( තිළිණි ද සිල්වා )
අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත.
විශේෂයෙන්ම 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද බව මෙරට නිත්‍ය නියෝජිතවරයා එම කවුන්සිලයට පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වන මොනිකා පින්ටෝ විසින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (12) වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය දක්වමින් ආර්යසිංහ මහතා මේ බව කියා සිටියේය. පින්ටෝ මහත්මිය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු අතර එහිදි ඇය විසින් ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබදව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය.19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව ද ඔහු පවසයි.
විශේෂයෙන් එමගින් ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම ස්වාධීනව සිදුකිමට පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.

2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි
sisira Paris Tuesday, 13 June 2017 08:29 AM
සැකකරුවන් මාස ගනන් රිමාන්ඩ් බාරයේ තබාගැනීම රජයට පක්ෂ අය පමණක් පැය විසිහතරක් ඇතුලත නිදහස් කිරීම කිරීම මන් හිතන්නේ නිතිය හරියට ක්‍රියා කිරීම වෙන්න ඇති