IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අන්තරේ විරෝධතාව නිසා පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි

(ඉෂාන් සංජීව)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ශිෂ්‍ය විරෝධි පාගමන  මීට සුළු  මොහොතකට පෙර  පාර්ලිමේන්තු සංකීර්ණයට පිවීසීමට කළ උත්සාය වළක්වමින් මේ වන විට  පාර්ලින්මේන්තු   මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

කැරලි මර්ධන ඒකකය ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යොදා එහි තත්ත්වය පාලනයට පියවර ගෙන ඇත.ගැටුම්කාරි අවස්ථාවක් ඇති වුවහොත් පාලනය සඳහා පොලිස් කොස්තාල්වරියන්ද යොදවා තිබේ.

සිසුහු 5000 ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටිති.

 අද දහවල් සෞන්දර්ය විශ්ව  විද්‍යාලය අසළින් මෙම විරෝධතා පාගමන ඇරැඹිණි.

මේ අතර  පාර්ලිමේන්තුවට යාම සඳහා පැමිණි  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවට යාමට නොහැකිව  සිය වාහනයෙන් බැස  ප්‍රධාන මාර්ගයෙන් ඉවත්  වී  පයින් ගමන් කරන්නට සිදු විය. එම අවස්ථාවේ ඡායාරූප ද මෙහි දැක්වේ.

(අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  සිය වාහනයෙන් බැස මාර්ගයෙන් ඉවත් වී ගමන් කළ අයුරු)

්‍



අදහස් (7)

අන්තරේ විරෝධතාව නිසා පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි

Jehaan Wednesday, 13 March 2019 10:47 AM

සරසවියේ හරියට ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ, පාරේ මහජනයාට අවහිරයක් නැතිව යාමකුත් නැහැ, බදු ගෙවන මිනිස්සුන්ගේ මහන්සියට වෙන දෙයකුත් නැහැ. මේ ළමයින්ගේ ගෙවල්වල වැඩිහිටියන්ට මොලයක් කියලා දෙයක් නැද්ද තමන්ගේ ළමයාව සමාජ විරෝධී වැඩ කරනකොට මේච්චල් කර ගන්න බැරි ? මෙතන ඉන්න චන්ඩි ගැහැණුලමයිව අනාගතේ භාරගන්න පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි. දියව් දියව් කියලා මගුල් දවසෙම කස්තිරම් අල්ලයි.

:       72       326

RaveendraWednesday, 13 March 2019 11:25 AM

Jehaan ඔබගේ නිවැරදි නිදහස් අදහස් අප අගය කරන්නෙමු. අපගේ මෙම අදහස් වලට වැඩි පිරිසක් විරුද්ධ වනු ඇත. අපගේ දෙමව්පියන්ටද පින් අනුමෝදම් කරනු ඇත. නමුත් කිවයුතුදේ කිවයුතුය. මේ දරුවන් අපරටේ ඉන්න උගත්, බුද්ධිමත් දරුවන් යයි අප කිසිවිට විස්වාස කරන්නේද පිළිගන්නේද නැත. අප විස්වාස කරන එකම එක දෙයනම් මේ දරුවන් සියල්ලෝම කිසිදු පෞර්ෂයක් නැති එසේ නැත්නම් කොන්ද පණනැති පිරිසක් බවය. එසේ නොවේනම් අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න අන්දරේලාගේ පබයන් වන්නේ කෙසේද ?

:       76       239

HRWednesday, 13 March 2019 12:10 PM

කොන්ද පණ ඇති ඔබලාට මෙය නැවැත්විය නොහැකිද ..?

:       5       39

ධනුෂ්කWednesday, 13 March 2019 02:14 PM

රවින්ද්‍ර මහත්තයෝ ඔබ නිතරම පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් කියලා කියනවා. හැබැයි ඔවුන්ගේ වැඩ වලට විරුද්ධව කවුරු හරි පාරට බැස්සොත් ඔවුනුත් හරක් ගාණට දානවා. මෙතන දියව් දියව් කියලා විතරක් නොවේ තිබෙන්නේ. වරෝධතා පුවරු හොඳට බලන්න. ඔබ පාලකයන්ට විරුද්ධව හැංගිලා අදහස් දැම්මට... මේ රටේ පීඩනයට පත්වූ උගත්, බුද්ධිමත් දරුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නෑ. ඔබට පුලුවන්ද එහෙනම් දරුවන් නැතුව වැඩිහිටියන් රැස් කරගෙන පාලකයන්ට විරුද්ධව මෙහෙම දෙයක් කරන්න. හැංගිලා සියල්ල විවේචනය කිරීම ඔබේ පෞරුෂයද? මම දැක්කා රවුෆ් හකීම් මහතා කියලා තියනවා සමාජ අසාධාරණයට විරුද්ධ නොවෙන තරුණයෙක් ඉන්නවා නම් ඔහු බියගුල්ලෙක් හෝ රෝගියෙක් කියලා.

:       0       40

ධනුෂ්කWednesday, 13 March 2019 02:34 PM

ජෙහාන් ඔබ මේ රටේ පාලක පැලැන්තියේ කෙනෙක්නම් ඔබ සාදාරණයි ඔබට මෙය සමාජවිරෝධි දෙයක්. අපේ රටේ දෙපැත්තෙම පාලකයෝ කරන ජනහිතකාමි, දෑහිතකාමි, සමාජහිතකාමි වැඩපිලිවෙට එරෙහි සමාජ විරෝධි දෙයක්. හැබැයි මේ රටේ පාලකයන් නිසා පීඩනයට පත් වූ පහල පන්තියේ හා මැද පන්තියේ ඉන්න මේ රටේ අර්බුධය පිළිබඳ අවබෝධක් හා දැනුමක් බුද්ධියක් අැති ජනතාවටනම් එහෙම නෑ. ගොඩක් අයගේ මතය මේ රටේ සමාජ අසාධාරනවට එරෙහිව තරුණ මැදිහත්වීම මීටත් වඩා අවැසි බවයි. මොකද වැඩිහිටියෝ මේවාට මැදිහත් වීම අවමයි. ගොඩක් අයට මෙතන ගැටළුව මේක අන්තරෙන් කරන එක. කවුරු හරි රට නිවරදි කරන්න පෙරට එන්න වුවමනයි නේද. නැත්නම් දිගටම මෙහෙම ගියොත් කොතනින් කෙලවර වෙයිද?

:       0       57

mendis Wednesday, 13 March 2019 10:55 AM

මේ මන්ත්‍රීලා ඉදල හිටලා පයින් ගමන් කරන එක ඒ අයගේ සෞඛ්‍යට යට හොඳ බවයි මගේ අදහස.

:       6       3

Bamunuarachchi Friday, 15 March 2019 10:46 AM

ඔන්න පෙනෙනවා නේද? කලබල අවස්ථාවකදී දේශපාලකයෝ කැලේ පැන හැන්ගෙන හැටි. ඉතින් අහන්න ඕනෙද යුද්දය කාලේ කොහෙද හිටියේ කියලා. ඒකාලේ හැංගිලා සිටි තැනින් එලියට ආවාම උතුර දකුණ මාරුවෙලා. මේ ගොයියා මම නම් කොල්ලෝ ඉන්න පැත්තට පෙනෙන්න ගිහිල්ල නුඹලාගේ සටනට ජයවේවා කියල වාහනේ නැගලා එනවා. 1952 මේගොල්ලන්ට රටේ කලබල වෙලාවේ බඩේ අමාරු හදුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site