(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු )
පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“එහිදි මුදල් ගනුදෙනු සිදු වු බව බොහෝ අය කියනවා. ඒක රහසක් නොවෙයි.ජනාධිපතිවරණයේදී ඇයි මන්ත්‍රී වරු සිංගප්පූරුවට ගියේ? ගිහින් එන ගමන් උස්සගෙන ආපු බෑග් වල මොනවාද තිබුණේ කියල බොහෝ අය ප්‍රශ්න කරනවා. බැදුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම නිසා යම් යම් කරුණු ජනතාවට හෙළිදරව් වෙමින් තිබෙනවා. මහබැංකු බැදුම්කර සිද්ධියේදි වගේම සිංගප්පූරු කුමන්ත්‍රණය ගැනත් සොයා බැලිය යුතුයි“යැයි රාජපක්ෂ මහතා කියයි.
අද (06) තංගල්ල කාල්ටන් නිවසේ දී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මේ බව පැවසීය.
COMMENTS
මෙන්න බොලේ අාපහු ඇවිස්සිලා...
නැතිවුණෝතින් නම් අපේ රටම ඉවරයි. මගේ මගේ කියා රටම බය කරයි. දැම්මම හොද කට්ටඩියෙක් හොයලා තියාගත්තොත් හොඳයි.
මේ කරපු හොරකම් වහගෙන කෑගහනවා නම් අල්ලා බැඳ දමන්න.
එතකොට ඔබතුමාගේ කාලේ එක එක්කෙනා උස්සගෙන ගිය බෑග් වල මොනවාද තිබුණේ කියලා බොහෝ අය ප්‍රශ්න කළේ නැද්ද? ...
අනේ යන්න නිකන් කාලය නාස්ති කරන්නේ නැතුව. ඔයා හිටපු කාලේ කිසිදෙයක් වුණේ නෑ.
අනුන්ට චෝදනා කල යුත්තේ තමන් අතේ වැරදි නැති අයයි. තිස්ස අත්තනායක මහතා ගැනීමට කීයක් ගෙව්වාද? ඒ මුදල් දුන්නේ කවුද? ජනාධිපතිවරණය කට ලඟ තියාගෙන උතුරු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් දී බිලියන 5 ගණනේ එකතුකලේ කවුද? ඒවා ගැන පරීක්ෂණ නොවීම නිසා සහ දැන් තිබෙන පරීක්ෂණයෙන් රවී කරුණානයක වැරදි නම් ඔහුව නෙරපීම ගැන නම් එකඟයි.
බලන් ගියාම කවුරු කවුරුත් මහේන්ද්‍රන් මහත්තයව පාවිච්චි කරලා තියනවා වගෙයි.
අනේ ලැජ්ජාවක් නැද්ද? යහපාලනය නිසා ඔයගොල්ලන්ගේ කටවල් ඇරෙනවා.
සිංගප්පූරු කුමන්ත්‍රණය ගැන සොයන්න කලින් මේ දේවල් ගැන සොයන්න... පසුගිය පාලන කාලය තුළ මොනතරම් බිහිසුණු මාධ්‍ය මර්ධනයක් දියත් කළාද කිවහොත්, මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනය කළා. ඒ වගේම එක් මාධ්‍යවේදියකු අතුරුදන් කළා අදටත් හොයාගන්න නෑ. ඒ තමයි ප්‍රගීත් එක්නැලිගොඩ. ඒ විතරක් නෙමෙයි, රාජපක්ෂ පාලනයේ බලහත්කාරයට අවනත නොවූ මාධ්‍යවේදීන් 87දෙනෙකු විවිධ පහර දීම්වලට, අඩන්තේට්ටම්වලට ගොදුරු වුණා. සිරගත කළා. ඒ වගේම ලංකා ඊ නිවුස්, සිරස, සන්‍ඩේ ලීඩර්, උදයන් සහ සියත වගේ මාධ්‍ය ආයතන පහට පහරදීම් සිදුකළා. තවත් මාධ්‍ය ආයතන ගණනාවකට තර්ජන එල්ල කළා. 2006 ජනවාරි මාසයේ 24 වෙනිදා “සුදර්ඕලි” පුවත්පතේ ත‍්‍රිකුණාමලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වු සුබ‍්‍රමනියම් සුගිර්තරාජන්ට වෙඩි තබා ඝාතනය කරමින් ආරම්භ කළ මාධ්‍යවේදී ඝාතන ලැයිස්තුව සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව දියත් වුණා. සන්ඩේ ලීඩර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත් එදා රජයේ වගකිවයුතු පුද්ගලයන් මේ දේවල් වලට සම්බන්ධයි.
ඒක තමයි වාහනවල පටවාගෙන ආපු උතුරේ මිනිස්සුන්ගේ රත්‍රන්වලට මොකද වුණේ කියලත් හොයන්න අමතක නොකරමු.... සේරම හොරුනේ. ජනතාවට සේවය කරන්න ඇවිල්ලා දැන් ඒ අයගේ හොරකම් ඒගොල්ලෝම වමාරනවා.
සිංගප්පුරුවෙන් බෑග් වල දාලා ගෙනාවේ සුනාමි ආධාර හොරෙක්ගේ බූදලේ වෙන්න ඇති.
අනේ බබා උක්කුන්... එන්න ටිකක් වඩාගන්න.
අපට දැන් ඕනෑවටත් වඩා බයිලා ගායකයෝ ඉන්න නිසා ඒ අයට ඒ අයගේ වැඩේ කරන්න ඇරියා නම් නරකද? මොහාන් පීරිස් උන්නැහේ එදා රෑ මාලිගාවට ආවේ කුමන්ත්‍රණයකට නෙමෙයි නේද?
ඇත්තටම කොහොමද ඔබතුමා බත් කන්නේ ?
අනේ අම්මපා මෙහෙමත් නාටක.... ලැජ්ජා නැතිව ආපහු බලයට ඒවි... පුදුම රටක් මේක...
හොරකම් කරන්න බැරිවුණ ටික මලුවල දාගෙන යන්න නේද ආයිත් රජවෙන්න සිහින මවන්නේ?
හිටපු කොළ සීයලා, හිටපු නිල් සීයලා, දැන් ඉන්න කොළ තාත්තලා පුතාලා, දැන් ඉන්න නිල් තාත්තලා පුතාලා හොර තක්කඩි අයවලුන් බවත් රතු චූටි මල්ලිලා ගැනත් ලංකා මාතාව ඉතා හොඳින් දන්නා බව අමතක කරන්න හිතන්නවත් එපා හොඳද? මොකද ඔය මොන කකුළුවා බලයට ආවත් නටන්නේ වතුර හැලිය උතුරනකන් බව තේරුම් ගත්තොත් හොඳයි හරිද? අටලෝ දහම මහජන මුදල් හොරා කාපු හැම කෙනාටම සමානය. ඒක මේ අයගෙන් කව්ද කියා වැදගත් නැත.
මෙන්න මෙතුමාට මොකක්ද වෙලා තියෙන්නේ?
දැන්වත් කියනවද මහින්ද මහත්තයෝ 2010දී එවකට ඡන්ද කොමසාරිස් දයානන්ද මහතා ජනපතිවරණේ ඡන්දෙ දවසේ සහ ඊට පසුදින කොහෙද හිටියේ කියා? ඒවා එතකොට විහිළුද? රනිලුයි ජවිපෙ එකයි එතකොට ගොළු වුණා. මේවා ඔක්කොම ලංකාවේ දේශපාලන විහිළු වගේ.