IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අනියම් පෙම්වතියගේ ගෙල කපා පෙම්වතා දිවි නසාගෙන

බන්දු තඹවිට


වසර ගණනාවක සිට පැවති අනියම් පෙමට පිටු පෑ පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ වැලිපැන්නේ පුද්ගලයකු පසුව විස පානය කර මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වැලිපැන්න , ඉදිගස්තුඩුව ප්‍රදේශයෙන්  ඊයේ (17) වැනිදා මෙම ඝාතනය සිදු වී ඇති අතර ඝාතනයට ලක්ව  ඇත්තේ ඉදිගස්තුඩුව සිහිලැල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි කත්තිරපුර සුරංගිකා චතුරාණි  නමැති 38 හැවිරිදි දෙදරු මවකි.

එම  කාන්තාව සිය විවාහක සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති අතර විදෙස් ගතව සිට මීට මාස හතරකට පමණ පෙර මෙරටට පැමිණ 16 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුතා සමග සිහිලැල්තැන්න ප්‍රදේශයේ හිතවතියගේ නිවසක කොටසක පදිංචි වී සිට ඇති බවත් පොලිස් පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

ලංකාවට පැමිණි  ඇය ඝාතනය කළ 34 හැවිරිදි පෙම්වතාගේ පෙම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම දෙදෙනා අතර යම් අමනාපයක් ඇතිවී තිබී ඇති අතර සිද්ධිය  වූ දින උදැසන කාන්තාව පදිංචි වී සිටි නිවසට පැමිණි පෙම්වතා සමග ඇතිවූ බහිම්බස් වීමක් ආරවුලක් දක්වා දුරදිග ගොස් එම නිවසේ මුළුතැන්ගෙයි තිබු පිහියකින් ගෙලට පහරදීම නිසා මෙම ඝාතනය සිදුවී ඇති බවට අසල්වැසියන්,ඥාතීන් සහ එම නිවසේ පදිංචි කරුවන්ගෙන් පොලිසිය ලබාගත්  සාක්‍ෂි වලින් අනාවරණය වී ඇත.

මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව එම නිවසට මීටර් 100 ක පමණ දුරකින් පිහිටි වෙළඳ සලක් අසළට ගොස් කිසියම් වස වර්ගයක් පානය කළ ඝාතකයා  ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කළද නාගොඩ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඉදිගස්තුඩුව පදිංචි ප්‍රනාන්දු බන්දුල එරංග නමැති 34 හැවිරිදි අයෙකි. සිව් දරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ දරුවන් සමග ඔහුගෙන් වෙන්ව ජීවත් වන බවද හෙළිවී ඇත.

එම කාන්තාවට පිහියකින් පහරදෙන අවස්ථාවේදී ඇය බේරා ගැනීමට තැත්කිරීම නිසා අයගේ 12 හැවිරිදි පුතා සහ එම නිවස හිමි කාන්තාව තුවාල ලබා දර්ගානගරය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මතුගම වැඩබලන මහේස්ත්‍රාත් බී.වී විජේසේන මහතා ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත දේහය නාගොඩ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්  සිදුකරන ලෙසත්,මෙම සිද්ධියට අදාළ සාක්‍ෂි අප්‍රියෙල් 03 දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.



අදහස් (0)

අනියම් පෙම්වතියගේ ගෙල කපා පෙම්වතා දිවි නසාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site