(හර්ෂණ තුෂාර සිල්වා)
වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බැවින් මෙරට සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලියට විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) පැවැසීය.
තිස් වසරක සිවිල් යුද්ධය සමයේදී මෙරට සිදූ වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව ඉල්ලා සිටින්නේ පසුගිය ආණ්ඩුව සමයේදී මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම නිසා යැයි ද අමාත්‍යවරයා එහිදි කීවේය.
අපක්ෂපාතී විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසා ඇතැයි කියමින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය.
“ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් ඉල්ලන්නේ අප අධිකරණය ගැන විශ්වාසය නැති කම නිසයි. අපේ අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා ජාත්‍යන්තරයට විශ්වාසයක් නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතාගේ වසර දහයක පාලන කාලයේදී අධිකරණයට කළ ඇඟිලි ගැසීම්, අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් කරගැනීම, අගවිනිසුරුවරිය එක රැයකින් ඉවත් කිරීම, නීතිපතිවරයා ජනාධිපතිවරයා යටතට ගැනීම ආදි සිදුවීම් නිසා ජාත්‍යන්තරය එලෙස විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව කියනවා.‘‘ යයිද විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බව ෂුවර් ද ?
අධිකරණයේ ස්වාදීනත්වය ගැන කතා කරන්න මෙය කවුද?මහින්දගේ කලේ අරක වුන මේක වුන කියා කියා විරුද්ද වාදීන් දඩයම් කරමින් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.ජාතිය පාවාදෙන මේ වගේ අයට ජනතාව නිසි පිළිතුරු දෙයි ලගදීම.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී එකක් කියනවා මෙහෙ එකක් කියනවා. මෙයා හිතනවා සිංහලයෝ මෝඩයෝ කියල.
මොංගල් !!!!
අධිකරණය ස්වාධීනයි කියන්නේ බටහිර රටවල් වලට ඕනේ විදියට තීන්දු තීරණ දෙන තත්ත්වය නේ. ඒක නම් දැන් ඕනේවටත් වඩා තියෙනව.
Genewa ගිහින් එකක් කියනවා රටේ මිනිස්සුන්ට තව එකක් කියනවා. ලජ්ජා නැති, කොන්දක් නැති මිනිහෙක් .
ස්වාදීන කියන එකේ තේරුම මොකද්ද දන්නේ නැහැ?
අධිකරණය ස්වාධිනයි කියන්නේ තරුණයෙක් පහරගත්තු මන්ත්‍රීතුමියට පැය බාගෙන් ඇප ලැබෙනකොට විරුද්දවදීන්ට ඇපවත් නැතුව කූඩු කරන එකට මම හිතන්නේ..