(සමන් විජය බංඩාර)
එදා අරණායක සුරපුරයක් කරන බව කී නිවාස ඇමති නැවත අරණායක අවතැන් වූවන් බැලීමට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“එදා නිවාස ඇමැතිවරයා අරණායකට ඇවිත් කිව්වේ සාමසර සුරපුරයක් කරනවා කියලා.නමුත් සුරපුරය බලන්න පුළුවන් මෙහාට ආවාට පස්සේ.එහෙම කියලා ගියපු මගේ ගමේ නිවාස ඇමතිවරයා ආයේ අරණායකට ඇවිත් නැහැ. මෙ වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් විමක් නැහැ. සුරපුරයක් කරන්න ආපු අය ජනතාව කුඩාරම්වලට දමලා හිර කරලා තිබෙනවා. “යැයි ඒ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අරණායක සාමසර විපතින් අවතැන් වුවන් රැඳි සිටින අවතැන් කඳවුරු වෙත ගොස් ඒවාහි ශ‍්‍රමදාන කටයුතුවලට අද (02) සහභාගී වූ අවස්ථාවේදී ය.
“දැන් අරණායක සාමසර කන්ද නාය ගිහින් මාස 13 ක්.පසුගිය මාසයේ අපි ඇවිත් මේ ජනතාව සමග කතා කළා.ඔවුන් අමාරුවෙන් කුඩාරම්වලට වෙලා ඉන්න හැටි අපි දැක්කා.අපි රට හා ලෝකය දැනුම්වත් කළා. නමුත් ආණ්ඩුව කළේ ඒවාට උදව් කළා කියලා නිලධාරින්ගෙන් පළි ගන්න ලැස්ති වීමයි. “
“රටේ තරුණයන් සහ වගකිව යුතු පුරවැසියන් ලෙස වගකිමක් තිබෙනවා අපිට පුළුවන් දේ කිරිමට.එමෙන්ම අපි ආණ්ඩුවට බල කරනවා. කරුණාකරලා ඔය සංදර්ශන , නාට්‍ය, තර්ජන සහ ජනතාව පාගන එක නවත්වලා මේ ජනතාවට සහන දෙන්න කියලා.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වෛද්‍යවරුන් කණ්ඩායමක් මගින් අවතැන් වූවන්ට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සේවයක්ද ක‍්‍රීයාත්මක කෙරිණ.






COMMENTS
ඉස්සෙල්ලාම එෆ්.සී.අයි.ඩී. එකත් එක්ක තියෙන ගනුදෙනු ඉවර කරගෙන එනවද?
ලොකු බේබි,... අප්පච්චිගේ කාලේ අරගත්තු සල්ලිවලින් ටිකක් වියදම් කරලා ගෙවල් හදල දුන්නා නම් හොඳයි නේද?
නාමල් මහත්තයෝ ඇත්ත කිව්වනම් නේද හොඳ? ඔබතුමා ගැන මුළු රටම දන්නවනේ...
ඔබතුමා හදපු එක සුරපුරයක් පෙන්නන්නකෝ මේ අවුරුදු ගානටම....
අනේ !!! රටේ මහජන මුදල් අරගෙන දැන් අනුන්ගේ වැරදි කියනවා... ඉස්සෙල්ලාම මුදල් සහ රාජ්‍ය දේපළ ආපහු දුන්නොත් හොඳයි...
අරනායක පළාතේ ගෙවල් නැතිවුණ අයට ගත්තු මුදල් ආපසු දෙන්නකෝ...බොරුවට තණකොළ කපල වැඩක් නැහැ . මුළු රටම ජනතාව දන්නවා කවුද කියලා..
සාමාන්‍යයෙන් තණකොල කපන්නේ එතනම ඉන්න අයට දෙන්නලුනේ... මුලු රටම අන්දවන විදිහ නම් හොඳට දන්නවා.
මේවාට කියන කට හොඳයි බිම උලා ගන්නවා...
මොකක් හරි හොඳ දෙයක් කරන්න... එ්ත් අපිට සංදර්ශන එපා. ඔබතුමා ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ? රග්බිද? නීතිඥකමද? දේශපාලනයද?
මේ රටේ බිහිවු පුහු උජාරුවෙන් තම හිස උදුම්මාගෙන කියන කතා තමයි. ඇයි තම පියවරුන් බලයේ සිටියදී තමන්ට වඩා ඉහලින් කිසිවකුත් නැතැයි සිතුවේ?
මෙතුමා කියන දේත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා. නිවාස ඇමතිතුමා හැමදාම මුල්ගල් තියන්නේ හම්බන්තොට ප්‍රදේශයේ පමණයි. පසුගිය කාලේ ගංවතුරෙන් අනාථ වුණු අයට ගෙවල් හදන බවක් නම් පේන්න නැහැ. ඇමතිවරයෙක් වුණාම රටටම වැඩකරන්න ඕන තමන්ගේ දිස්ත්‍රික්කයට පමණක් වැඩ කරලා මදි..
සුනාමි අාධාරවලට මොකද කලේ කියල අප්පච්චිගෙන් අහල බලලා හිටිය නම් වඩා හොඳයි.
බලාගෙන යනකොට මෙතුමාට, එයාගේ අතීතය අමතක වුණත් උණුවෙන පපු හදවතක් තියෙන බව පෙන්වන්න හදනවා. කොහොමද හරියටම එදා එතැනට වාර්තාකරුවන්, කැමරා ශිල්පින් එහෙම ආවේ... ? නාමල් මහත්තයා තනකොළ කපන එක වාර්තා කරන්න...
තණකොළ වල ඇති ගුණය අපි කවුරුත් හොඳින් දන්නවනේ...
කෙලින් කතා කරන අවංක පුද්ගලයෙක් බව මට හැඟෙනවා.
අර එකපාරක් කොළඹ නිවාස අහිමි වන්න ගිය මිනිසුන්ට කිව්වා නේද "මගෙ ඡන්දේ තියෙන්නෙ හම්බන්තොට, එහෙ මිනිසුන්ට තමයි මම කරන්නේ...." කියලා. අරණායක තියෙන්නෙත් හම්බන්තොටද?
කා අතිනුත් අඩුපාඩු සිදුවේ. ඒ අඩුපාඩු හදාගන ඉදිරියට යනවා නම් ඔහුට අකුල් හෙලන්න එපා. ඔය නිවාස ඇමතිතුමා, තමන්ගේ නායකතුමා ජනාධිපති කාලේ පොඩ්ඩක් සොයා බැලුවොත් නරකද?
මේකත් ඡන්ද ව්‍යාපාරෙකම වැඩක් තමයි.
ඇත්තටම මොනවද කලේ? රේස් පැද්දා, මල්ලි කෙනෙක් නේවි එකට ගියා. අනිත් මල්ලි අජටාකාශගාමියකු වෙන්න ගියා... එහෙම ගියේ මහජන මුදලින් නේද?
හොඳයි.. එහෙනම් ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නකෝ...
ඔබතුමා ඊළඟ ජනාධිපතිකමට ඉල්ලන්න ඕනා. ඔබතුමාගේ හදවත උණුවෙන හැටි දැනුයි අපට තේරෙන්නේ....
තණකොළ කපමින්, නිවාස හොයමින් කාලය ගතකරන්න අවශ්‍ය නැහැ. ඔබතුමා භාවිතා කරන එක බෙන්ස් රථයක් විකුණුවා නම් නිවාස 5-6 ක්ම හදලා දෙන්න පුළුවන්....
හතරවැනි ඡායාරූපේ ඉන්න මනුෂ්‍යයාගේ මුහුණ දුටුවහම හිතා ගන්න පුළුවන් මේ දේශපාලන සංදර්ශනය ගැන... එයාගේ අදහස් කොහොමද කියලා..
අන්න බණ්ඩාරවෙල පැත්තෙත් මිනිස්සුන්ගේ ගෙවල් ඉරිතලල ළිං වල වතුර හිඳිලා... මොනවද ප්‍රශ්න වගයක් තිබෙනවාලු... ගිහින් බලන්න ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි !!!