IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධ්‍යාපන වෘත්තිය සමිති ලෙඩ නිවාඩුවකට සැරසෙති

(නිමල කොඩිතුවක්කු)

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන කේෂත‍්‍රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිති එක්ව ලබන 26 වනදා ලෙඩ නිවාඩු දමා යළි දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදුකරන බවත් එදිනට මෙම සියලූ නියෝජිතයන් කොළඹට කැඳවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.


මෙම වැඩ වර්ජනය හේතුවෙන් පාසල් වාර විභාග වලට බාධා විය හැකි බැවින්  26 වන දින පැවැත්වෙන පාසල් වාර විභාග නතර කරන ලෙසට පලාත් අධයාපන ලේකම්වරුන්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ කලාප අධ්‍යක්ෂක වරුන්ට මේ වනවිට ලිඛිතව දැනුම් දි ඇති බවද ඔහු කියා සිටියේය.
 
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බඳවා ගැනිමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලූම ජාතික විභාග රාජකාරී වලින් ඉවත් වීමට ශ‍්‍රි  ලංකා අධ්‍යාපන පරිපාලන සේවය,  ශ‍්‍රි ලංකා  ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ගුරු සේවයට අදාල සියලූම  වෘත්තීය සමිති එක්ව ඒකමතිකව තීරණය කළ බවද  ස්ටාර්ලින් මහතා පැවසීය.


අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සියලූම වෘත්තිය සමිති එක්ව සිදුකල සාකච්චාවකින් පසුව මෙම තිරණයට එළැඹි බවද ඔහු කියා සිටියේය.



අදහස් (2)

අධ්‍යාපන වෘත්තිය සමිති ලෙඩ නිවාඩුවකට සැරසෙති

dinal Sunday, 22 July 2018 12:04 PM

පුවත්පතක තිබුනා රාජ්‍ය සේවා කොමිසම නැවත සමීක්ෂණයක් කරන්න තීරණය කලා කියා ඔය නුසුදුසු අයගේ ලිපිගොනු. ඒ නිසා නරකද දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොකර එම සමීක්ෂණ අවසන්වන තුරු තව පොඩ්ඩක් කල්දෙන්න.

:       0       0

රවින් Monday, 23 July 2018 02:07 AM

වර්ජනයෙන් සිසු සිසුවියන්ට පාඩුවෙන එකක් නැහැ. ටියුෂන් වලින් ගොඩ යත හැකිය. කොහොමත් වැඩිපුර ළමයින් හොඳ විභාග ප්‍රතිපල ලබන්නේ ටියුෂන් හින්දා. වෛද්‍යවරු පෞද්ගලික සායනයන් පවත්වනවා වගේ මෙගොල්ලොත් වර්ජනය අතරතුර ටියුෂන් දෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site