(අනීෂා මානගේ)
බෙලිඅත්ත කම්බුස්සාවල දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරකම් කරන ලද ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරකම්කරන ලද ඩීසල් ලීටර දෙසීයේ බැරල් එකක් හා ලීටර විස්සෙහි කෑන් හයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිවේගී මාර්ග වැඩබිමෙහි සේවයේ යොදවා ඇති වාහන වල රියදුරන් සමඟ එක්ව ඔවුන්ගෙන් අඩු මිළට ඩීසල් මිලදී ගෙන අලෙවි කිරීමේ නිරත වී සිට ඇති බවට පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.