(ඩයනා උදයංගනී)
‘අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම සුළි කුණාටුව අද (20) පස්වරුව වන විට බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින අවට මුහුදු පරපර දේශ හෙට (21) පස්වරුව වන තුරුත් රළු විය හැකි නිසා එතෙක් මුහුදු යාමෙන් වැළකී සිටිය යුතු බව ද එම පර කාශකයා කීවේය.
කෙසේ වෙතත් එම කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පවුල් පවුල් 2,487කට අයත් 9,716 දෙනක් පීඩාවට පත්ව සිටිති.
මෙම පිරිසෙන් පවුල් 279කට අයත් 1,138 දෙනෙක් ආරක්ෂිතත ස්ථාන 23කත්, තවත් පවුල් 266 කට අයත් 1,077 දෙනෙක් තම ඥාති නිවෙස්වලත් රැඳි සිටින බව ආපදා කළමනාකරණ මධ්ය2ස්ථානය පවසයි.
කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, ගාල්ල සහ මාතර යන දිස්තරිකට ක්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්යගස්ථානය සදහන් කරයි.
මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 586කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.