(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව ජාවාරම් කරුවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත් පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අයිලිය රක්ෂිතය හා රජයේ ඉඩම් අක්කර 2500 කට ආසන්න ප්‍රමණයක් ඇති අතර ඇතැම් ඉඩම් ජාවාරම්කරුවන් මෙම වනය වැනසිමට අවස්ථා රැසකදී කටයුතු කළ නමුත් එය වැළකී ගියේ මාධ්‍ය මගින් එය හෙළි කිරිමත් සමගය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අයිලිය රක්ෂිතය සුවිශේෂ පරිසර පද්ධතියකින් සමන්විත වන සතුන් රැදි සිටින වන උයනක් බව පරිසරවේදින් හා වනජීවි නිළධාරිහූ පවසති.
නමුත් නැවතත් එම වනය දේශපාලඥයින් කිහිප දෙනකුගේ සහය ඇතිව රහසිගතව එළි පෙහෙළි කර ඉඩම් අත් පත් කර ගැනිමේ කටයුකු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ වන විට ජාවාරම්කරුවන් වනය තුළ ඇති පළු ,විර , කොහොඹ , සහ අනිකුත් දැවැන්ත සහ කුඩා ගස් රැසක් වනය තුළම කපා ඉරා දැව තොග රැගෙන ගොස් ඉන් පසුව ගිනි තබා වනසා තිබෙන ආකාරය එහි සංචාරයක නිරත වු අපට දැක ගත හැකිවිය.
මෙම දැවැන්ත පරිසර හානියට රාජ්‍ය නිළධාරින් කිහිප දෙනෙකුගේ ආධාර උපකාර රහසිගතව ලැබේන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ පිළිබඳව තොරතුරු පැවසු නම් ගම් හෙළි කිරිමට අකමැති අයකු මෙසේ පැවසීය.
“ පුදුම විනාශයක් මේ ප්‍රදේශයේ වෙන්නේ.මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින් කිහිප දෙනකුම සම්බන්ධයි.ඒ වාගේම ප්‍රාදේශීය දේශපාලනඥයකුත් මැදිහත් වෙලා සිටිනවා .එසේ නැතිව මේ ජාවාරම් කරුවන් බය නැතිව මේ වාගේ දෙයක් කරන්නේ නෑ.අනික් කරුණ තමා මේ වනය ඇතුළේ ගව ගාල් දාගෙන කැලෑවේ ජාවාරම් කරන්නේ. මේ සියල්ලෙන්ම වෙන්නේ වනය විනාශ විමයි . අනික පසුගිය කාලයේ අයිලිය කැලෑව විනාශ කරපු අයම ආයෙත් ඒ කැළැව වනසනවා“
මේ සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස් .හේරත් මහත්මියගෙන් කළ විමසීමකදි ඇය පවසා සිටියේ පසුගිය කාලයේ සිදූ වූ හානිය තමන් වහාම නවතා දැමු බවත් නැවතත් එවන් හානියක් සිදු වන බව තමන් දැන සිටියේ නැති බවත් ය.
“කඩිනමින් මේ සදහා ක්‍රියාත්මක වෙනවා. අනික අපේ නිලධාරින් පිරිසක් මේ විනාශය ඇතුළේ ඉන්නවා කියලත් දැන ගත්තා.කඩිනමින් අදාළ කටයුතු කරන්න සුදානම් “යැයි ද ඒ මහත්මිය පැවසුවාය.









COMMENTS
පරිසර ඇමති නොමැති නිසා රටේ පරිසරය රකින කෙනෙක් නැත.
ඉස්සෙල්ලා කැලේ කපලා, ගිනි තියලා අල්ල ගන්නවා. ඊට පස්සේ අරාබියෙන් එන කෝටි ගණන් ආධාර වලින් ජනපද හදනවා. ඊට පස්සේ මේවා අපේ පරම්පරාගත ඉඩම් කියනවා. දකුණේ ඉන්න ඩිරාම් පුද්ගලයෝත් ඒවා පරම්පරා ඉඩම් තමා කියලා දකුණ අන්දනවා. ඕකනේ වුනෙත්.. ඒ වගේම දිගටම වෙන්නෙත්...
මේ විල්පත්තු ජනපද හැදිල්ල නවත්තන්නෙත් නෑ, නවතින්නෙත් නෑ. සුළු ජාතික ඡන්දවලට ලෝබ රටේ නායකයෝ ඒවා නවත්ත්වන්න කිසි පියවරක් ගන්නෙත් නෑ. අදටත්, ඉස්සරහටත් එහෙම්මයි. මේ කැලේ අඟලක්වත් ඉතුරු වෙන්නේ නෑ තව වසර කිහිපයක් යනකොට. ඉඩම් නැති දකුණේ මිනිස්සුන්ටත් දැන් තියෙන්නේ ගිහින් ඔය විල්පත්තු කැලෙන් ඉඩම් අල්ල ගන්න එක!
ලෝකෙන් උතුම් රට ලංකාවයි.... නමුත් දැන් වෙනදේ දැක්කම ලෝකෙන් අවාසනාවන්තම රට ලංකාව වගෙයි පේන්නේ...
හා හා ශානු.. සද්ද කරන්න එපා. ජාතිවාදීන් වෙනවා. අනික සහජීවනයට බාධා වෙනවා...
ඕවා කතා කරන්න එපා. සන්හිඳියාවද මොකක්දෝ එකකට බාධා වෙනවලු. ජාතිවාදය ඇවිස්සෙනවලු. එ්ක නිසා අපි ඕව දැක්කෙත් හැහැ. ඇහුනෙත් නැහැ.
අපේ ජනාධිපතිතුමා, පොලිසිය මොකද කරන්නේ? රටේ ඉඩම් ආරක්ෂා කරන්න බැරි ජනාධිපතිවරයෙක්, පොලිසියක් මොකටද? මුස්ලිම් කොලනියක් කරන්නද ඕනේ මේ බෞද්ධ රට...
මේ කැලේ කපන අය වගේම සිංහල ජනතාවත් ඉන්නවා ඉන්න හිටින්න බිම් අගලක් නැති... ඇයි ඒ අයත් මේ ක්‍රියාවම අනුගමනය නොකරන්නේ? රජය ඉඩ දෙනවා නම් මෙයලටත් පුළුවන් ගිහින් ගෙවල් හදා ගන්න. කැලේ කපල කුඹුරු හදා ගන්න එතකොට බලමු කොහොමද ආණ්ඩුව හා නිලධාරීන් එ්කට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා...
අයියෝ ඕවට කතා කරන්න ගියොත් ජාතිවාදය අවුස්සනවා කියයි. මේ වගේ ආණ්ඩුවක් මම දැක්ක පළමු වතාවත් මෙයයි..
කෝ මේ කෛවාරු ගහන පරිසර ඇමති????දැන් සිංහල අපිට වෙන්නේ මුහුදට පනින්න තමා මේ යන විදිහට.
ඔහොම යන් කයිවාරු ගහන ඔය දේසපාලකයන් දන්නේ නැහැ චන්දයෙන් පසු
රටේ පළමුවැනි පුරවැසියාගේ කටේ පිට්ටු
ලංකාදීප පත්හරෙන් හෙට උදේ වත් මේවා පරිසර ඇමති තුමා දෙක්කොත්.. අනේ මන් ද ජනාධිපති වෙලත් .....
මේවා මේ ආණ්ඩුවේ ඉන්න බුරුවන්ට පෙන්නේ නැද්ද මන්ද
ඊලඟ පාරවත් හොඳට කල්පනා කරලා අපේ රටට අාදරේ කරන උගත්, බුද්ධිමත් නායකයෝ තෝරලා පාර්ලිමේන්තුවට යවන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා. නැත්නම් අපේ දරුවන්ට ජීවත්වෙන්න රටක් ඉතුරු වෙන එකක් නෑ.
අපේ රටේ 'එන්.ජී.ඕ' සංවිධාන වලින් පෝෂණය වන සංවිධාන තිබුණට සිංහලයා වෙනුවෙන් කතාකරන සිංහල සංවිධාන නැත. රට අස්ථාවර කරන සංවිධාන ඩොලර් වලට උද්ඝෝෂණ කරයි. ඩෙංගු මදුරුවාට දුම් ගහන කොට පාරට ගිහින් ඉඳීවි... මගේ කාලේ මට ඉන්න තිබුණා නම් ඇති කියල ඉන්නවද කියන එක විශාල ගැටලුවකි. ඔහු පරිසර ඇමැතිවරයාය. කියන නීති එමටය. කරන දෙයක් දකින්නට නැත...
මේවට නියම විදියට ක්‍රියාත්මක වීමට නම් දේශපාලකයන් ඉවත්කල යුතුය ...
මේ තරම් දරුණු ලෙස පරිසරය අස්ථාවර කරවීම නවත්වන්න බැරි රාජ්‍ය නායකත්වය ගැන අපට ගැටළු තිබේ.
මට පුදුමේ කැලේ කපන්න කලින් මේවා නොදැක්කේ මොකද කියලයි? කැලේ විනාශ කරන්න කලින් හෙව්වා නම් මෙවැනි විනාශයක් සිදුවෙන්න නැහැ. අර නිව්ස් වලට දිගටම මේ ගැන පෙන්නලා දුන්නත් අපේ අය පිළිගත්තේ නැහැ. ඔවුන් සමහර ඇමැතිවරුන්ගේ කුණු රෙදි සේදුවා. දේශපාලකයෝ නිසා අද මොකුත් කරන්න බැරිවෙලා... රට විනාශ වෙනවා. යහාපලනය කියන්නේ මේ වගේ පාලනයකට වෙන්නැති.... මම යෝජනා කරන්නේ විල්පත්තු රක්ෂිතයට හමුදා ආරක්ෂාව යොදවන්න කියලයි.