(ලහිරු හර්ෂණ)
‘බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක් කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක් ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හිමිගේ අනුශාසනාවේ තිබු කරුණු මැනවින් තමා අවබෝධ කරගත් බවත් එය නොතේරුම් ගත් පිරිසක් විසින් විවිධ ප්‍රකාශ කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
තමන් ඉතා සාමාන්‍ය පුද්ගලයකු වන බවත් තමන්ගේ නිවසේ පැවැති පිංකමකදී පෞද්ගලික පැවසු දේ පිළිබඳව දේශපාලනඥයින් ඇතුළු විවිධ පිරිස් විවිධ කතා මතු කරනුයේ අනු නා හිමට විරුද්ධව නම් එය ඉතාමත් නුසුදු ක්‍රියාවක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදු බව කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්කි ලබා දීම සඳහා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පිටව යද්දී අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ පසුගිය දිනක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ මතු වී ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.
ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වනවාද යන්න සම්බන්ධව හා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව මාධ්‍යවේදී කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ ඒ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන තුරු තමන්ට දැනුම් දී නොමැති බවත් අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව සලකා බලන බවත්ය. එසේම පුරවැසිභාවය පිළිබඳව ගැටළුව විසඳා ගැනීමට මාස දෙකක කාලයක් ප්‍රමාණවත් බවද පැවසීය.
අනු නාහිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි කියලා දෙන්නේ නැහැ.අනු නාහිමි එවැනි ප්‍රකාශක් කළේ ඇයි කියන දේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. අනික මේක පෞද්ගලික අනුශාසනාවකදී කරපු කතාවක්. ජනාධිපති අගමැති ඇතුළු දේශපාලනඥයින් ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ මා ඒ තරම් වැදගත් පුද්ගලයෙක්ද කියලා මං දන්නේ නෑ. මොකද මම සාමාන්‍ය පුද්ගලයෙක්.ඔවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ සමහර විට අනු නා හිමිට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්නැති.මම හිතන්නේ නැහැ ඒක සුදුසුයි කියලා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. උප්පැන්න සහතිකයට විතරක් නෙවෙයි නියම බෞද්ධයෙක් ලෙස මම කියනවා අපේ රටේ අපේ උතුම් දහම රකින්නේ හරියට සිව්පසයවත් නොලැබෙන ඈත ගම් දනව්වල දුෂ්කර ගමනක යෙදෙන හිමිවරු නිසයි. මේ හාමුදුරුවරුන් සුර සැප විඳිනවා හැර මොකක්ද අර ආගම වෙනුවෙන් කරන්නේ... ළඟට එන වංචාකාරයින්ට උඩගෙඩි දීමයි. ආගම වෙනුවෙන් කඩේට වඩින්න. හොරුන්ට චරිත සහතික දෙන්න එපා. එක හාමුදුරු කෙනෙක් හිරේගියේ ආගම වෙනුවෙන්ද? ඒක හරිද? හතර වටේම නායක හිමිවරු ඉන්නවා. ආගම විකුණගෙන කෑම හොඳ නැහැ. කුමක්ද ගත්ත පියවර? මේ ගෝඨාභය නම් මාර නුවණැත්තෙක්...
බුදුහාමුරුවන්ගේ අනුශාසනය වන්නේ දහම තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. උපාලි හිමිගේ දහම තේරෙන්නේ උන්වහන්සේ කියන පාලකයින්ට පමණයි.
ලංකාවේම ප්‍රඥාව තියෙන්නේ මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ කට්ටියට විතරයි කියල හාමුදුරුවෝ දැනගෙන තියෙනවා. සාධු! සාධු!! සාධු!!!
හිටලරුත් මහා ප්‍රඥාවන්තයෙක් ඒ වුනාට සමූල ඝාතකයෙක්.අපිටත් ඕන ප්‍රඥාවන්ත හිට්ලර් කෙනෙක් සුදු වෑනුත් එක්කම. මැරිල ඉපදිච්ච එව්වන්ට කියන බැණ,
මේ පිංකම පෞද්ගලික පින්කමක් නේ. එහෙ සිද්ද වෙච්ච දේවල් මෙහෙ දැනගත්තේ කොහොමද? ඒකියන්න අඟේ ඉදන් කණ කන එවුනුත් ඔය පින්කම් පොලේ ඉඳල තියනවා. කවුරුහරි බල ලෝභයෙක් ...........
මෙතුමා අග මුල පටලවාගෙන වගෙයි පෙනෙන්නේ. අනුනායක හිමියන්ගේ අනුශාසනාවේදී උන්වහන්සේ " මේ රට හදන්න හිට්ලර් කෙනෙක් වෙලා හරි හමුදා පාලනයක් ඇති කරගෙන හරි කටයුතු කරන්න කියලයි මහා සංඝ රත්නය අනුශාසනා කරන්නේ " කියල පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශය කලේ "කලේපෞද්ගලික අනුශාසනාවකදී" නම් එම පෞද්ගලික වැඩ සටහනට මාධ්‍ය ගෙන්වා ගත්ත එක මෝඩ වැඩක් නේද? එදා උන්වහන්සේ ඒවගේ අනුශාසනාවක් නොකලානම් අද මේවගේ ජංජාලයක් ඇතිවී ජනාධිපති අපේක්ෂාවට කන කොකා හඬලන තරමේ වාතාවරණයක් උද්ගත වෙන්නේ නැහැ. රටේ ජනතාවට උන්වහන්සේ කල ප්‍රකාශය තේරුම් ගැනීමේ අපහසු තාවයක් නැහැ. නමුත් උන්වහන්සේ ඒවගේ දෙයක් වදාළේ වෙනත් දෙයක් හිතේ තියාගෙන කියා වටහා ගැනීමට හැකිවන තරමේ දිව්‍යඥානයක් ඇති කෙනෙක් අද ඉන්නවායයි කිව හැකිනොවේ. දැන් වෙලා තියෙන්නේ කට වරද්දාගෙන සිද්ධ උන අලාභය පිරිමසාගන්න කරන උත්සාහය නිසා එම සිද්ධියට තව තවත් ප්‍රචාරයක් ලැබීමයි. මේ බොහෝ අදහස් වල අඩංගුව ඇත්තේ අනුනායක හිමියන්ගේ ප්‍රකාශයේ ඇති බැරෑරුම් කම පිළිබඳවයි. එම තොප්පිය වෙනත් අය අශාවෙන් පළඳවා ගන්නේ මොකද කියන එකත් තව ජංජාලයක්.
ඔව්
කොන්දක් නැති නායකයන්ගේ අනුගාමිකයෝ බයවෙලා වගේ...
සිංහලයන්ට තේරුම් ගන්න බැරිවුණු අනුනාහිමිගේ බණ අපේ මරික්කාර් මන්ත්‍රීතුමාට තේරුණා. සිංහලයෝ තමන්ගේ ආගමික නායකයන්ට මෙහෙම කියන විදිය ගැන කණගාටුයි.
ඔබතුමා හිට්ලර් කළා වගේ වැඩ කලින් කළාද? සංඝයා වහන්සේට වචන පැටලිලා වත්ද? කෙසේවෙතත් හිට්ලර් වගේ කෙනෙක් නම් අපිට එපා. හොරකම, වංචාව, බල තණ්හාව, බොරුව නැති දක්ෂ පාලකයෙක් අපේ රටට ඉතා ඉක්මණින් බිහිවිය යුතුයි. නැතහොත් අපේ රටත් ඉතා ඉක්මණින් මිහිපිට තිබෙන අපායක් බවට පත්වෙන කාලය වැඩි ඈතක නොවෙයි.
මේවා මේ කලින් ලැහැස්ති වෙලා කරන සම්මුඛ සාකච්ඡා.. අනුශාසනාවක් කළේ පුද්ගලික තැනක වුවත්, පුද්ගලිකව වුවත් ඒ දේ මේ රටේ අනාගතය සම්බන්ධව කරන ලද භයානක සහ මිනිසුන් භීතියට පත් කරන ප්‍රකාශ නම්, දේශපාලනික ප්‍රකාශ නම්, හාමුදුරුවන්ගේ කටයුත්තට එහාගිය ත්‍රස්තවාදී අන්දමේ ප්‍රකාශනම්, ප්‍රජාන්ත්‍රවාදී පැවැත්ම, ජනතා අභිලාෂයන්ට හානි පමුණුවන ප්‍රකාශ නම්, ප්‍රඥාවන්තයන් විසින් එය ලත් තැනම ලොප් කරනවා. මෝඩ, තණ්හාවෙන් අන්ධවුවන්, පීඩකයන් විසින් දොහොත් මුදුන් දී පිළිගන්නවා. වැරදි ප්‍රකාශ කළා.. ඒ අනුව වැඩකළ ප්‍රභාකරන්ටත්, විජේවීරටත් මේ රටේ ඒ දේමවුණා. ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම අනාගත පරපීඩකයින්ටත් ජනතාව එලෙසින්ම සලකාවි.
හමුදාවෙන් යුද්දෙට බයේ පැනලා ගිහින් ඇමරිකාවේ පරිගණක දත්ත ඇතුළු කරන්නෙක් විදියට ඉඳල අයිය නිසා ඇවිල්ලා තව අවුරුදු දෙකක්ම ජනාධිපති වෙලා ඉන්න තිබ්බ අයියාවත් සුදු වෑන් ම්නිමරුම් නිසා පරාද කරගෙන දැන් එනවා අපිට ප්‍රඥාව ගැන උගන්නන්න.
බුදුහාමුදුරුවන්ගේ අනුශාසනය වන්නේ දහම තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. උපාලි හිමිගේ දහම තේරෙන්නේ උන්වහන්සේ කඩේයන පාලකයින්ට පමණයි. දළදා මාලිගාව ඉදිරිපිට එදා කළ දේ නොතේරුණු මේ වගේ රැලකට අනුනාහිමියන්ගේ අනුශාසනය හොදට වැටහෙන්න ඇති...
මේ නායක හාමුදුරුවෝ ධර්මඅශෝක අධිරාජයා හරි, මහා පරාක්‍රමබාහු රජතුමා හරි එහෙම නැත්නම් ලී ක්වාන් යු හරි, මහතීර් මොහොමඩ් හරි උදාහරණයට ගන්නේ නැතිව හිට්ලර්ව ගත්තේ ලොකු අර්ථයක් ඇතුවයි මගේ හිතේ... උන්වහන්සේ දන්නවා ගෝඨාභය බැරි වෙලාවත් ජනපති වුනොත් ඔය චරිත හතරෙන් එකකටවත් සමාන නොවන බව.... හැබැයි අනිවාර්යයෙන්ම තවත් හිට්ලර් කෙනෙක් මේ රටේ නිර්මාණය වන බව වගේම රටට විශාල විපතක් සිදුවන බවත් ඒක වළක්වා ගැනීමේ අරමුණින් හා අනාගතයේ එවැනි අනතුරක් ඇති වුවහොත් මම කළින්ම මේක වෙනබව කිව්වා කියලා තමන්ගේ නිවැරදි භාවය ගැන කථා කරන්න උන්වහන්සේට පුළුවන් විත්තිය අවබෝධ කරගෙන තමයි මේ ධර්ම දේශනාව කරලා තියෙන්නේ. ඒක නොදන්නා අනුවණ දනා උන්වහන්සේට චෝදනා කරති.
වැදිබණ නොකියා අවභාවිත කර තිබෙන මුදල් වංචාවන්ට මුහුණ දීලා නිර්දෝෂීභාවය ඔප්පු කර පුලුවන්නම් බේරෙන්න බැලුවොත් ඇඟට ගුණයි කියායි.... මට නම් හිතෙන්නේ..
එ්ක ඇත්ත !. අනුශාසනාවක් කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි? ඔබතුමා සිතන්නේ ඔබ ප්‍රඥාවන්තයකු කියලද? ඔය වගේ අනුශාසන අපට නොතේරුණාට දැන් ඡන්දයක් තිබ්බා නම් බලාගන්න පුළුවන් මෝඩයන්ගේ හැටි. අනික මේ දැන් මරණාසන්න මොහොතට ආවා නම් නම්, බලාගන්න පුළුවන්... යුද්ධයට අණ දුන් විපාකයට විඳින දුක...
අනුශාසනය කරන්නාත් ප්‍රඥාවන්තයෙක් වීම සුදුසුයි නේද? එක්කෝ මේ හාමුදුරුවෝ හිට්ලර් ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් බුද්ධ ධර්මය දන්නේ නැහැ. හිට්ලර් කියන්නේ ජාතිවාදී උම්මත්තකයෙක්. යුදෙව්වන්ව මිලියන ගණනින් සමූල ඝාතනය කෙරුවා. දැන් ඕනෑ වෙලා තියෙන්නේ සුළු ජාතීන්ව ඝාතනය කරවන්නද? අපොයි, ශාසනයට ගිය කලක් ! මෙහෙම නායක හාමුදුරුවරුන්ගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න අමාරුයි!
තස්ත්‍රවාදීන් වෙනුවෙන් වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් දාලා කියලා දවස් කීපයකට කලින් පුවතක් පළවුණා. බොහොම ස්වල්ප දෙනෙක් අදහස් පල කළා.. රට වෙනුවෙන්... මේ කමෙන්ට් බලකාය එදා නිවාඩු ගිහින් ඉන්න ඇති.. මහත්වරුනේ ඇත්ත තිත්තයි..
"බමුණන් ගෙන් දුලද - වැඩක් වූයේ ලොවට කිකලද?" (බුදුගුණ අලංකාරය)
අනේ ; ඔය මහණුවන දැන් ඇතුන් ලවා වත් අද්දන්න බැරි වෙයි. තමන්ගේ ගෙදර සාමාන්‍ය අවස්ථාවකදී වෙච්ච කතන්දර මේ ලෝකේ හැම මුල්ලකම ඉන්න අපි දැනගත්තේ කොහොමද. නුවන එකෙන්ම පේනවා නේද. අද ඇවිල්ල තියෙන්නෙත් ඔය බොහොම නුවණ ඇති වැඩක් කරලා එකට සාක්කි කියන්නනේ. ලැජ්ජයි.
මෙන්න කියුම්.. ධම්මචක්ක සූත්‍රයේ " පඥා උදපාදි " කිව්වෙ මේකට වෙන්නැති.
සිදුහත් කුමරු බුදුවන බව කීවෙත් බමුණෝ තමා...