,ඩිස්කෝ නටන්න නොවන බව දන්න නිසා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 6 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 233 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 153 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 161 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 1500 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 1117 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1246 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 316 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1342 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site