(දයාරත්න ඇඹෝගම)
අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්වූ බව අද(26) රෝහලේ පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍යවරු පැවසුහ.
ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ දී තවත් පුද්ගලයකුගේ පාදයක් වෙනත් රෝගියෙකුට බද්ධ කළ ප‍්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරු කියති.
මිට පෙර මෙවන් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණි.
ඒ අනුව ලංකාව මෙවන් සැත්කමක් සිදුකළ ලෝකයේ රටවල් අතරින් සිවුවැනි ස්ථානය ගන්නා අතර ලෝකයේ මේ අකාරයෙන් සිදුකළ පස්වන සැත්කම මෙය බවද වෛද්‍යවරු පැවසුහ. රෝගියාට බද්ධ කිරීම සඳහා මෙම පාදය ලබාගෙන ඇත්තේ කැබිතිගොල්ලැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 52 දෙහැවිරිදි මොළේ මියගිය පුද්ගලයෙකු ගෙනි. ඔහුගේ වකුගඩු දෙකද ලබාගත් වෛද්‍යවරු ඒවා නුවර ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට බද්ධ කොට ඇත.
සැත්කම සදහා පැය 11කට අධික කාලයක් ගතව තිබිණි.

COMMENTS
මේකත් ඒකටම හොඳයි...
හොඳ වැඩක්. ඒත් දැන් දිගට හරහට මොළේ මැරෙන්න පටන්ගනීද දන්නෑ. එහෙව් රටක් මේක.
මොලය නැති ධම්ම වැදගත් වැඩවලට අපහස කරන්න එපා
මොලය මියගිය දේශපාලකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා . ඒ අයගේ ශරීරයේ කොටස් අරගෙන අසරණ මිනිසුන්ට පිහිටක් වෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
දැන් ඉන්න උන්ගේ නම් කොහොමත් මොලේ මැරිලා, ඒකනේ හැම එකාම බෝර්ඩ් අරන් පාරට දුවන්නේ, එත් මෙහෙම වෛද්‍යවරු නම් අගය කල යුතුයි, මිනිසුන් 3ගෙ ජිවිත බේරලා,අපේ රට ජාත්‍යන්තරයට ගෙනියපු එකට