(කාංචන කුමාර ආරියදාස)
මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරාවියැයි යන්න ජනතාවගේ දැඩි විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය.
සියම් මහා නිකායෙ අස්ගිරි පාර්ශවයේ මාතලේ දීසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ගම්බා පිරිවෙනෙහි අධ්‍යක්ෂ අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් (07) දින බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු ඇතුළු පිරිසක් ද රංගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කර නායක ස්වාමීන් වහන්සේ බැහැදැක දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට බලපා ඇති ගැටලු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළහ.
මෙහිදී මාධ්‍ය අමතමින් ය හිටපු අමාත්‍ය ජී .එල් .පීරිස් මහතා කියා සිටියේ අයවැය පරාජය කිරීම සඳහා තිබුණු හොඳම අවස්ථාව ගිලිහී යෑම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පවතින බවයි . එය සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රී කණ්ඩායමක් බව කීවේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි එම මන්ත්‍රීවරුන් ඊට පෙර අයවැය යෝජනාවට විරුද්ධව දැඩි විවේචන එල්ල කළ බව ද හෙතෙම කියා සිටියේය.
මේ රටේ එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක අවශ්‍යතාවය පවතින බවත් ඉදිරියේදී එවැනි බලවේගයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් අප්‍රේල් 10 දින එම සාකච්ඡාව තවදුරටත් ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය සහ වචන ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතුව ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මේ මස 08 දින වන විට දකුණු පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් මස විසි වැනි දින වන විට බස්නාහිර පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් මාසය අවසන් වන විට පළාත් සභා නවයකකින් අටක නිල කාලය අවසන් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ හේතුව නිසා පළාත් සභා කාර්ය භාරයන් සියල්ල අකර්මන්‍ය වී තිබෙන බවද ජී .එල්. පීරිස් මහතා සඳහන් කළේය. දිගටම මැතිවරණ නොපවත්වා මෙයාකාරයෙන් රජය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් මතුවන බවද කීවේය.පළාත් සභා ඡන්ද නොපවත්වන්නේ අන්ත පරාජයක් රජය ලබන බව දැනගෙන බවද හෙතෙම කියා සිටියේය.


COMMENTS
ඔබතුමා හැම වෙලාවකම ගිලිහුණු දේවල් ගැන කියමින් පංචස්ථාප වෙන පුද්ගලයෙක් .... අන්න ඒ නිසා තමයි ඔබතුම වගේ පුද්ගලයින් ඉන්න තැන්වලට වගතුවක් නැත්තේ ..
මට මහලු වයසේ , බැරිය වෙණ ගායනා පෙරසේ .......
දැන් නම් ජී එල් ට හරිනෑ වගේ. ජයවර්ධන මහත්තයා තමා හරියට දැනගෙන මෙයාව ඈතට කරලා තිබ්බේ.
අයවැයට පක්ෂව චන්ද 119ක් ලැබුණා. ශ්‍රීලනිප විරුද්ධව ඡන්දය දුන්නත් පරද්දන්න බැහැ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ නොම්මර එකේ පිරිසක්...
දැන් කලේ හරි ඔබලාට අයින් වෙන්න .
පේනතෙක් මානයක එ්කාබද්ධයට සුගතියක් නම් නැහැ.. දිගටම අත්වෙන්නේ පරාජය තමයි.. හේතුව පිට කවුරුවත් නෙවෙයි. ඕකෙ ඇතුලේ ඉන්න කුජීත වෙච්ච දේශපාලුවෝමයි.. එවුන්ගේ කුණු ගඳ ගහන කතාවලට ඇහුම්කන් දුන්නාම ඒකාබද්ධය එපාවෙනවා… අනිත් පැත්තේ. දැනට ඉන්න හරක් රැලම දිගටම හිටපුදෙන් කියලා හිතෙනවා..
ඇදුරුතුමා බයවෙන්න එපා ඒ වැඩේට විධායක නිලධාරීන් 35000ක් බැහැලා ඉන්නවා.
මේ මහාචාර්ය තුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ එල් ටී ටී ඊ එකේ කට්ටිය එක්ක ලෝකේ පුරා සාම සාකච්ඡා තියන්න එයාගේ යෝජනා "පොට්ටනියක්" කරගහගෙන ඇවිද්දා දැන් මතක නැද්ද? දැන් පක්ෂයක නාමිකව නායකයා කියල කියාගෙන ඉන්න ගමන් තවත් පක්ෂයක සාමාජිකත්වය තියාගෙන ඒ පක්ෂයේ බලය අල්ලන්න දඟලන කෙනෙක් කර උඩ තියාගෙන උන්නැහේට ආපහු බලය ලබාදෙන්න රට පුරා ඇවිදිනවා. අනේ කාලේ වනේ වාසේ කිවලු.
අනේද කියන්නේ හැමදාම මල් වට්ටි වට්ටි අරගෙන පන්සල් ගියාට දෙවියෝ ඔයාල දිහා බලන්නේ නැහැ .... මොකද ඔය සේරමලාගේ බොක්ක හොද නැහැ එකයි. දැන් ඉතින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න බලය තිබ්බ කාලේ කරපු දෙයක් නැහැ නේ ද?
මෙතුමට ඕනේ එජාපෙ පරද්දන බලවේගයක් හදන්න. රට හදන බලවේගයක් නෙවෙයි. ලැජ්ජයි මහත්තයා එජාපෙ කියන්නේ තනි පක්ෂයක්...
ඔය වයසක අයව ගෙදර යවන්න.
දැන් ඉතින් ඕක පැරැද්දුවා කියලා ඇති පලේ මොකක්ද? අවුරුද්දට සේවක පඩිනඩි ගෙවන්න බැරිවුණාම ඒකෙත් වරද පොදුජන පෙරමුණේ. තවත් ඡන්ද ටිකක් ගිලිහිලා යාවි...
බැරි වැඩ නොකරන් අබරෝ... කිව්වේ නිකන්ද? මට මහළු වයසේ.. බැරිය වෙණ ගායනා පෙරසේ... කියලත් තියනවනේ. 2015 ඉඳලා කී පාරක් ආණුඩුව පෙරළුවද? නේද? සද්දෙ විතරයි වැඩ බෑ. කොහොමත් වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්න මිනිස්සු කරන්න ඕනෑ විවේකීව පින්දහම් කරන එක... මොකද එළොව පෙනෙන මානයේ නිසා. ඔහෙත් එක්කම ඔහේගේ අනික් අයටත් මේක අදාලයි.
ජනතාව කාටවත් අයවැය පරාජය කරන්න කියලා කිව්වේ නෑ. මෙතුමා බොරුමයි කියන්නේ.
මහාචාර්ය උපාදියකුත් තියාගෙනත් හොරුන් එක්ක හිටගන්නේ ඇයි ඇදුරුතුමෝ?
මහාචාර්ය උපාදියකුත් තියාගෙනත් හොරුන් එක්ක හිටගන්නේ ඇයි ඇදුරුතුමෝ?
මල් වට්ටි අතේ තියාගෙන මේවද කතා කරන්නෙ? මේ හාදයො මොකටද ගෙන්වන්නෙ පන්සල් වල උත්සව වලට
මහාචාර්ය කමටත් නිගාදෙන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලා වත් නැති කෙනෙක්.
අපෝ කනදෙයක් කාලා පැත්තකට වී සිටින්න
මෙයා ඉඳල තියෙන්නේ පොහොට්ටුවෙන් ඔක්තොම්බෙර් 26 දා වගේ පාන්ඩුවක් හදන්න.
සේරම නලුවෝ... ජනතාවට පුන්නක්කු තමයි දෙන්නේ.