(සනත් ගමගේ)


අම්පාර බස් රථයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන අඳු පැලෑනේ සුජී යන අය ගල් කටස් ගිනි අවියක් සමග තංගල්ල  රන්න අඳුපැලෑනේ කෑලයක සැඟවී සිටියදී  (6) අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පැවසීය. 

තංගල්ල කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත මෙම සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් බවත් ඝාතනය කළ ගිනි අවිය මෙය නොවන බවත්, එම ගිනි අවිය සොයා පුළුල් පරීක්ෂණ සිදු කරන බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

වෙඩි තබා පලා ගිය මෝටර් රථය හා එය පදවාගෙන ගිය පුද්ගලයා මීට පෙර ඇහැළියගොඩ දී අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.