(නවරත්න සමරතුංග)
අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් අද (30) එම රෝහලේ කාර්යමණ්ඩලය නිහඬ විරෝධතාවයක නිරතවෙමින් වහාම එම ක‍්‍රියාමාර්ගය නතර කරන ලෙස රජයට බලකර සිටියහ.
මේ අතර උදෑසන සිටම මෙම සිද්ධිය හේතුවෙන් එහි කාර්ය මණ්ඩලය අතර දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබිණ.
මෙම රෝහලේ සේවය කළ වෛද්‍ය අධිකාරිවරයා මේවනවිට රෝගීව මාස හතක පමණ කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඒ සඳහා වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයෙකු සේවය කරමින් සිටී.
එහෙත් රට තුළ පවතින වාතාවරණය හමුවේ මෙසේ මුස්ලිම් ජාතික වෛද්‍ය අධිකාරිවරයෙකු හදිසියේ අනුප‍්‍රාප්ත කිරීමෙන් රෝහල තුළ ගැටලු රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය ඊයේ උදෑසන වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයාගේ නිල කාමරයේදී සාකච්ඡා කළහ.
එහි ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී මේ පිළිබඳ ගතයුතු ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට වෘත්තීය සංගම් සහ එහි සාමාජික පිිරිස්ද විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. ඒ අනුව සවස රෝහල් පරිශ‍්‍රය තුළදී මෙම නිහඬ විරෝධතාවය පළ කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අම්පාර මහ රෝහලේ විරෝධතාවයක්
සේන Tuesday, 30 April 2019 10:46 AM
අර සෞඛ්‍ය ඇමතිගෙ වැඩක් වෙන්න ඇති. අලි මදිවට කොටි කිව්වලු. රජය හත්පොලේ ගාගන්නෙ මෙන්න මෙහෙමයි.
සනත් ඉතාලිය Tuesday, 30 April 2019 10:59 AM
මේ විරෝධතාවයනම් අනවශ්‍ය ක්‍රියාවක්
Sri Lanka Tuesday, 30 April 2019 11:01 AM
රජයේ රෝහල පත්වීමක් දීන් බැරි තරමට ජාතිවාදය පැතිරිලා . ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ ?
sarath Tuesday, 30 April 2019 11:05 AM
ඔහුට වැඩ කරන්න දෙන්න, මොකක් ද අවුල . ඔක්කොම පටලවාගෙන
සුපුන් ජයතිලක Tuesday, 30 April 2019 11:32 AM
මේ උද්ගෝෂණය තුලින් ජාතිවාදී හැඟීම් උද්ධිපනය වීමක් සිදු වනවා යැයි මාගේ අදහස. මුස්ලිම් වුනත් දමිළ හෝ සිංහල වුනත් ජාති ආගම් කුල බේද පසෙකලා වැඩ කරා නම් රට මෙතරම් පිරිහීමක් නොවෙන්න තිබුනා.
BamunuarachchiWednesday, 01 May 2019 11:49 PM
කරුණාකරලා අන්තර්ජාලයට ගිහිල්ලා ඉස්ලාම් මුලධර්ම ඉගෙන ගන්නවාද? එතකොට තේරේවි මුසල්මානුවන් සමග සහයෝගයෙන් ඉන්න අපි මුස්ලිම් විය යුතු බව. දෙමළුන් සමග සහයෝගයෙන් ඉන්න ලංකාව ෆෙඩරල් විය යුතු බව. මේ සිංහල රටේ අපි ඔය දෙකටම කැමති නැත. රටේ 75% වන සිංහල අපිට සුළු ජනවර්ගයා සමග එකඟ වෙන්නට බැරිය ඔවුන් අප සමග එකඟ විය යුතුය. මේ නිවට නායකයෝ සිටියොත් රට විනාස වනු ඇත. "මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි" කියන්න පුළුවන් නන්දා මාලනීට පමණක් නොවේ.
Waruna Liyanage Tuesday, 30 April 2019 11:37 AM
මේ ස්ථාන මාරුව දේශපාලන එකක් නොවේ. මෙය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නියමිත ක්‍රියාපටිපාටියට අනුව දෙන ලද ස්ථාන මාරුවීමකි. එබැවින් රජයේ නිලධාරීන් ලෙස කොමිසමේ නිර්දේශ වලට අභියෝග නොකර රාජකාරී කිරීම ආදර්ශයක් ලෙස සැලකිය හැක.
Health Tuesday, 30 April 2019 11:43 AM
අවංක නිලධාරියෙක් නම් තීරණයට හිස නමා යා යුතුව ඇත. එහෙත් ඔහු කාර්යාලයේ සිටිමින් ඔහුගේ අනෙකුත් සගයන් මාර්ගයෙන් සේවකයන් පාරට බස්සවා විරෝධතා පෑමට තරම් පහත් තත්වයකට වැටිලද
Bamunuarachchi Tuesday, 30 April 2019 11:50 AM
අපගේ නොමසුරු සහයෝගය. 2015 පසු තත්වය වෙනස් වුනා.
Bamunuarachchi Tuesday, 30 April 2019 11:53 AM
Sri Lanka ඕගොල්ලන්ට හිතට අමාරුද? කරපු හරිය මදිද? රටේ දියුණුව ගැන කතා කරන්න.
Bamunuarachchi Tuesday, 30 April 2019 11:56 AM
විරෝධතා මැද පත්වීම දෙන්න එපා රාජකාරිය කරන්න ලැබෙන්නේ නැහැ සහයෝගය නැතිව.
Nihal Tuesday, 30 April 2019 12:25 PM
අසාධාරණ ක්‍රියාවක්. ඔහොම කරන්න ගියොත් මොවුන්ටත් මොලේ අඩුවක් කියන්නයි වෙන්නේ
BamunuarachchiThursday, 02 May 2019 12:11 AM
රෝහල් කාර්ය මණ්ඩලය කියනදේ කියවනවා "රටේ තිබෙන වාතාවරණය හමුවේ මෙසේ හදිස්සියේම මුස්ලිම් වෛද්‍ය අධිකාරියෙක් පත් කෙරීම රෝහල තුල ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත කියා" එය වැරදිද? බුරුකාවක් ඇඳගෙ මාතෘ සායනයකට පැමිණි මුසල්මානු ගැහැනියක් නිසා රෝහලක වුන කලබගෑනිය කියවුවාද? දැන් සිංහලයින් මුසල්මානුවන් ප්‍රතික්ෂේප කරන වෙලාවක්. රජයේ හැම ආයතනයකට ගියාම ඉස්සරහට එන්නේ ඔලුව වහගත්ත අය. මම කෙලින්ම සිංහල අය සමග මගේ කාරිය කර ගන්නවා.
ජයන්ත මිලානෝ Tuesday, 30 April 2019 12:29 PM
මෙය නොවිය යුතු දෙයක්. ජාතින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය පලුදු කර අනිසි බියක් ඇතිකරවීමට අවස්ථාව උදාකිරීමට මෙම රජය වගකිවයුතු වෙනවා. රටේ ආරක්ෂාව ගැන වගකීමෙන් තොරව කටයුතු කිරිම මේ සියල්ලටම බලපානවා .
kap Tuesday, 30 April 2019 12:32 PM
මේ බෝම්බ වලින් මැරුවේ ක්‍රිස්තියානි විතරක් නෙමේ. රටේ ජීවත් වෙන හොද මුස්ලිම් මිනිස්සු ටිකත් නොමරා මැරුවා.
du Tuesday, 30 April 2019 12:44 PM
තැනට සුදුසු නුවනින් වැඩ කරන්න කියන්නේ මේවට තමයි. සියලු ජනයා එකිනෙකා දෙස සැකයෙන් බලන මේ වෙලාවෙම මෙය නොකර තව මාසයකින් විතර ඕක කළා නම් හොදයි නේද? ගිනි පෙනෙල්ලෙන් බැට කා කෙනා කනා මැදිරි එළියටත් බයයි කියන්නේ ඕකට. උතුරේ යුද්දේ ඉවර වෙලා පළමු අවුරුද්දේ යාපනේ ගියාම සිංහල මිනිස්සුන්ට වතුර වීදුරුවක් දුන් නැති දෙමල මිනිස්සුන්ගේ ගෙදරට ඊට වසර 5 කින් ගියාම බතුත් කාලයි ආවේ.. සැක බිය නැති වෙන්න යම් කාලයක් අවශ්‍යයි සැමට.
saman Tuesday, 30 April 2019 12:56 PM
මොවුන් සියලු දෙනාවම අත් අඩංගුවට ගත යුතුයි. මෙය තනිකරම ජාතිවාදය පැතිරවිමක්.
BamunuarachchiWednesday, 01 May 2019 11:24 PM
ඔය හම්බ වුනේ ජාතිවාදය. තාමත් ජාතිවාදයක් ගැන කතා කරනවා. මුස්ලිම් කියන්නේ ජාතියක් නොවෙයි ආගමක්. ඒ ගොල්ලෝ කඩු තියාගෙන ඉන්නේ කැලේ කපන්න, ජාතිවාදෙට නොවෙයි. කඩුවලින් ප්‍රයෝජනය ගත්තානම් තේරුම් ගනීවි ජාතිවාදය මොකක්ද කොහෙද තිබෙන්නේ කියලා.
සෙනෙවි Tuesday, 30 April 2019 01:13 PM
මේක සිදු නොවීය යුතු විරෝධතාවයක්. මේ විදියට රට ගෙනියන්න බැහැ මේකෙන් රට නිකන්ම බෙදෙනවා
නිලංකා Tuesday, 30 April 2019 01:16 PM
වෛද්‍යවරුන් 146 දෙනෙකුට පත්වීම් ලබා දී ඇත. මේ රෝහලට විතරක් මොකද්ද ප්‍රශ්නේ...?
BamunuarachchiWednesday, 01 May 2019 05:08 PM
මේ රෝහලට එන්නේ මුසල්මානුවෙක් නිසා. මොවුන් කැමති නැහැ මුසල්මානුවෙක් යටතේ වැඩ කොරන්න.
Cham Tuesday, 30 April 2019 01:31 PM
මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල හොයල බලන්න. මෙවැනි මෝඩ ක්‍රියා නැවැත්විය යුතුයි.
BamunuarachchiWednesday, 01 May 2019 11:13 PM
ඉන්නේ මුසල්මානුවන් නොවන සිංහලයෝ. මොකද ප්‍රශ්නයක්ද? සිංහලයෝ පිටිපස්සෙන් ඉන්නේ නැහැ ඉස්සරහින් ඉන්නේ. කාදිනල්තුමා කීවා මතක නැද්ද
Anton Austria Tuesday, 30 April 2019 01:49 PM
වැසිකිළි වලක් සුද්ද කරගෙන ඔහෙට වෙලා ඉන්න.. දන්නේ නැති දේවල් කතා නොකර. ඔයාට මොකද ලංකාවට මොනවා වුණත්..? ඔයා ඉන්නේ ඔහේනේ..
s.c.perera Tuesday, 30 April 2019 09:32 PM
මේක නැති ප්‍රශ්න ඇති කිරීමක්. දොස්තර නීති විරෝධී කටයුතු කරලා තියෙනවනම් නීතියෙන් කටයුතු කරන්න.
Bamunuarachchi Wednesday, 01 May 2019 08:21 AM
මගේ සහයෝගය ඔබලාට
Bamunuarachchi Wednesday, 01 May 2019 11:32 PM
මේකෙන් රට බෙදෙනවාලු. දැන් මොකද වෙලා තිබෙන්නේ? එක්සේසත් වෙලාද? මුසල්මානුවන් අවනත නබීටයි කුරානයටයි පමණයි. රටේ නීතියට අවනත වෙන්නේ තුවක්කුව දැක්කොත් පමණි.