ඉන්දිකා රාමනායක
සරසවි විෂය මාලාවෙන් බුද්ධ දර්ශනය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධාතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් හටගෙන ඇත බව පොලිසිය පවසයි .
මෙම විරෝධතා පාගමන පස්වරුවේ සෞන්දර්ය විශ්ව විද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට ගොස් නැවත පුරහල වෙත පැමිණ ඇත.
විරෝධතාකරුවන් උපවාසයක් පැවැත්වීම සඳහා පුරහල බැප්ටිස් දේවස්ථානය අසල අට්ටාලයක් ඉදිකරමින් පවතියි.
(ඡායාරූප- ගයාන් අමරසේකර)



COMMENTS
බුද්ධ දර්ශනය තියෙද්දීත් මේ හාමුදුරුවරු මෙහෙම නම් අපි බලමු බුද්ධ දර්ශනය නැතිවුණාම මේ හාමුදුරුවරුන්ගේ හැසිරීම් රටාව කොහොමද කියලා.
විශ්ව විද්‍යාල කොමිසම වෙනත් කොහේ හරි පාලු ඈතකට අරන් යන්න. එතකොට උද්ඝෝෂණ කළාට හානි නැහැනේ. වැඩ කරන අයට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න... නැත්නම් ලෙඩෙක්වත් අරන් යන්න බැහැ.
තිබුණා කියලා අපිට නම් කිසිම වෙනසක් සමහර පාර්ශවයින්ගේ හැසිරීමේ පේන්න නැහැ.
බෞද්ධ දර්ශනය විෂය ආරක්‍ෂා කරන්න මෙහෙම හාමුදුරුවෝවත් පාරට බැස්සේ නැත්නම් මේ රජයේ නොපනත්කම්වලට කතා කරන්නේ කොයි දේශපාලකයාද?
බුද්ධ දර්ශනය අයින් කරලා බුද්ධි දර්ශනය ඇතුළත් කළොත් මේ අයට මොලේ පෑදෙයි.
බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයට එන්නම ඕන නෑ. අනික වඩා වැදගත් වෙන්නේ ධර්මයට අනුව ජීවත්වීම මිස වනපොත් කරන එක නෙවෙයි. බෞද්ධ දර්ශනය හැදෑරීමට ඇතුළු කර ගන්නා සිසුන් අඩුයි නම් එය සාකච්ඡා කළ යුත්තේ ඔය මහෝපාධ්‍යය වහන්සේ සමඟ හා පීඨාධිපතිවරු සමඟ. එහෙම නැතුව පාරේ ඉන්න මිනිස්සු එක්ක නෙවෙයි.
මේ භික්ෂූන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ශනය ගැනත්, සටන් පාථ ගැනත් ඔබට බොහෝ දේ උගත හැකියි.
උඩ අදහස් දාලා තිබෙන අය ගොඩක් අබෞද්ධ අය වෙන්නැති. මම යෝජනා කරනවා සියලු දේවවරම්වාදී අගම්වලද අාරම්භයේ පටන් ඉතිහාසය. එ්වාගේ සිදුවූ වෙනස්කම් අාදිය සියලු දෙනාට ඉගැන්විය යුතුය. ලෝකේ තැටියක් කියපුවා. ඉර ලෝකේ වටා කැරකෙනවා කියපුවා. අැත්ත කියපු නව සොයා ගැනීම් කල අය මරපුවා ඉගැන්විය යුතුයි. භෞතිකවාදයත් ඉගැන්විය යුතුයි. වෙන මොකුත් නිසා නොවේ... මිථ්‍යා දෘෂ්ඨික දේවවරම්වාදයෙන් මිනිසුන් ගලවා ගැනීමට... එතකොට මිනිස්සු තේරුම් ගනීවි දෙවියන් පෙන්නලා මිනිස්සු රවටලා ගොතාපු බොරු බේගල් තේරුම් ගනීවි...
බෞද්ධ දර්ශනය කියන්නේ විශ්වයේ තියෙන සත්‍යවාදී එකම විද්‍යාවයි. ඉතින් මේක විෂය පථයට අඩංගු කරන්නේ නැතිව බුද්ධාගම ගැන වෙන මොනවා උගන්වන්නද? ඇත්තටම බෞද්ධ දර්ශනය වෙනුවට බෞද්ධ විද්‍යාව කියල යොදන්නත් පුළුවන්.
සියලුම බෞද්ධ භික්ෂුන්වහන්සේලා ත්‍රිපිටකය ඇතුළුව ථෙරවාදී බෞද්ධ දර්ශනය හැදෑරීම අනිවාර්ය කලයුතු කාලයක එය සරසවි විෂය මාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම කිසිසේත්ම නොකළ යුතුය. අද දවසේ අසංවිධානාත්මක ධර්ම දේශනාවලින් බෞද්ධ ජනතාව අතර මිත්‍යා අදහස් පැතිරයමින් පවතී. අවම වශයෙන් උපසම්පදාව ලබන භික්ෂුන්වහන්සේ ත්‍රිපිටකය සහ දර්ශනය හදාරා තිබිය යුතුය. නැවත ඉපදීම පිළිබඳව වූ විඥානවාදයේ හරයට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කල 21 සියවසේ මහා ප්‍රඥයා ලෙස සැලකෙන ස්ටිවන් හොකින්ස්ගේ කියවීම් සහ ලිවීම් අපට නොසලකා සිටිය නොහැකි බැවිනි.