(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ඉෂාන් සංජීව)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය.

ඔහු සහ තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයකු අද පෙරවරුවේ කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එම ස්ථානයෙන් පිටවෙද්දී පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුගිය 21වැනිදා කොළඹ වෝඩ් පෙදෙස සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් මොරටුව විශ්ව විද්‍යාලයේ ෆයිසාල් අහමඩ් සිසුවා ද ලබන ජූලි 5 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.