අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි.
මොසුල් නුවර මහ පල්ලිය මුස්ලිම් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධියක් උසුළන අතර මෙම පල්ලියේ තිබෙන බැල්කනියක් වැනි උස් අටල්ල ද ඉතා සුප්‍රකටය. අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි 2014 වසරේදී ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ''කලීෆා"ප්‍රකාශයට පත් කළේද එහි සිටය.
කෙසේ නමුත් තමන් එම පල්ලිය විනාශ නොකළ බවත් ඇමෙරිකා හමුදාවට අයත් ප්‍රහාරක යානයකින් පල්ලිය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණය විනාශ වූ බවත් එම සංවිධානයේ විධානයේ පුවත් සේවය වන ''අමාක්" පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
අයි.එස් සංවිධානය මොසුල් නුවර මහ පල්ලිය පුපුරුවා හැරීමෙන් පෙනී යන්නේ එම සංවිධානය නිල වශයෙන් පරාජයට පත් බව පිළිගැනීම යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි මහතා පැවැසීය.
මුස්ලිම් පල්ලියත් එම පල්ලියේ අටල්ලත් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ගොස් තිබෙන අයුරු ගුවන් ඡායාරූපවලින් දැකගන්නට ලැබිණි.
''අයි.එස් සංවිධානය එම ඓතිහාසික අපරාධය සිදු කරද්දි අපි හිටියේ පල්ලියට මීටර 50ක් පමණ දුරින්" යැයි ඉරාක හමුදාවේ අණදෙන නිලධාරියෙක් පැවැසීය.
''අයි.එස් සංවිධානය මොසුල් නුවරට වගේම ඉරාකයට තිබූ වටිනා වස්තුවක් විනාශ කර දැමුවා" යැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් කීය.
''මෙය මොසුල් වැසියන්ට වගේම මුළු මහත් ඉරාක වැසියන්ට එරෙහිව කරන ලද අපරාධයක්. මේ සංවිධානය මුළිනුපුටා දැමීමට මෙය එක් උදාහරණයක් පමණයි" යැයි ඇමෙරිකා හමුදාවේ මේජර් ජෙනරාල් ජෝශප් මාටින් මහතා කීවේය.
අයි.එස් සංවිධානය ඉරාකයේ හා සිරියාවේ තිබෙන ඉතා වැදගත් ඓතිහාසික උරුමය සහිත බොහෝ ස්ථාන විනාශ කර දැමීය.
ඒ.එෆ්.පී/රොයිටර් හා බී.බී.සී ඇසුරිනි 055


COMMENTS
අවිගත්තෝ අවියෙන්ම නැසෙති, විනාශය වපුරන්නෝ විනාශය නෙලා ගන්නෝය.
බොහොම කිට්ටුවෙන් හිටියා නම් වැඩේ කරලා තියෙන්නේ කවුද ? කියල හිතා ගැනීම පාඨක ඔබට බාරයි.
ඉරාකයේ සිදුවන පුරාවිද්‍යා හා ඓතිහාසික ස්ථාන වැනසීමේ ක්‍රියා කලාපයම අපේ රටෙත් සිදුවේ. එවැනි දේට විරුද්ධව හඬ නැගීම සංහිඳියාවට විරුද්ධ වීමක් ලෙස සලකා හඬ නැගූ භික්ෂුන් වහන්සේලා හා සාමාන්‍ය මහජනතාව උසාවි පොලිසි ගානේ ගෙනයනු පෙනේ. රජයේ මෙම ක්‍රියා කලාපය වැරැද්ද කරන අයට කරන උදව්වක් සේම තව තවත් එවැනි ක්‍රියා සිදුවෙද්දී මහ ජනතාවට නොදැක්කා සේ සිටින ලෙස අනියම් ආකාරයෙන් හෝ තර්ජනය කිරීමකි.
මේකත් බොදුබලේ ගිණුමට වැටෙයිද?.