(දයාරත්න ඇඹෝගම)
අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසට එල්ල කළ ප‍්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ බව කියන එජාප අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි චන්දිම ගමගේ මහතා ඇතුළු පිරිස අත් අඩංගුවට නොගන්නේනම් එළබෙන සඳුදා කැකිරාවේ පිහිටි මන්ත‍්‍රිවරයාගේ නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා අනුරාධපුරයේදි පැවසිය.
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් කැකිරාව නගරයේ සිසුන් දැණුම්වත් කිරිම සදහා අත්පත‍්‍රීකා බෙදමින් සිටි අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසකට කැකිරාව නගරයේදි පහර දිම සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේදි පැවති මාධ්‍ය සාකච්ජාවකදි ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා අද (20) මේ බව පැවසිය.
අද (20) දින කැකිරාව නගරයේදි මැරයන් සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බව ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසිය.
මෙහිදි සිසුවියන් පස් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කර තිබුණි.
“සිද්ධිය වන අවස්ථාවේ කැකිරාව ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රිවරයෙකු වන අශෝක ගුණසිංහ යන අයගේ කැබ් රථයත් තිබුණා. ඔහු චන්දිම ගමගේ මහතාගේ ගෝලයෙක්.මෙම පහරදිම පසුපස චන්දිම ගමගෙ මහතා සිටිනවා.එම නිසා අපි බලකර සිටිනවා මන්ත‍්‍රිවරයා ඇතුළු මෙම මැර පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.අපි සියලූ විස්තර වාහන අංක සියල්ල කැකිරාව පොලිසියට ලබාදි තිබෙනවා.“යැයි ඒ මහතා පැවසීය.
COMMENTS
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු සිසුන් යැයි කියා ගන්නා පිරිස අත් අඩංගුවට ගෙන හිරේ දමන්න.
නැවත 88/89 භීෂණය ඇති කරන්න හදනවා වගේ. ගෙවල් වට කරන්න අන්තරේට තිබෙන බලය මොකක්ද ?
තමන්ටම වෙඩි තියා ගත්තු, නඩු දාන්න සයිටම් එකට ගිය අයව මුලින් අත්අඩංගුවට ගන්න.... ඒවට කොන්දක් නෑ. මොකද සල්ලි කුට්ටි ඉස්සරහ ඔක්කොම අවුල් වෙනවා.
අන්තරේ සිසුන්ට තියා කිසිම අයෙකුට පහර දෙන්න මන්ත්‍රීට තියෙන අයිතිය කුමක්ද? මෙතන උද්ඝෝෂණ, පිකටින් හෝ සමාජ විරෝධී දෙයක් සිදුවෙලා නැහැ. අත් පත්‍රිකා බෙදීම වරදක් වන්නේ කෙසේද? කොහොමත් සයිටම් පිළිබඳව, සයිටම් පවත්වාගෙන යාමට මන්ත්‍රීන් ඇතුළු පිරිස් දතකන්නෙ මන්ද? ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පරිසරයට සයිටම් වැන්නක් නොගැලපෙන්නේ මන්ද යන්න පිළිබඳව ජනතාව් දැනුවත් කලයුතුයි. ලංකාවේ මිනිසුන් මංත්‍රීන්ට පහරදී එලවිය යුතු සමයක, මන්ත්‍රී අනුමැතියෙන් කළ පහරදීමක් සාධාරණය කරන්නෙ ඔහුගේ හෙංචයියන් විසින්මද?
කෝටි ගණන් පාඩු පිට දුවන, ඒ වගේම කෝටි ගානක් ණය ගෙවන්න තියන අවධිමත් රෝහලක් ආණ්ඩුවට පවරාගෙන එහි පරිපාලනයත් ණයකාරයාටම භාර දෙන්න හදන්නේ නම් ශිෂ්‍යයන් පමණක් නොවෙයි, මුළු මහත් ජනතාවම මෙයට විරෝධය දැක්වීම සාධාරණයි!
අන්තරේට සම්බන්ද කඩාකප්පල්කාරීන්ගේ ශිෂ්‍යභාවය තහනම් කල යුතුයි. මොවුන්ගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට බලදාරින් කටයුතු නොකරන්නේ ඇයි.
ශිෂ්‍යයිනි ප්‍රථමයෙන් අධ්‍යාපන කටුතු කරන්න. දේශපාලනට ඉන්පසු එන්න. ලැබී ඇති නිදහස අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. අවස්ථාවාදී දේශපාලුවන්ට පක්ෂ වලට රැවටෙන්න එපා. ඔබේ අනාගතය රැකගන්න.
ඔය අන්තරේ නිසා අහිංසක ඉගෙනීමට ලැදි බොහෝ දුෂ්කරතා ඇති සිසුන් කීදාහකට සරසවි වරම් ලැබිලත් එය කඩාකප්පල් වී යන එන මං නැති වුනාද? මේ අයව අල්ලලා හිරේ දාලා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න.
දේශපාලන වහල්ලුන්ට දැන් රිදිලා ප්‍රතිචාර කරයි.
අන්තරේ නම් තියන්න සුදුසු එකක් නෙමෙයි. වහාම මේවා අයින් කරන්න ඕනෑ...