
(සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද පූනාගල වත්තේ දී අලුත උපන් බිළිඳකු එළවළු කොටුවකට විසි කළ බව කියන මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පුනාගල ආනෝල්ඩ් කොටසේ එළවළු කොටුවක තිබූ බිළිඳු සිරුරක් පොලිසියට හමු වීමෙන් පසුව කළ විමර්ශනයකින් පසුව සැකකාර මව අත්අඩංගුවට ගැනීමට කොස්ලන්ද පොලීසියට හැකි වී ඇත. මෙම බිළිඳු සිරුරේ ඔලුවේ කොටසක් හා පාදයේ කොටසක් සතුන් කා දමා තිබූ බවද පොලිසිය කියයි.
වැසිකිළියක් තුළ දී දරු ප්‍රසූතිය සිදුවී ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ආර් එම් රත්නායක මහතා අද (9 ) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොස්ලන්ද අමුපිටිකන්ද සුබ්‍රමනියම් ජයන්ති නමැති 28 හැවිරිදි දෙදරු මවකි . බිළිඳු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ද්‍රවිඩ වතු කම්කරු කාන්තාවන් මෙවැනි වැඩ මීට පෙරත් සිදුකළා. මොවුන් මේ කරන වැඩ නිසා කිලිටි වෙන්නේ මේ රටේ නාමයයි. මේවා පිටරට වලට යන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහෙම දෙයක් කලා කියලයි.
මෙවැනි සිදුවීම සාමාන්‍ය දෙයක් වෙලා