(සනත් ගමගේ / චන්ද්‍රසේන ගමගේ)
තංගල්ලෙන් පසුගිය 7වැනිදා උදේ පිටත් වී අධිවේගී මාර්ගයෙන් කොළඹ දක්වා ධාවනය කිරීමට ගිය ලංගම බස් රථයේ රියදුරු බිමතින් සිටි බව කියා ගන්දර දී පොලිසිය මගින් රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සිටි තමන් අතරමංවූ බව මගීහු පවසති.
රියදුරු මත්පැන් පානය කර ඇති බව පවසා බස් රථයට ගොඩවූ පොලිස් නිලධාරියෙක් බස් රථය පොලිසියට රැගෙන යෑමට එය පණ ගන්වන විට මගීන් කලබලයට පත්වී ඇති අතර මහරගම පිළිකා රෝහලට රෝගීන් බැලීම සඳහා යන මගීන් ඇතුළු විවිධ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන පිරිස් එහිදී අපහසුතාවයට පත්වූ බව කියති.
පොලිස් නිලධාරීන් මගීන්ගේ විරෝධය නොතකා මගීන්ට බැන වදිමින් බස් රථය පොලිසියට ගෙන යෑමට උත්සාහ දැරූ බවත් පසුව අතරමංව සිටි මගීන්ට මුදල් ගෙවා වෙනත් බස්වලින් පිටත් කෙරුණු බව වාර්තා වේ.
මත්පැන් පානය කර ඇතැයි කියන රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මගීහු පොලිසියට සිය ප්‍රසාදය ද පළ කළ නමුත් ඒ සම්ම්බන්ධව පොලිසිය දැක් වූ අකාරුණික භාවය ගැන මගිහු පොලිසියට චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ බස් රථයේ රියදුරු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බීමතින් සිටි බව අනාවරණය වී ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබී ඇති බවයි.
මගී ජනතාවට සිදු වී ඇතැයි කියන අපහසුතාවය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගෙන් වරදක් සිදුවී ඇත්දැයි සොයා බලන බවත් ඔහු කීය.
අධිවේගී බස් රථය අයත් රත්මලාන ඩිපෝවේ අධිවේගී මාර්ග ඒකකයේ කළමනාකරු විජිත ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රියදුරු ඊට පෙර දින රාත්‍රි මළ ගෙදරකට සහභාගී වී මත් පැන් පැන් පානය කර ඇති බවත් එසේ නොමැතිව උදෑසන මත්පැන් පානය කර බස් රථය ධාවනය නොකළ බවත් ය.



COMMENTS
පොලිස්පති තුමාගේ භාවනා උපදෙස් වලින්වත් පොලිසියට නිවැරදි දැක්මක් ලැබිලා නැද්ද? ඇයි අධිවේගී මාර්ගයේ අතර මැදදී මෙහෙම පරීක්ෂා කරන්නේ. වෙනත් පාරකදී වගේ ඕනේ තරම් වෙන බස් එන්නේ නැහැනේ මිනිස්සුන්ට ඒවායේ හරි යන්න. පොලිසිය කරන්න ඕනේ මේ බස් පිටත් වෙන ස්ටෑන්ඩ් වලදී බස් එක පිටත් වෙන්න ඉස්සර රියදුරුව පරීක්ෂා කරන එක. එහෙම කරනවා නම් මෙහෙම අවුල් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා පොලිසියට මොලේ පහල වේවා.!!!
ලංකාවේ රියදුරු වෘත්තියට පවතින වැටුප් හොඳටම මදි. ඒ නිසා රියදුරු රැකියාවට එන්නේ වෙන කිසිම රැකියාවක් හොයාගන්න බැරි නූගත් මෝඩ බේබද්දොයි, කුඩුකාරයොයි තමයි.
මේ අධිවේගයේ රියදුරන් හරි නපුරු මිනිස්සු. බලන්න ඕනේ යන වේගේ. කිසිම දෙයක් වෙන රියදුරන් ගැන හිතන්නේ නැහැ. සේරම අය එක වගේ. බොරුනම් මේ වෙලාවේ ගිහින් බලන්න., කොච්චර වේගෙන් යනවද කියලා.
රෑට මල ගෙවල්වල නිදිමරලා උදේට බස් පදවන එකත් වැරද්දක් තමයි.
ගන්දර තියෙන්නේ දහම් මාතරට කලින්... අධිවේගයේ මැද නෙවෙයි...
සංගීත සංදර්ශන තිබෙන පිට්ටනි වටේ ජීවත්වන නේවාසිකයින්ට සංදර්ශනේට පහුවදාට රිය පදවන්න වෙන්නේ නිදි මරල තමයි. සංගීත සංදර්ශන බැලුවත් නැතත්....
මාර්ගය අධිවේගී වුවත් නැතත් බීමතින් රිය පැදවීම සුදුසු නැහැ. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා වලට යෙදවිය යුත්තේ විනයානුකූල ශික්ෂාකාමී රියදුරන් විය යුතුය. කලින් දවසේ මත්පැන් පාවිච්චි කරපු අයෙක් තමාගේ මත නැති වනතුරු හිඳ මෙවැනි බස් රථයක් පැදවූවාට කමක් නැහැ. වෛද්‍ය වාර්තා අනුව රථ පැදවිම නිර්දේශ කල නොහැකි මට්ටමක වේනම් මොහුට නිසි දඬුවමක් ලැබිය යුතුය. බස් අයිතිකරුවන් සහ පොලිසිය කළ යුත්තේ මෙහි පළමු අදහස යොදා ඇති දහම්ගේ යෝජනාව අනුව ගමනාරම්භයේදී රියැදුරන්, ගෝලයා සහ වාහනය හොඳ තත්වයේද යන්න පරික්ෂා කිරීමයි.
මේ රටේ පාලකයින්ට ජනතාවට කරදරයක් නොවන ආකාරයට වැඩ කරන්න මොලය පහල වෙන්නේ කවද්ද?
නීතියෙන් වරදක් කළ බවට දඬුවම් කළත්, නැතත් රියදුරු මහතෙක් තම ශරීරයට අවශ්‍ය විවේකයක් ද නොමැතිව රුධිරයේ අධික මධ්‍යසාර සහිතව රිය පැදවීමෙන් මාරාන්තික රිය අනතුරකට පත්වන්නේ නොහිතූ මොහොතකය. ගමන් කරන අපට ගමනාන්තයට යාම පමාවීම කෙසේවෙතත් ඊළඟ ජීවිතයට නම් අධිවේගයන් ලඟා විය හැකිව තිබුණි. රෝහල්වල ලෙඩුන් බැලීමට යාමට සිදුවන්නේ ඊළඟ අධිවේගී බසයෙන් පව්ලේ සාමාජිකයින්ට හා නෑ හිතමිතුරන්ටය.
අධිවේගී මාර්ග ඒකකයේ කළමනාකරු වහාම තනතුරෙන් පහකල යුතුය.
පොලිසිය වැඩගැන කතාකරලා වැඩක් නැහැ, රියදුරු මත්වතුර පානය කළා නම් වැරදියි. එය මගීන්ගේ ජිවිතවලට තදින් බලපාන ගැටළුවක්... නමුත් පොලිසියට පුළුවන් ලඟම ඇති ඩිපෝවට බසය රැගෙන ගොස් වෙනත් රියදුරෙකු යොදවා බසය ධාවනය කර ඒ සඳහා එම ඩිපෝව අදාල ගමනාන්තය දක්වා බසය ධාවනය කරන්න.
සියයට අනූවක්ම ගොන් හරක් ටිකක් තමයි ඔය පුද්ගලික සහ ලංගම බස් රියදුරන් (ත්‍රීවීල් රියදුරන් ඇතුළුව) පුදුම හදිස්සියක් තියෙන්නේ මනුස්සයින්ව යට කරගෙන හරි බලන්නේ තමන්ගේ ටාර්ගට් එක හොයා ගන්න. අනික කිසිම පල පුරුද්දක් නැති උදේ පාන්දර බීගෙන ඉන්න මනුස්සයෙකුගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා කට්ටියක් තමයි ඔය මග මරු රියදුරන්... හැමදාම බැලුවොත් අනතුරු... හප්පගෙන පෙරලිලා යට කරගෙන ගිහිල්ලා කහ ඉරේ. එක්කෝ බීලා, එක්කෝ නිදි මත...
ගන්දර පොලිසියට මගේ උත්තමාචාරය, වෙනත් ඩිපෝවක (මාතර) රියදුරෙකු යොදවා බසය අදාල ගමනාන්තය දක්වා බසය ධාවනය කරානම්... ගන්දර පොලිසිය ගැන මීටත් වැඩිය ආඩම්බර වෙන්න තිබුණා... මම ඕනෑතරම් මේ බස් රථයේ ගිහිල්ල තියනවා. කොන්දොස්තර නම් හොඳ පොරක් ...!!! රියදුරු නම් හැමදාම යන එක්කෙනා නෙවෙයි.
මම නම් පොලිසියේ වැඩේ අනුමත කරනවා. බස් එකක රියදුරු බීල යන එක කී දෙනෙකුට භයානකද? විශේෂයෙන්ම අධිවේගයේ... ආදේශ රියදුරෙකු යොදවන එක සීටීබී එකට අයත් කාරියක්. මගීන්ට ප්‍රමාද වෙන එක ගැන හිතට අමාරු ඇති. එ්ත් භයානක අනතුරකට මූණ දෙනවට වඩා එක හොඳ නැද්ද? රත්මලානේ අධිකාරී නම් මෝඩ කතාවක් කියලා. කලින් දවසේද බිව්වේ කියන එක නෙවෙයි වැදගත්, මත් වෙලා හිටියද කියන එකයි.
බැලුම්බෝලෙ පුම්බලා බලන්න තිබුණානේ අනෙක ජනතාවගේ නිදහස කඩකිරීමක් බව පේනවා. මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වෙනවා. ලංගමයත් මේ වගේ වෙලාවට විකල්ප රියදුරන් යෙදවීමට හැකි වෙන්න ඕනේ...
"අධිවේගී මඟේ බසයක කබලබයක්" හප්පෝ...... මොකද්ද මේ? දන්නේ නැති නිසයි අහන්නේ ආයුබෝවන්... අධිවේගි එකේ විතරද මේවා විකුණන්නේ?