IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඹගමුව පෙත්සමෙන් ඡන්දයට බලපෑමක් නෑ -ෆයිසර්

(ජයන්ත සමරකෝන්)

අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පළාත් පාලන ඡුන්දයට කිසිදු බලපෑමක් සිදු නොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (5) පැවසීය.

අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය කොටස් 3කට බෙදා වෙන් කරන ලද ගැසට් නිවේදනය මගින් බෞද්ධයින්ට හිමිවන තැන අහිමි කර නැතැයි කී ඇමැතිවරයා ශ්‍රීපාද ස්ථානය අයත් වන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයට මිස නුවරඑළිය දිස්ත‍්‍රික්කයට නොවේ යැයිද කීය.

යම් ගැටලූවක් සම්බන්ධයෙන් අධිකරණයට යෑමට  ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇතැයි ද ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීම තමාගේ වගකීම යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රජය සැම විටම කටයුතු කරන්නේ ප‍්‍රජාන්ත‍්‍රවාදී ලෙස පමණක් බවද ඔහු කීවේය.

ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මෙම කරුණු දැක්වූයේ කොළඹ 2 යුනියන් පෙදෙසේ පිහිටි අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ ඊයේ (5) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (0)

අඹගමුව පෙත්සමෙන් ඡන්දයට බලපෑමක් නෑ -ෆයිසර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site